ඔබේ ලෙඩ රෝග, බෙහෙත්, පරීක්ෂණ හා අනිකුත් සෞඛ්‍ය ගැටළු ගැන ඕනෑම වෙලාවක දැනගැනීමට හෝ කතා කිරීමට ඥාති හෝ හිතවත් වෛද්‍යවරයෙකු නොමැති ද?

එසේ නම් මේ වෙබ් පිටුව ඔබ සදහාමය. 

ආරම්භය ….

dr-roshan-md
Dr Roshan Piyarathne MD

සෑම දිනකම යහළුවන්ගෙන් සහ ඥාතීන්ගෙන් ලැබෙන කෙළවරක් නැති සෞඛ්‍යය ගැටළු පිළිබඳ ඇමතුම් නිසා හා එකම ප්‍රශ්නයට බොහෝ වාර ගානක් පිළිතුරු දීමට සිදුවීම නිසා ,
හිතවත් වෛද්‍යවරයෙක් නැති සාමාන්‍ය ජනතාව මෙම සෞඛ්‍ය ගැටළු විසදාගන්නා ආකාරය පිළිබඳව සොයා බැලීමක් කලෙමි .

මෙහිදී ලංකාවේ භාවිතා වන සියලුම සිංහල හා ඉංග්‍රීසි,
සෞඛ්‍යය හා සම්බන්ධ සියයට අනූවක් පමණ ෆේස්බුක් පේජ් / ගෲප් , වෙබ් පිටු හා යූ ටියුබ් නාලිකා වල ඇති කරුණු පිළිබඳව විමර්ශනයට භාජනය කළෙමි.

මේවායේ බහුතරයක් කරුණු ඉතා සාවද්‍ය පට්ටපල් බොරුය.

වංචනික පුද්ගලයින් ඔවුන්ගේ බොරු හිතලු,

රෝගීන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු ලෙස ලබා දීම ඉතා සුලභය .

මේවා පිළිපැදීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ බොහෝ රෝගීන් නිතර රෝහල් වලින් අපට හමුවේ.

මේ නිසා ලාංකීය  ජනතාවගේ,
-නිරෝගීකම පරම ලාභය ලෙසත්
-සතුට පරම ධනය ලෙසත්
-විශ්වාසය පරම ඥාතීත්වය ලෙසත් සලකමින් ලාංකීය ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇතිකර දීමේ බලාපොරොත්තුවෙන්  වෙබ් පිටුව ආරම්භ කරන ලදී.

අරමුණ

ඔබගේ ජීවිතයේ අමිල වටිනාකම ඇත්තේ ඔබටත් ඔබගේ ලබැදියන්ටත්ය.

මිත්‍යා විශ්වාස, බොරු ප්‍රචාර සහ බොරුකාර පුද්ගලයින්ගේ හිතළු මගින් ඔබගේ වටිනා ජීවිතය විනාශවී යාමට නොදී රැකගැනීම අපගේ මුලික අරමුණවේ.

ඉතා නිවැරදි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ නවීනතම සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු පමණක් අපි ඔබට වගකීමෙන් ඉදිරිපත් කරන්නෙමු.
( pubmed, chochrane, research evidance, guidelines and uptodate2021)

අවවාදයයි!

about-us

සැමවිටම සෞඛ්‍යය ගැටළු , ළමුන්ගේ හා ගර්භනී මාතාවන්ගේ ගැටළුවලට පිළියම් සෙවීමේදී ඒ සම්බන්ධව සුදුසුකම්ලත් වෘත්තීයවේදීන් ගෙන් පමණක් උපදෙස් ලබාගන්න.

එවැනි උපදෙස් ලබාදෙන කවරෙකු හෝ ඔවුන්ගේ නිවැරදි සුදුසුකම් හෝ අනන්‍යතාව ප්‍රදර්ශනය නොකරන්නේ නම් කිසි විටෙක ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න එපා……..

ඔබගේ ජීවිතයේ අමිල වටිනාකම ඔබට, ඔබගේ ලබැදියන්ට මෙන්ම දොස්තර පියා අපටද දැනේ.

දොස්තර පියා ,
දොස්තර වගකීම – පීතෘ සෙනෙහසින්.

සෑමදේම මගනොහැර දැනුවත් වීමට එකතුවෙන්න.

වෛද්‍ය රොෂාන් පියරත්න

MBBS ,

MD ( Internal Medicine )

PG Dip (Med Tox)

කායික රෝග

රොනිති සර්ධාතිලක

Diploma in Nursing

(Nursing School- Rathnapura)

Diploma in Pharmacy,

(Ceylon Medical College Council,
Faculty of Medicine,
University of Colombo) 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදී 
Pharmacist ( SLMC )