Posted on

කොරෝනා වයිරසය ලොව පුරා වේගයෙන් පැතිර යත්ම,
එය ජනගහනය තුළ සැලකිය යුතු තරමේ භීතිය,
කනස්සල්ල  , දුක , මානසික ආතතිය   ඇති කරයි.

විශේෂයෙන්  වැඩිහිටියන්, වයෝවෘධ අය වගේම
සත්කාර සේවා සපයන්නන් සහ වෙනත් අසනීප වලින් පෙළෙන  පුද්ගලයින් වැනි ඇතැම් කණ්ඩායම් අතර වගේම,
සෞඛ්‍ය ඇතුළු සත්කාර සේවා සපයන්නන් අතරත් මෙය සුලබ දෙයකි.

මෙවැනි තත්වයකදී කාංසාව (anxiety ) ,කෝපය කේන්තිය , බිය වැනි හැඟීම් සාමාන්‍ය දේවල් !

මහජනයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල,
මේ දක්වා ඇති ප්‍රධාන මානසික බලපෑම වන්නේ ආතතිය හෝ කාංසාව ඉහළයෑමයි.

නව ක්‍රියාමාර්ග සහ බලපෑම් හඳුන්වා දෙන විට –
විශේෂයෙන් නිරෝධායනය සහ බොහෝ මිනිසුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම්, චර්යාවන් හෝ ජීවනෝපායන් කෙරෙහි එහි බලපෑම නිසා ,
තනිකම,
මානසික අවපීඩනය,
හානිකර මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ
ස්වයං හානියක් හෝ
සියදිවි නසාගැනීමේ හැසිරීම් ද ඉහළ යෑමට ඉඩ ඇත.

මේ කාලයේ නිවසේ රැඳුණත්

  • සෞඛ්‍යමත් ආහාර රටාවක් ,
    ව්‍යායාම
    මානසික සෞඛ්‍ය ඉහළ නංවන භාවනා / යෝගා වැනි දේවල්
    ප්‍රමාණවත් නින්ද පවත්වා ගැනීම ඉතාම වැදගත් .

තමන්ගේ ආදරණීයයන් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම ,
දුරකතන ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ සම්බන්ධතා පවත්වා ගැනීම
තමන්ගේ ගැටළුවක් කියන්න විශ්වාසවන්තම අය සිටීමත්
ඉතාම වැදගත් !

මත්පැන් ,දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය වැනි හැඟීම් වෙනස් කරන දේවල් පාවිච්චි කිරීමෙන් වැලකී සිටීමද මානසික මට්ටම යහපත්ව තියාගන්න මනා පිටුවහලක් ලැබෙනවා .

තමාගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීම අපහසුම නම්,
අදාල වෘත්තීයවේදීන්ගේ සහය අවශ්‍ය වන අතර එවැනි අයෙකු සමඟ සම්බන්ධ වී මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට ආධාර ලබාගන්න.

අලුත්ම ලිපි එසැණින් කියවන්න,
අපේ newsletter එක subscribe කරන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *