දරුවන් අතර සුලබ – පාචනය ( Diarrhoea in children )
දරුවෙකුගේ සාමාන්‍ය මළපහ කිරීමේ රටාව…..
➡️ දරුවෙකුගේ වයස අනුව මළ පිට කිරීමේ වාර ගණන වෙනස් වේ.
➡️ උපතේ සිට සතියක් හෝ දින දහයක් පමණ වනතුරු , මෘදු … තරලමය මළ
පිටකරන වාර ගණන වාර 4 සිට වාර 10 ක් පමණ දක්වා සාමාන්‍ය දෙයක්.
➡️ ඉන්පසුව පළමු මාස 3 දක්වා වාර දෙකක් හෝ ඊට වැඩි වියහැකි අතර ,
සතියකට වරක් මළ පිටකරන දරුවන් සිටීමත් සාමාන්‍ය දෙයක්.
➡️ ඉන්පසුව අවුරුදු 2 දක්වා දිනකට එක වරක් මළ පිටකරන අතර මේවා මෘදු
සහ ඝන ස්වභාවයෙන් යුක්තයි.
මතක තබාගත යුතුයි …….
සෑම දරුවෙක්ම එකිනෙකාගෙන්, එකිනෙකාට වෙනස්
සමහර දරුවන් සෑම ආහාර වේලකටම පසුවත්,හෝ සමහර දරුවන් දවසක් හැර දවසක් හෝ මළ පිටකිරීම ද සාමාන්‍යයයි.
දරුවෙකුට “පාචනය” බව තහවුරු කර ගැනීම………
. ඔබේ දරුවාගේ මළපහ කිරීමේ රටාව දන්නේ ඔබයි
. වෙනදා වාර ගණනට වඩා වැඩි,
. සාමාන්‍යයෙන් වතුර මෙන් එකවර වැඩි ප්‍රමාණයක් පිටවේ.
. සාමාන්‍ය මළ වල වර්ණය ,,, කොළ, කහ හෝ දුඹුරු වන අතර පාචනය
තත්වයේදී මෙම වර්ණ වලින් කැදලි මෙන් දක්නට ලැබේ.
වයස අවුරුදු 3 ට වැඩි දරුවන් ගේ.. වාර 3 කට වැඩි තරලමය ස්වභාවයෙන් එකවර මළ , ගොඩක් පිටවීම පාචනය තත්වය ලෙස සැලකේ..
පාචනයට හේතු ලෙස,
🔄 වයිරස හෝ පණු රෝග
🔄 අපිරිසිදු දෑත් වලින් ආහාර පිළියෙළ කිරීම
🔄 අපිරිසිදු දෑත් වලින් ආහාර ඇල්ලීම , කැවීම …
🔄 අපිරිසිදු ජලය භාවිතය
🔄 සමහර ප්‍රතිජීවක ඖෂධ වල අතුරු ප්‍රථිපලයක් ලෙස……
ආදී විවිධ ඒවා දැක්විය හැක .
පාචනය තත්වයේදී දරුවාට ආහාර ලබාදීම……
– වෙනදා මෙන්, සාමාන්‍ය ආහාර වේල් දරුවාට ලබා දෙන්න.
– සාමාන්‍ය පළතුරු එළවළු … යෝග්ට් ආදිය දෙන්න.
කිරි සහ කිරි ආහාර ලබාදිය හැක ( කිරි ආහාර ජීර්ණ ගැටළුවක් නැත්තම් )
– අලුත් ආහාර එනම් මීට පෙර කිසිදා ලබා නොදුන් ආහාර දීමෙන් වළකින්න .
– බොතල් කල පළතුරු යුෂ පාන වර්ග , අධික සීනි සහිත පාන හෝ ආහාර වර්ග
ලබා දෙන්න එපා..
– අධික තෙල් සහිත ආහාර ලබා දීමෙන් වළකින්න .
– කඩ වලින් ගෙනා කෑම බීම කෝලා පාන… ආදිය දීමෙන් වළකින්න .
” පාචනය ” ප්‍රථිකාර කිරීම …….
– සාමාන්‍ය පාචනය තත්වයේදී බෙහෙත් මඟින් පාලනය කිරීමක් නොකරයි.
– උණ ඇත්නම් පැය 6 කට වරක් පැරසිටමෝල් ඖෂධය නිති මාත්‍රාවෙන් ලබා දිය
හැක.
– හැකි තාක් තරල වර්ග ලබා දී ඒවා පානය කරන ප්‍රමාණ සහ මුත්‍රා පිටකරන ප්‍රමාණ පිළිබඳව සටහනක් තබා ගැනීම වැදගත් ය.
වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමුවිය යුත්තේ………➡️↘️
* උණ සමඟ පාචනය දිගටම පවතී නම්
* මළ සමඟ රුධිරය පිටවේ නම්
* මාස 12 ට අඩු ළදරුවකු ආහාර සහ පාන සියල්ල වර්ජනය කරනවා නම්
* තදින්ම උදර වේදනාව ( බඩේ කැක්කුම ) ඇති විට
* වෙනදා මෙන් සාමාන්‍ය හැසිරීම නොපෙන්වන විට එනම් මළානික ස්වභාවයෙන්
සිටීම.
* විජලනයේ ලක්ෂණ පෙන්වීම
එනම්, තොල් වියළීම, ඇස් යටට ගිලී තිබීම, නිතර පිපාසය දැනීම , කුඩාම
දරුවන් පැය 4-6 ක් / ලොකු දරුවන් පැය 8-10 ක් මුත්‍රා පිට නොකිරීම .
* හඬන විට කඳුළු නොගැලීම.
මේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වන්නේ නම් ළඟම ඇති රජයේ රෝහල වෙත දරුවා ගෙනයන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .facebook , twitter ඔස්සේ share කරන්න .