Posted on

අපගේ මානසික සෞඛ්‍යය යහපත්ව තියාගන්නට නම්,

[Covid   වසංගත කාලයේ පමණක් නොවේ ඕනෑම කාලයකට සුදුසුයි ]

ඔබ අකමැති  දේවල්  කියවීමට හෝ නැරඹීමට යොදන  කාලය අඩු කරන්න.

නිවැරදි තහවුරු කල පුවත් පමණක් නරඹන්න ,කියවන්න.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මිතුරු මිතුරියන් සමඟ සම්බන්ධ වුණත් , covid 19  ගැන ඕනෑවට වඩා සටහන් / තොරතුරු  කියවන්න එපා.

පවුලේ අය අම්මා තාත්තා දරුවන් එක්ක වැඩි කාලයක් ගෙවන්න උත්සහ කරන්න .
නිවසේ රැඳෙන්න ලැබුණු අවස්ථාව ගැන සතුටින් ධනාත්මකව සිතන්න .

මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් විනෝදාත්මක දෑ නරඹන්න .

වෙනදා කාලය වෙන් කරන්න බැරිවුණ කැමති විනෝදාංශ වල යෙදෙන්න.
(පොත්  කියවීම  , ලිවීම,
මැහුම් ගෙතුම් ,මල් ඇතුළු ගෙවතු වගාව ,චිත්‍ර ,අත්කම් වගේ තමන් කැමති ඕනෑම දෙයක්  ….)

කාලීන තොරතුරු ගැන ගෙදර අය එක්ක ඕනෑවට වඩා කතා කරන්න එපා.
මත ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා .

මීට අමතරව යහපත් සෞඛ්‍ය උදෙසා,
සමබල ආහාර ගන්න උත්සහ කරන්න .
ගීත අහන්න.
නටන්න.
ව්‍යායාම කරන්න.
සංගීතයට සවන් දෙන්න.භාවනා හෝ යෝගා වලට යොමු වෙන්න .

පුළුවන් විදියට සමහරවිට වචනයකින් හෝ අන් අයට උපකාර කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *