Posted on

සෑම කෙනෙකුම කෝපය අත්විඳ ඇත..
ඔබේ කෝපය සාමාන්‍ය මට්ටමේ සිට අන්තයටම විහිදී යා හැක.
ඇතැම් අවස්ථාවන්ට ප්‍රතිචාර වශයෙන් වරින් වර කෝප වීම සාමාන්‍ය දෙයකි.
සෞඛ්‍යයට අහිතකර නැත.

සමහර විට පාලනය කල නොහැකි කෝපය ගැටළු ඇති කරයි.

මෙම අවස්ථාවේ දී,
කෝපය සාමාන්‍ය  චිත්තවේගයක් නොව, ප්‍රධාන ගැටළුවකි.

කෝපය ඇතිවීමට හේතුව කුමක්ද?

කෝපය විවිධ ප්‍රභවයන්ගෙන් පැමිණෙන අතර එය පුළුල් ලෙස වෙනස් විය හැකිය. සමහර පොදු කෝප ප්‍රේරකවලට ඇතුළත් වන්නේ:

  • පුද්ගලික ගැටළු
  • වෙනත් පුද්ගලයෙකු විසින් ඇති කරන ලද ගැටළුවක්

පෙර කම්පනකාරී සිදුවීමක අමිහිරි මහකයන් නැවත මතුවීම.

හෝර්මෝනය වෙනස්කම්.

කෝපය ගැටළුකාරී තත්වයක් කෙරේ වර්ධනය වූ විට,

සමහර ලක්ෂණ වලින් කෝපය සාමාන්‍ය හැඟීමක් නොවන බවට පෙන්නුම් කරයි .
එනම්,

ඔබේ සබඳතාවලට සහ සමාජ ජීවිතයට බලපානවා නම්,

නිතරම ඔබට ඔබේ කෝපය සැඟවීමට හෝ රඳවා ගැනීමට සිදුවෙනවා නම්

නිතර  සෘණාත්මක චින්තනය සහ  සෘණාත්මක අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරනවා නම්

නිතර  නොඉවසිලිමත්බව

බොහෝ විට අන් අය සමඟ වාද කිරීම තුලින් කෝප වීම.

ඔබ කෝප වන විට ශාරීරිකව ප්‍රචණ්ඩකාරී වීම.

මිනිසුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හිංසා හෝ තර්ජනය කිරීම

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හෝ විවිධ දේවල් විනාශ කිරීම වැනි කෝපයක් ඔබට දැනෙන නිසා ප්‍රචණ්ඩකාරී හෝ ආවේගශීලී දේවල් කිරීමට බල කිරීම, හෝ කිරීම.

ඔබ කනස්සල්ලෙන් හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන නිසා ඇතැම් තත්වයන්ගෙන් හිතාමතාම ඈත් වී සිටීම.

ඔබ ඔබේ කෝපය නම් ගැටලුව සමඟ කටයුතු නොකරන්නේ නම්, දිනයක එය ඔබට කණගාටුදායක තත්වයක් උදා කරන්නට හේතු විය හැක. 
අවසානයේ බලාපොරොත්තු නොවන ප්‍රචණ්ඩකාරී සිදුවීමක් කරා උවද ඔබේ කෝපය ඔබව මෙහෙයවනු ඇත.

ඔබට පාලනය කල නොහැකි කෝපයක් ඇති බවට ඔබ සැක කරන්නේ නම්, වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත්ය.

නිවසේදී කෝපය පාලනය කරන්න පුළුවන් සරළ ක්‍රම කීපයක් ඊළඟ ලිපියෙන් ගේන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *