LESS IS MORE by Ronithi Sardhathilake
මීට මාස කීපයකට කලින් minimalism සංකල්පය ගැන තැබූ සටහනක් නැවත මගේ වෙබ් පිටුවට එකතු කරනවා.මූලික අදහස් ගන්න කැමති අයට.
මේ ගැන මා දැනගත්තේ දැනට වසර කිහිපයකට පෙර.
ලෝකයේ අලුත්ම trend එකක් විදියට ජීවන රටාව වෙනස් කරගෙන යන මිනිසුන් අතර minimalist concept එක ඉතාම ඉහල තැනක තියෙන්නේ….
ඇත්තෙන්ම මා මේ ගැන සොයන්නට පෙළඹුණේ…. මගේ ජීවන රටාව දරුවන් දෙදෙනා සමඟ කාර්‍යබහුල වන්නට පටන්ගත් නිසා..
වැඩ ඉක්මන් කරගැනීමට පිරිසිදු කිරීම් අවම කරගැනීමට මෙන්ම සැහැල්ලු නිදහස් ජීවිතයකට සුදුසුම විදිය තමයි මේ.

අනික අපි කාලෙන් කාලෙට ජීවත් වන ප්‍රදේශ මාරු කරන නිසා නිවසකින් නිවසට යනවිට ගෙන යා යුතු බඩු අවම වීමත් පහසුවක්.
අනික් කාරණය දරුවන් දෙදෙනෙක් තනිවම බලාගැනීමේදී අනතුරු අවම වන ලෙස නිවසේ බඩු තිබීමත් ඉතාම වැදගත් .
දරුවන් වැටෙන්නට ඉඩ ඇති පුටු, මේස හෝ වෙනත් උපකරණ අවම වන තරමට බලාගැනීම පහසු වනවා සේම ඔවුන්ගේ ආරක්ෂාවද තහවුරු වෙනවා….
අවම අවශ්‍යතා යටතේ සරළව ජීවත් වන අයෙකුට බොහෝ වාසි සැලසෙනවා………
_ වියදම් අවම වීම
අවශ්‍යතා අවම වීම
දකින දකින දේවල් වලින් ගේ පුරවා
ගැනීමට සිත් පහළ නොවීම
_ සන්සන්දනයෙන් තොර සරළ
ජීවන රටාවකට හුරුවීම
_ ඉවත් කල යුතු අපද්‍රව්‍ය අවම වීම
_ කුඩා දරුවන් සිටියත් වසරක් පාසා
ඉවත් කල යුතු කැඩුණු සෙල්ලම්
බඩුවැනි දෑ ඉතාම අවම වීම.
_ නිවස නිදහස් තැනක් වීම
_ පිරිසිදු කිරීමට ඉතාම පහසු වීම.
වැනි වාසි බොහෝමයක් හිමිකරගත හැකි වන අතර නිදහස් සරළ ජීවිතයක් අගයන කාටත් මෙය ඉතාම සුදුසුයි.
ආර්ථික තත්වය අයහපත් කාළයක් වුවත් ඉතාම පහසුවෙන් ඒ තත්වයට මුහුණ දිය හැකි වන්නේ සෑම කාලයේම වෙනසක් නොවන ලෙසට අවම අවශ්‍යතා යටතේ ජීවත් වීමට හුරුවීම නිසාය.
ලෝකය පුරාම ධනවතුන් සිටින්නේ ඉතාම සුළු ප්‍රමාණයක් . එවැනි අයෙකුට වුවත් ආර්ථිකව ගැටළු ඇතිවන කාල ඇතිවෙන්නට පුලුවන්.
ඉතින් මෙවැනි ජීවන රටාවකට හුරුවී සිටී නම් ඕනෑම කාළයකදී ඕනෑම කෙනෙකුට ජීවිතය ගෙවීම අපහසු දෙයක් නොවනු ඇත.
මෙහි සාර්ථකත්වය මා අත්විදින්නේ වසර කිහිපයක සිටයි…කාට උනත් හුරු වෙනවා නම් මේ අවුරුදු කාලයම හොඳයි මේ සංකල්පය යොදාගෙන ඉන් වාසි ලබන්නත් සැනසීම ළඟා කරගන්නත්, ජීවිතය සැනසිල්ලේ ගෙවන්නටත් .
ඉතින් මේ ආරම්භයක් පමණයි .අපි දිගටම කතා කරමු.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් . Facebook / twitter ඔස්සේ share කරන්න .