Posted on

හොඳින් වාතාශ්‍රය නොලැබීම කොවිඩ් ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් .

හොඳින් වැසුණු ගොඩනැඟිලි වල
ඒ කියන්නේ වායුසමනය කල කාර්‍යාල,බැංකු ඇතුළු ඕනෑම ආයතන,
සුපිරි වෙළෙඳ සැල් ඇතුළු ආයතන වල මේ දිනවල කොවිඩ් ව්‍යාප්තිය සුලභ  සහ
ඒවායේ සේවය කරන අය ඉක්මනින් ආසාධනයට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි .

මෙහිදී උදේම ඔබ ආයතනයට ගොස් face mask එක ගලවගෙන එකිනෙකා සමඟ කතාබස් කරමින් ඉන්නවා නම් ,
කීපදෙනෙක් එකතු වෙලා ආහාර ගන්නවා නම්,
මෙන්න මේ වගේ අවස්ථා වලදී වෛරසය ශ්වසන පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන් .

යන එන හැම විටම ආරක්ෂා වුණත් ආයතන තුලදී ප්‍රවේශම් නොවුණහොත්,
ඔබ covid රෝගයට ගොදුරු වෙන්න හෝ ඔබ හරහා ඔබේ නිවසට මෙය පැමිණෙන්නට ඉඩ තියෙනවා .

එවිට ඔබ හෝ ඔබේ ආදරණීයයෙකු ආසාධනය වෙන්න ඉඩ තියෙනවා .

ඉතින් මතක ඇතුව

  • මුව ආවරණය පහත් කර කතා කරන්න එපා.
  • තනියම කෑම කන්න.
  • පැත්තකට ගිහින් හොරෙන් දුම්වැටි පානය කරන එකත් කරුණාකරලා නවත්වන්න.

මේ කාලයේ අපි හැමෝම  පරිස්සමෙන් වැඩ කරලා රෝග ව්‍යාප්තිය පාලනය කරන්න උදව් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *