Vaxxie එක ගත්තේ නැද්ද????
corona එන්නත
කොරෝනා සදහා එන්නතක් ලබාදීම ලංකාවේද දැන් සිදු කරමින් පවතී.
corona එන්නත දැනට ලබාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ හා කොරෝනා පැරදවීමට කටයුතු කරන අය සදහාය.
නමුත් corona එන්නත සෑම මිනිසෙකුටම ලබාදීම ඉදිරි බලාපොරොත්තුවකි.
corona virus සඳහා එන්නත් කිහිපයක් පවතී.
සමහර එන්නත් ඉතා ඉහළ තත්ත්වයේද සමහර ඒවා පහළ තත්ත්වයේද පවතී.
ලංකාවට ලබාදෙන oxford
කොවිශීල්ඩ් එන්නත මධ්‍යම හා ඉහල මට්ටමේ එන්නතකි.
මෙය අවස්ථා දෙකක දී ලබා දෙයි. පලවෙනි මාත්‍රාව ලබා දී මාසයකට පසුව දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසුව උවත් කොරෝනා සෑදීම නතර වන්නේ නැත.
නමුත් corona නිසා අසාද්‍ය තත්වයට හෝ මරණයට පත්වීමේ අවධානම සියයට 70 - 90 කට පමණ අඩු කර ගැනීමේ හැකියාවක් පවතී.
එනම් ලංකාවේ දැනට පවතින තත්ත්වය අනුව corona මාරාන්තික වන තත්ත්වය පවතින්නේ සියයට එකකටත් වඩා අඩු තත්වයකි.
සියයට එකේ මාරාන්තික තත්වය තවත් 70%කින් පමන අඩුකර ගැනීමට හැකියාවක් මෙම එන්නත නිසා උදාකරගත හැකිවේ.
එන්නතක් මඟින් සිදු කරන්නේ කුමක්ද ...
කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව එම කොරෝනා එන්නත මගින් ලබා දෙන කොරොනා හඳුනාගැනීමේ ප්‍රෝටීන සඳහා අපේ ශරීරය තුළ ප්‍රතිදේහ එනම් ආරක්ෂක විධිවිධාන ඇතිකර ගැනීම සිදුකරනු ලබයි.
එනම් කොරෝනා වයිරස් ඇගට ඇතුලු වූ විට එයට විරුද්ධව ක්‍රියාකළ හැකි ප්‍රතිදේහ නිපදවීම හා ඒ ප්‍රතිදේහය නිපදවීමට හැකි සෛල වර්ග නිපදවා අප සිරුර කොරෝනා පැරදවීමට සූදානම් ශරීරයෙන් තබා ගැනීම එන්නතෙ කාර්යයයි.
මෙමගින් සිදු වන්නේ ,
රටක දේශ සීමාවක් හෝ ගුවන් තොටුපළ හරහා ත්‍රස්තවාදියෙකු රටට ඇතුල් වීම හෝ හානි කර පුද්ගලයෙකු ඇතුළු වීම නවතා දමන ආකාරයට මෙම වයිරසය සඳහා ලබාදෙන එන්නත ද ක්‍රියාත්මක වේ.
එහිදී අප එන්නත ලබාදීමෙන් සිදුකරනු ලබන්නේ අදාල ත්රස්තවාදීන්ගේ ඇගිලි සලකුණු , හඳුනා ගැනීමේ ලක්ෂණ, ෆොටෝ අදාළ ගුවන් තොටුපළ/ දේශසීමාවේ ආරක්ෂක භටයන්ට ලබාදීමයි.
එහිදී ඔවුන් එම සලකුණු සහිත පුද්ගලයින් සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගෙන එම හානිකර ත්‍රස්තවාදී පුද්ගලයින් රට තුළට ඇතුළු වීම නවතා දමනු ලබයි.
මේ විස්තර එම නිල ආරක්ෂක නිලධාරීන්ට ලබා නොදී තිබුණහොත් ඔවුන්ට නිවැරදිව හානිකර පුද්ගලයා හෝ ත්‍රස්තවාදය හඳුනාගැනීමේ හැකියාවක් නැත. එමනිසා ඔහු රට තුළට පැමිණ මහත් ව්‍යසනයක් ඇති කිරීමට පුළුවන.
මෙවැනිම වූ ක්‍රියාවලියක් මෙම එන්නත ලබාදීම මගින් අප ශරීරය තුළ සිදුකරයි.
ශරීරය සූදානම් ශරීරයෙන් තබාගෙන වෛරසය ශරීරයට ඇතුළු වූ විට එයට විරුද්ධව සටන් කර වයිරස් ඇතුලුවූ සෛල විනාශ කර රෝගී වීමේ සම්භාවිතාව, රෝගය දරුණු වීමේ සම්භාවිතාව අවම කරගැනීමට එන්නත් ලැබූ පුද්ගලයකුට හැකියාවක් පවතී.
එන්නතෙන් රෝගය බෝ වීම නතර වන්නේ නැත.
රෝගය බෝ වීම නතර කිරීමට නම් රෝගය පැතිරීම නතර කළ යුතුය.
ඒ සඳහා සැම විටම මුහුණු ආවරණ පැළඳීම ,මීටරයක් දෙකක් දුරින් සිටීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු වලින් පමණක් රෝගය පැතිරීම වළක්වා ගත හැකිය .
එන්නත ලබා ගත්තත් රෝගය ඇඟට ඇතුළු වූ පසු අපිට රෝගය සෑදීම සිදු විය හැකිය .
නමුත් මේ සෑදෙන රෝගය ඉතාමසරළ මට්ටමින් විසඳාගෙන අපේ ශරීරය ආරක්ෂාව පවත්වා ගැනීමට මෙය එන්නත නිසා නිපදවන ප්‍රතිදේහ වලට හැකියාවක් පවතී .
එම ප්‍රතිදේහ මගින් අප මරණයට පත්වීම අසාධ්‍ය තත්ත්වයට පත් වීම හා දීර්ඝ කාලයක් ලෙඩ වී සිටීමේ තත්වය අඩු කර ඉතාම ඉක්මනින් සුවදායී තත්ත්වයකට පත්වේ.
එන්නත ලබාදීම මගින් රෝගීන් ප්‍රමාණය රෝගීන් අසාධ්‍ය වන ප්‍රමාණය මරණ ප්‍රමාණය හා රෝගීන්ගෙන් අනිත් රෝගීන්ට රෝගය පැතිරීම අඩු කිරීමට හැකියාවක් පවතී.
දැනට පවතින තත්ත්වය අනුව මෙම එන්නත ලබා ගැනීම ඉතාම කාලෝචිත තීරණයකි.
එන්නත ලබා නොදිය යුත්තේ කාට ද....
මෙම එන්නත තවම පර්යේෂණ මට්ටමේ නැත්නම් research මට්ටමේ පවතී. මෙම නිසා මෙම එන්නත ගැන බොහෝ තොරතුරු අප හරියටම දන්නේ නැත.
නමුත් දැනට පවතින දත්ත අනුව වටිනාකමක් ඇති බව පෙනී යයි .
මෙම නිසා සියලුම පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගැනීම අනුමත කල හැකිය.
සාමාන්‍යයෙන් ගර්භණී හා මුල් මාස හය කිරි දෙන අයට මෙය ලබාදීම නොකරයි .ඒ මේ පිළිබඳව අපගේ දැනුවත්භාවය අඩු සහ මෙම පර්යේෂණය සඳහා එවැනි කාන්තාවන් යොදා නොගැනීම නිසාය.
එන්නත් සඳහා ආසාත්මිකතාවක් ඇති හෝ අනෙකුත් අසාත්මිකතාවන් ඇති පුද්ගලයින්ට එම එන්නත ලබා දීමේදී ඉතාම පරීක්ෂා තත්ත්ව යටතේ රෝහල්ගත කර එම එන්නත ලබාදීම ආරක්ෂක විධිවිධාන යටතේ සිදුකරනු ලබයි.
මීට අමතරව රෝගී තත්ත්වයේ, විවිධාකාර රෝග කිහිපයක් පවතින, පිළිකා පවතින සහ ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ද මෙම එන්නත ලබාදීම සිදුකරයි.
ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා රෝගීන්ට ද මෙම එන්නත ලබාගත හැකිය.
කුඩා ළමුන්ට එන්නත ලබාදීම තවම සිදු කරන්නේ නැත.
මෙම එන්නත ලබා ගැනීමෙන් පසුව බොහෝ විට කුඩා අසාත්මිකතාවන් උණ ගැනීම සහ ශරීරය අපහසුව සහ මස්පිඩු වේදනාව ඔලුව කැක්කුම වැනි කරුණු ඇතිවිය හැකිය. ඒවා ඉතා ඉක්මනින් පහව යන අතර පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබා ගැනීම පමණක් සෑහේ.
මීට අමතරව ඉතා දරුණු මට්ටමේ අසාත්මිකතාව ඇතිවීමේ සම්භාවිතාවක් ඇති අතර ඒ සඳහා රෝහල් වල අවශ්‍ය විධිවිධාන සකස් කොට ඇත.
මෙම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ පුද්ගලයින්ගේ කැමැත්ත මත පමණි. මෙය පර්යේෂණ මට්ටමේ පවතින නිසා පුද්ගලයින්ගේ කැමැත්ත එන්නත ලබා ගැනීමට පළමුව ප්‍රකාශ කළ යුතුය.
අකමැති පුද්ගලයින්ට එන්නත ලබා නොගෙන සිටීමට හැකිය .නමුත් මේ පවතින වාතාවරණය යටතේ පවතින විනාශකාරී තත්ත්වය යටතේ මෙවැනි සුළු හෝ වාසිදායක තත්ත්වයක පවතින එන්නතක් ලබා ගැනීම ආරක්ෂාකාරී බ ව ප්‍රකාශ කළ හැකිය.
එම නිසා සියළුම රෝගීන් හා ගැටෙන, රෝගී තත්ත්වයට භාජනය විය හැකි, මිනිසුන් සමග හැසිරෙන පුද්ගලයින් මෙම එන්නත ලබා ගැනීම සුදුසු බවට අනුමත කළ හැකිය .
PS.
කොරෝනා එන්නත ලබාගැනීමේ සෙල්ෆි ෆොටෝ එක vaxxie ලෙස හදුන්වයි.
අනිවාර්යයෙන්ම vaxxie එකත් ගන්න.
Dr රොෂාන් පියරත්න .

