විශේෂයෙන්ම තමන්ගේ ළඟම අය එක්ක කේන්ති එන එක ගොඩක් අයට තියෙන ගැටළුවක් .
ඒක පාලනය කරන්න මොනවද සරළව කරන්න පුළුවන් ?
ලිහිල් කිරීමේ ක්‍රම
ගැඹුරින් හුස්ම ගැනීම සහ
ඔබේ මනසෙහි සැහැල්ලු දර්ශන නිරූපණය කිරීම මෙයට ඇතුළත් ය.
_ දෑස වසා ගැඹුරින් හුස්ම ගන්න.
“ලිහිල් කරන්න” කියන වාක්‍ය සමඟම සෙමෙන් හුස්ම පිට කරන්න .
යෝගා වැනි ව්‍යායාම මගින් ද ඔබේ ශරීරය ලිහිල් කිරීමට සහ ඔබව සන්සුන් කිරීමට උපකාරී වේ.
සංජානන ප්‍රතිව්‍යුහගතකරණය
ඔබ සිතන ආකාරය වෙනස් කිරීමෙන් ඔබේ කෝපය ප්‍රකාශ කරන ආකාරය වෙනස් කළ හැකිය.
පුද්ගලයෙකුට කෝපයක් දැනෙන විට, විවිධාකාර දේ සිතේ.
අතාර්කික සිතුවිලි වලට වඩා තාර්කිකත්වය ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය.

ගැටළු විසඳීම
කෝපය ඇතිවිය හැක්කේ සැබෑ ගැටළු නිසාය.
යම් දෙයක් සැලසුම් කළ පරිදි සිදු නොවන විට යම් තරහක් ඇති වුවද,
ගැටලුව විසඳීමට ඔබට උපකාරී වන්නේ කෝපය නොවේ.
කෝපයෙන් සිටින විට ගැටළුවක් විසඳීමට උත්සහ ගැනීම පවා නිශ්ඵල දෙයකි.
කෙසේ නමුත් ගැටලුව අවසන් වන ආකාරය ඔබ සැලසුම් කළ ආකාරයටම නොවේ නම් කලබල නොවන්න.
සන්සුන් විට ඔබේ උපරිම උත්සාහය දරන්න.
සන්නිවේදනය
මිනිසුන්ට කෝපයක් දැනෙන විට, ඔවුන් නිගමනවලට නැඹුරු වන අතර එය ගොඩක් දුරට සාවද්‍ය විය හැකිය.
ඔබට කෝපාවිෂ්ඨ තර්කයක් ඇති විට,
ප්‍රමාද වීමට පෙර ඔබේ ප්‍රතිචාර ගැන සිතන්න.
සංවාදයේ අනෙක් පුද්ගලයාට ඇහුම්කන් දීමට මතක තබා ගන්න. ඔබේ කෝපය උත්සන්න වීමට පෙර හොඳ සන්නිවේදනයක් මඟින් ගැටලු විසඳා ගත හැකි නමුත් ,
වචන පාවිච්චියේදී ප්‍රවේශම් වන්න. මොකද ,ඔබේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට ඔබට උදව් කිරීමට උත්සාහ කරන අනෙක් අයටද ඔබේ වචන වලින් රිදවිය හැකිය.
නැතහොත් මඳ වෙලාවකට නිහඬ වන්න.,
එතනින් ඉවත් වන්න.