කොවිඩ් එන්නතට පෙර වේදනා නාශක ඖෂධ භාවිතය ගැන මේ දිනවල කතා වෙනවා.
ඔබ දිගටම ඖෂධ ගන්නා කෙනෙක් නම් කොවිඩ් එන්නතට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය .
Warfarin වැනි ඖෂධ ගන්නා රෝගීන් ද විශේෂයෙන්ම වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කල යුතුමය.
බොහෝ විට එන්නත ලබා ගැනීමට පෙර aspirin, ibuprofen වැනි anti-inflammatory drugs හෙවත් වේදනාව සමනය කිරීමට, ශරීර උෂ්ණත්වය පහත හෙළීමට උපකාරී වන ඖෂධ ලබා ගැනීමට ඔබ අදහස් කලත්,
එන්නතට පෙර මෙවැනි ඖෂධ ලබා ගැනීමෙන් වැළකිය යුතුය.
වෛද්‍ය නිර්දේශය වන්නේ
Covid-19 එන්නත ලබා ගැනීමෙන් පසුව අත්‍යාවශ්‍යම නම් පමණක් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීමට හැකි බවයි .
මෙය Covid-19 එන්නතට පමණක් නොව අනෙකුත් සියළු එන්නත් සඳහාද පොදු කාරණාවකි.
එමෙන්ම Covid-19 එන්නත ලබා ගැනීමට පෙර non-steroidal anti-inflammatory drugs (NSAIDs) හෙවත් ibuprofen ,acetaminophen වැනි වේදනා නාශක ලබා ගැනීමෙන් වැළකීමට අමතරව
ඔබ විසින් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීමත්,
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් අනිවාර්‍යයෙන්ම සිදු කල යුතු වේ.
එන්නතකට කලින් විවිධ ඖෂධ ගැනීම සම්බන්ධයෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල ගැන තවම පැහැදිලිවම කියන්නට අපහසුයි.
එන්නතකට කලින් ගන්න ඖෂධ මඟින් එන්නතෙහි කාර්යක්ශමතාවය අඩු කරන්නට වුණත් ඉඩ තිබේ.
ඕනෑම එන්නතක් ලබා ගැනීමෙන් පසුව අපගේ ශරීරයට අවශ්‍ය ආරක්ෂාව නිශ්පාදනය වීමට යම් කාලයක් ගතවන අතර,
Covid 19 එන්නත සඳහාද එම කරුණ අදාළ වේ.