Disinfection chambers useful or not in COVID 19 විශබීජහරණ කුටි භාවිතය
Disinfection chambers useful or not for prevent corona virus . කොරොනා වලින් ආරක්ෂා වීමට විශබීජහරණ කුටි භාවිතය සුදුසුද ?…
සමහර ඖෂධ ,ආහාර සමඟ ගන්නා ලෙසට ඔබට උපදෙස් ලැබී ඇති.
[Take this medicine with foods]
“ආහාර සමඟ ගන්න” යැයි පැවසූ විට, එයින් අදහස් කරන්නේ කුමක්ද ?
ඉදිරියට කියවන්න 👇👇

ආහාර සමඟ ගන්නා ඖෂධ Drugs , take with foods
Drugs to be taken with foods to avoid some interactions with the gastric fluids ,reduce irritation . To minimize side effects …..
මේ දවස් වල සාමාන්‍ය අසනීපයකට රෝහල් ගත වෙන්නේ මෙහෙමයි 👇👇 https://youtu.be/zuH0jwjtDaU
ඔය තුණ්ඩුවේ ඇන්ටිබයෝටික් මොනවහරි ලියල තියෙනවද මිස්…. පුතාට දැන් සතියකට වැඩියි කැස්ස ,මම ඩොක්ටට කිව්වා අද නම් ලියන්නම කියලා….
පොඩ්ඩක් බලලා කියන්නකො ඩොක්ට ලියලද කියලා.”
කවුන්ටරයේ සුලභ සංවාදයකි මේ…..
ඔබ, මා ඇතුළුව ළදරුවාගේ පටන් ඇන්ටිබයෝටික් (Antibiotics )හෙවත් ප්‍රතිජීවක ශරීර ගත නොකල අයෙක් නොමැති තරම් .
ඇත්තටම මොනවද මේ ඇන්ටිබයෝටික් …. ?

මොනවද මේ ඇන්ටිබයෝටික්? Antibiotics / ප්‍රතිජීවක ඖෂධ
Antibiotics used in bacterial infections only , not for viral or fungal infections .
ගැස්ට්‍රයිටිස් /( Gastritis ) නම කියූ පමණින් අපේ සමාජයේ බොහෝ මිනිසුන් බොහෝ විස්තර දන්නා නමුත් ගැස්ට්‍රයිටිස් පිළිබඳ බොහෝ මිත්‍යා මත මිනිසුන් අතර පවතිනවා.
ගැස්ට්‍රයිටිස් යනු බොහෝ දෙනෙකුගේ සිතට වද දෙන රෝගී තත්වයකි.
👇👇👇👇

ගැස්ට්‍රයිටිස් සහ කෑම Gastritis ,foods, Reflux Disease
Gastritis is a common problem among all… Food habits to be changed to relieve this. Change the life style too..
කොරෝනාවෙන් මැරෙන් නැතුව ඉන්න හැටි. 👇👇👇👇

කොරෝනාවෙන් නොමැරී ඉන්නට Survive from COVID 19 with Diabetes / High blood pressure
දියවැඩියාව / diabetes , අධි රුධිර පීඩනය / high blood pressure , වගේ බෝ නොවන රෝග තියෙන කෙනෙක්ට කොරෝනා හැදුණොත් කොහොමද ජීවිතේ පරිස්සම් ක.....

This is a Facebook demo page created by plugin automatically. Please do not delete to make the plugin work properly.