Posted on

කොවිඩ් -19 ආසාධිත රෝගීන් සඳහා වාෂ්ප ආශ්වාස කිරීම ඵලදායී ප්‍රතිකාරයක් විය හැකි බව සොයාගෙන ඇත.

සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ඉහළ ශ්වසන මාර්ගයේ ආසාධන
[ Upper respiratory tract infections ] පාලනයට සහ
ප්‍රතිකාරයක් විදියට උණුසුම් වාෂ්ප ආශ්වාස කිරීම ඵලදායි ක්‍රමයක්.

පර්‍යේශණ මඟින් හෙලිවන්නේ වෛරසයේ කැප්සිඩයට හානි කිරීමට සහ ආසාදන වැලැක්වීමට වාෂ්ප ආශ්වාස ප්‍රයෝජනවත් යැයි සැලකිය හැකි බවයි.

British pharmacopoeia  VI සංස්කරණයේ ද, ශ්වසන රෝග සඳහා  ප්‍රතිකාරයක් ලෙස වාෂ්ප ආශ්වාස කිරීම නිර්දේශ කර ඇති බව පර්‍යේශකයන් තවදුරටත් සඳහන් කරනවා.

අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින් කොවිඩ් -19 ආසාධිතයන්  10 දෙනෙකු පරීක්‍ෂා කර අවම වශයෙන් අඛණ්ඩව දින 4 ක්  පැය 1 ක් තුළ අවම වශයෙන් මිනිත්තු 20 ක් (මිනිත්තු 4 ක චක්‍ර 5 ක්) ආශ්වාස කිරීම මගින් තෙතමනය සහිත උණුසුම්  වාෂ්ප ලබා දෙන ලදී. 
ඔවුන්ගේ වාතයේ ඇති ශ්ලේෂ්මල පටල වාෂ්පයට නිරාවරණය විය.

ජල තාපාංකය තෙක් ජලය රත් වූ පසු (සෙල්සියස් 100) වාෂ්ප ආශ්වාස කිරීම ආරම්භ කරයි.
පළමු මිනිත්තු 4 සිට 5 දක්වා කාලය තුළ වාෂ්පයේ උෂ්ණත්වය සෙල්සියස් 55 සහ 65 පවත්වා ගෙන යනු ලැබේ.

ඔවුන් සෑම පැය 24 කට වරක් වෛරස් ඉවත්වීම මැන බලා ඇත.

සහභාගි වූ අයගෙන්
අසාත්මිකතාවයන්
සහ වෙනත් හේතු නිසා තිදෙනෙක් මෙම පරීක්ෂණයෙන් ඉවත් වී ඇත.

සොයා ගැනීම් / findings

රෝග ලක්ෂණ සහිත රෝගීන් හය දෙනෙකුට පරීක්ෂණය  අවසානයේ සායනික දියුණුව වාර්තා කළ බව මෙම අධ්‍යයනයෙන් හෙළි විය.

  රෝගීන් දෙදෙනෙකු ගඳ සහ රසය නැතිවීමේ නිරන්තර රෝග ලක්ෂණ පෙන්නුම් කළහ. 
එක් රෝගියෙක් දිගින් දිගටම මාංශ පේශි වේදනාව හා නාසයේ සොටු හිරවීම  ගැන පැමිණිලි කළේය.  රෝගීන් හත්දෙනාම පළමු වරට වාෂ්ප ආශ්වාස කිරීමෙන් පසු අඛණ්ඩව  සාම්පල හතරක් පරීක්‍ෂා කළහ.

මෙය අඛණ්ඩව දින තුන සිට පහ දක්වා කිරීමෙන් අවසානයේ මෙම රෝගීන් හත් දෙනාම වෛරස් පිට කිරීම අඩු බව [ low viral shedders] තහවුරු විය.

මෙම අධ්‍යයනය  කුඩා එකක් වුවද, ආසාදිත රෝගීන්ගෙන් වෛරස් පිටවීම  අවම කිරීම සඳහා වාෂ්ප ආශ්වාසයේ ප්‍රතිඵල ඇති බව එයින් පෙන්නුම් කරයි.

මෙය ඵලදායී සහ ලාභදායී ක්‍රමයක් ලෙසට සැලකෙන නමුත් වාශ්ප ආශ්වාස කිරීමෙන් හදිසි අනතුරු ඇති විය හැකි බවද සිහියේ තබා ගත යුතුය .
කුඩා දරුවන්ට සහ වයෝවෘධ අයට තනිවම මෙම ක්‍රියාවට යොමු විය නොහැකි අතර සුදුසු ලෙස උපකරණයක් සකස් කර වාෂ්ප ආශ්වාස කිරීම කල හැක.

ඒ වගේම මෙය කොවිඩ් 19 සඳහා පූර්ණ ප්‍රතිකාරයක් නොවන බවත් තව දුරටත් සායනික අත්හදා බැලීම් වලට භාජනය කල යුතු දෙයක් බවත් සිහියේ තබාගත යුතුය .

ඒ වගේම වාෂ්ප වල උෂ්ණත්වය, නිරාවරණ කාලය සහ වාෂ්ප අංශුවල ප්‍රමාණය ආදිය වෙනස් කිරීමෙන් මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ ඇත.

අපේ වෙබ්පිටුව  subscribe  කිරීමෙන් නවතම ලිපි පළකල විගසම ඔබට කියවන්න පුළුවන්  .

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .
Facebook / twitter ඔස්සේ share කරන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *