Posted on

ගොඩාක් කාලෙකින් ඊයෙ රෑ නිදාගන්න ඔන්න මෙන්න තියෙද්දී පුතා එක්ක කේන්තියක් ආවා.

කේන්තිය දැනුනාට එසැණින්ම කිසිම ප්‍රතික්‍රියාවක් වත් නොදක්වා කට අරින්නේ වත් නැතුවම
” ඇයි මට එහෙම වුණේ කියන දේ “
නිහඬවම මම කල්පනා කලා.

හස්බන්ඩ් එක්කත් වැඩිපුර මේ ගැන කතා කරලා තව දුරටත් මේ ගැන කරුණු සෙව්වා.

මානව චර්‍යාවන් වෙනස් වෙන්න කොයිතරම් හේතු තියෙනවා ද ,
විශේෂයෙන්ම මේ වගේ කාලයක් කියන්නෙම මානව චර්‍යාවන් වලින් නරක චර්‍යාවන් වැඩිපුර එළියට එන කාලයක්.

Lockdown period එකක අපිට ලැබෙන හොඳ දේ ගැන මුලින්ම කතා කලොත් ,
ඒ තමයි පවුලේ අයට වැඩි වෙලාවක් එකට ඉන්න ලැබෙන අවස්ථාව

වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයේ තමන්ගේ ආදරණීයයන් සමඟ ගෙවෙන පැයක් දෙකක් වුණත් ප්‍රීතිමත් මොහොතක් !

වැස්සේ හඬ විඳිමින් කහට කෝප්පයක රස නිදහසේ විඳින්නට ගොඩක් අයට අවස්ථාව ලැබුණා.

කාසියක දෙපැත්තක් තියෙනවා සේම මේ ලොක්ඩවුන් එකත් අපේ ජීවිත වලට නරක විදියට බලපාන අවස්ථා තියෙනවා .

ගෘහස්ථ හිංසනය, සියදිවි නසාගැනීම්, රැකියා අහිමිවන පුද්ගලයින්, මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටළු , රැකියා ස්ථානවල සිරවී සිටින පුද්ගලයින්, සංචාරක තහනම, පාසල් වැසීම සහ වසංගතය හේතුවෙන් ජීවිත අහිමිවීම වැනි සිදුවීම් වැඩි වෙලා.

කෝවිඩ් -19 මිනිසුන්ගේ මානසික අසමතුලිතතාවයට හේතු වෙලා.

සමාජ හුදකලාව ගෘහස්ථ හිංසනය වැඩිවීමට හේතුවක්.
පුරුදු ජීවන රටාව අහිමි වීම නිසා තමන්ගේ ළඟම ඉන්න අයගෙන් මානසික ආතතිය පිට කරගන්න එක ඉබේම සිදුවන්නක් !

පාසල් වැසීම දිගු කාලීනව දරුවන්ගේ වර්ධනයට යම් බලපෑමක් ඇති කරනවා.

නව පරිසරයන්ට හා නව පුද්ගලයින්ට නිරාවරණය නොවී දරුවා නිවසේ ම රැඳී සිටීමෙන් දරුවන්ගේ මානසික සහ කායික වර්ධනයට උපකාරී වන සාමූහික ක්‍රියාකාරකම් තුලින් දරුවන්ට දුරස් වන්නට සිදුවී තිබෙනවා .

දරුවන් සහ වැඩිහිටියන් කියන කණ්ඩ දෙකට මෙහි ඇති බලපෑම ප්‍රබලයි.මොකද අනෙකුත් පුද්ගලයින් සමහරවිට ඔවුන්ගේ කේන්තිය පීඩනය පිට කරන්නේ අර කණ්ඩායම් දෙක මතින් වීම.

මේකෙන් මිඳෙන්නට,
☑️මෙවැනි කාලයක මානව චර්‍යාවන් ගැන අපි අධ්‍යයනය කරන්න ඕන.

☑️ඇතිවෙන්න පුළුවන් ගැටළු කලින්ම හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය ගැන පෙර සූදානමක් තියෙන්න ඕන.

☑️මේ වගේ සිරවුණු කාලයක කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් වගේම පුහුණුවක් තියෙන්න ඕන.

☑️ ලැබුණු අවස්ථාව ඵලදායීව යොදාගෙන එයිනුත් සාර්ථක වෙන්න මේ අවස්ථාව යොදාගන්න පුළුවන්

ඉතින් ඔයාලත් මේ ගැන සොයන්න.
අධ්‍යයනය කරන්න .
තමන්ගේ ගැටළුව හඳුනාගෙන ඊට නිසි පිළියම් යොදමින් ඉදිරියට යන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි, උපුටාගැනීම තහනම්. facebook twitter ඔස්සේ share කරන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *