අවමවාදී ජීවිතය තුලින් ඔබේ දියුණුව සලසා ගමු. ලිපි අංක 1
ජීවිතය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් කීපදෙනෙක්ගෙන්ම ඇසුවොත් විවිධාකාර පිළිතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන් .
නමුත් ගොඩක් අය කියනවා ජීවිතය ලේසි නැහැ කියලා .
ඒ අපි ජීවිතය විඳින ආකාරය නිසා.
අපි කැමතියි ලස්සනට ඉන්න, අනික් අයට වඩා ඉහළින් ඉන්න.
අනික් අයට වඩා යමක් ලබාගන්න .
මේ හැමතැනම කියවෙන විදියට ” අනික් අයට වඩා ” කියන හැඟීම සහ ඒ අවශ්‍යතාවය නිසා මිනිස්සු එකිනෙකා අනුකරණය කරන්න එකිනෙකා සන්සන්ඳනය කරන්න තදින්ම පෙළඹෙනවා .
ඒ හේතුව එක්ක තමන්ටත් නොදැනීම තමන්ගේ හැකියාවට වඩා වැඩිපුර දේවල් කරන්න පෙළඹෙනවා .
අවසානයේ ණය බර, අවිවේකී බව , අධික වෙහෙස, මානසික ආතතිය මේ ඔක්කොම එක්ක ජීවිතය හරිම අසීරු එකක් ලෙස දුකෙන් කේන්තියෙන් අසහනකාරී ලෙසට ගෙවා දමන්න සිදු වෙනවා.
අවමවාදී ජීවිතයකට හුරු වූ කෙනෙක් තමන්ගේ සත්‍යම අවශ්‍යතා හඳුනාගෙන අනවශ්‍ය වියදම් අනවශ්‍ය දේවල් අනවශ්‍ය පුද්ගලයින් තමන්ගේ ජීවිතයෙන් ඉවත් කරන නිසා,
මොවුන්ට සතුට සැනසිල්ල නිදහස පිරි ජීවිතයක් ගෙවන්නට හැකි වෙනවා.

අවමවාදී ජීවිතයකට ආරම්භයක් ගන්න කැමති ඕනෑම කෙනෙක්ට පුළුවන් මේ ගැන අන්තර්ජාලයෙන් බ්ලොග් පෝස්ට්, යූ ටියුබ් වල වීඩියෝ බලලා ආරම්භයක් ගන්න .
ඒ වගේම ලියාරා තුල සිංහලෙන් සරළව ගෙන එන මගේ ලිපි වලිනුත් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා .
තමන්ගේ සත්‍යම අවශ්‍යතා හඳුනාගෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා ජීවත් වෙන්න ආරම්භ කලාම ජීවිතයේ වටිනාකම් හඳුනාගන්න පහසු වෙනවා.
අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු අනවශ්‍ය සෑමදේම ඉවත් කරන්න පටන් ගත්තාම මනස පිරිසිදු වෙලා සතුට පිරී ඉතිරෙනවා.
සරළ අවශ්‍යතා එහෙම නැත්තම් අවමවාදී ජීවිතයකට හුරු වුණාම මේ විදියට අනවශ්‍ය වියදම් අවම වීම තුලින් තමන්ගේ අත්‍යාවශ්‍යම දේවල් කරගන්න මුදල් ඉතුරු කරගන්න පුළුවන් .
ඉන් ඔබට ඔබේම ව්‍යාපාරයක් අරම්භ කරන්න , ස්වයං රැකියාවක් වෙත යොමු වෙන්න පහසුවෙන්ම හැකි වෙනවා.
අවමවාදියෙක් විදියට මනස පුහුණු කිරීමත් ටිකෙන් ටික සිදුවෙනකොට, මේ තුලින් භෞතික සම්පත් උපරිම පරිභෝජනය වගේම මානසික සුවදායිතාවය ඉහළින්ම ලබාගන්න පුළුවන් .
ඉතින් අවමවාදී ජීවිතයක් කියන්නේ සියල්ල අත් හල ජීවිතයක් නොවේ.
සතුටින් තමන්ගේ දියුණුව කරා පහසුවෙන්ම ළඟා විය හැකි ජීවන රටාවක්.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් . Facebook twitter ඔස්සේ share කරන්න .