ගැඹුරු තෙලේ බැදපු අල තීරු , බැදපු කුකුල් මස් ඔබේ දිවට ගෙනෙන්නේ අපූරු රසයක් .
ඒත් මේ වෙනකොට බෝ නොවන රෝග අවධානම නිසා හැමදේටම වඩා
සෞඛ්‍යාරක්ෂිත බවට මුල් තැනක් දෙන්න වෙලා !
Airfryer එකෙන් බැදගත් ආහාර වර්ග වලද පෙනුම සහ රසය ඉහළින්ම තිබෙනවා සේම,
ශරීරයට හිතකර මේදය අඩු (low fat) සහ කැලරි අඩු ( low calories )
සෞඛ්‍යාරක්ෂිත ආහාර ගන්න හොඳ ක්‍රමයක් ලෙසට මේ වෙනකොට තහවුරු කරගෙන තියෙනවා .

Airfryer සෞඛ්‍යාරක්ෂිත වන්නේ කොහොමද ?
මම airfryer එකක් මිලට ගන්න කලින් අවුරුදු දෙකක් විතර මේ ගැන විස්තර සෙව්වා.
මෙහි තාක්ෂණය බැලුවොත් ,
උණුසුම් වායු ධාරාවන් මේ තුල කැරකෙන්නට ඉඩ සලසා එමඟින් සාමාන්‍ය අවන් [Convection oven ] එකක මෙන් බේක් වීමක් සිදුවෙනවා.
සමහර ආහාර වර්ග වලට තෙල් පොඩ්ඩක් වත් අවශ්‍ය නොවන අතර,
සමහර ආහාර වර්ග වලට තෙල් ස්වල්පයක් ඉස ගැනීමෙන් හෝ අතගෑම ප්‍රමාණවත් .
ඒ වගේම සත්ව තෙල් අඩංගු ආහාර fry කරනකොට
[ මස් වර්ග] එහි ඇති වැඩිපුර තෙල් airfryer එකේ බාස්කට් එකට එකතුවන නිසා සෞඛ්‍යයට හිතකර ආහාරයක් ලබා ගන්න පුළුවන් .
මෙහි සංසරණය වන වායු ධාරාවන් වලින් මුලින්ම ආහාරයේ මතුපිට පිසීමට ලක් වන අතර ඒ නිසා දුඹුරු පාටට හුරු රන්වන් පැහැයක් ලැබෙනවා.
ගැඹුරු තෙලේ බැද්දාම මෙන් ඇතුලත මෘදු ගතියට ඇසට ප්‍රිය ලෙසටත් ආහාරය ලබාගන්න පුළුවන් .

Airfryer දැමූ ආහාර ඔබට සුදුසු ද ?
උණුසුම් වායු ධාරාවන් මඟින් බඳගැනීම තෙලෙන් බැදීමට වඩා සෞඛ්‍යාරක්ෂිත බව,
බොහෝ සමීක්ෂණ වලින් මේ වෙනකොට සොයාගෙන තියෙනවා.
ඒ මඟින් ආහාරයක කැලරි 70%-80% ක් දක්වා අඩු වන බවත් මේදය අඩු ආහාරයක් ලබා ගන්න පුළුවන් බවත් මේ වනවිට තහවුරු වෙලා තියෙනවා .
අර්තාපල් ඇතුළු පිෂ්ටමය ආහාර තෙල් වල බදිනවිට ඇතිවන ප්‍රතික්‍රියා නිසා ශරීරයට අහිතකර acrylamide නම් සංයෝගයක් ඇතිවන බවත් අතර එය ප්‍රධාන වශයෙන්ම පිලිකා කාරකයක් බවත් පර්‍යේශණ වාර්තා හෙලිකරනවා.
ඒ වගේම උණුසුම් වායු ධාරා මඟින් බැදීමෙන් මෙම සංයෝගය ඇතිවීම 90% ක් දක්වා අඩු කරන බව සොයාගෙන තියෙනවා .
ඒ වගේම මාළු මස් ආදිය උණුසුම් වායු ධාරාවන් තුලින් බැදෙනවිට ශරීරයට විය හැකි අහිතකර බව මඟ හරවන්න කොත්තමල්ලි , මිංචි , පාස්ලි වැනි කොළ වලින් ටිකක් එක් කරගැනීම හිතකර බව සමහර අධ්‍යයනයන් තහවුරු කරනවා.
ඒවා ප්‍රතිඔක්සිකාරක [ antioxidants ] ලෙස ක්‍රියාකර cholesterol oxidation products ඇතිවීම අඩු කරන බව මේ අධ්‍යයනයන් තුලින් පෙන්වා දෙනවා.
ගැඹුරු තෙලේ බදිනවාට වඩා පෙනුම රසය වෙනස් බව අපිට නිතරම හිතන්නේ ඊට ඇති නුහුරු බව නිසා පමණි.
සෞඛ්‍යාරක්ෂිත බව සැලකුවාම airfryer එකෙන් පිස ගැනීම හිතකරයි.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් . Facebook / twitter ඔස්සේ share කරන්න .