Posted on

ව්‍යායාම ,
කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නට මනා රුකුලක් බව අපි සාමාන්‍යයෙන් දන්නා දෙයක්.

නිවසේදී සරළ ව්‍යායාම වලට යොමු වෙන එක හැම අතින්ම වාසිදායකයි.

හෙට දවස කොහොම වුණත් ,අද දවසේ සතුට වෙනුවෙන් 
කායික මානසික සමබරතාවය වෙනුවෙන් ” ව්‍යායාම ” බොහෝම වටිනවා .

නිවසේ ව්‍යායාම කිරීමේ ප්‍රතිලාභ

කාලය ඉතිරි කරයි.

යන්ත්‍ර හෝ උපකරණ සඳහා බලා සිටීමක් නොමැත.
එය අඩු වියදමකි.

ව්‍යායාම ගාස්තු හෝ මිල අධික උපකරණ අවශ්‍ය නොවේ.

ඕනෑම වේලාවක තමන්ට පහසු විදියට ව්‍යායාම කරන්න වෙලාව වෙන් කරගන්න පුළුවන් .

දිවා හෝ රාත්‍රී වේලාව කුමක් වුවත් ඔබට ඔබේ කාලසටහනට අනුව ව්‍යායාම කළ හැකිය.

පෞද්ගලිකත්වය ආරක්ෂා වේ.

තමන්ගේ විදියට කරගෙන යන්න පුළුවන්
ඔබේම වේගයෙන් යන්න.
ඔබ අවට සිටින අය සමඟ දිගටම රැඳී සිටීමට හෝ ඒ අය ඉක්මවා යාම වගේ කිසිදු පීඩනයක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *