ඔය තුණ්ඩුවේ ඇන්ටිබයෝටික් මොනවහරි ලියල තියෙනවද මිස්…. පුතාට දැන් සතියකට වැඩියි කැස්ස ,මම ඩොක්ටට කිව්වා අද නම් ලියන්නම කියලා….
පොඩ්ඩක් බලලා කියන්නකො ඩොක්ට ලියලද කියලා.”
කවුන්ටරයේ සුලභ සංවාදයකි මේ…..
ඔබ, මා ඇතුළුව ළදරුවාගේ පටන් ඇන්ටිබයෝටික් (Antibiotics )හෙවත් ප්‍රතිජීවක ශරීර ගත නොකල අයෙක් නොමැති තරම් .
ඇත්තටම මොනවද මේ ඇන්ටිබයෝටික් …. ?
ඔබටත් මටත් ලෙඩ කරන [ ඇසට නොපෙනෙන ] ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩයක් වන බැක්ටීරියා මඟින් සාදන රෝග වලට ලබා දෙන ඖෂධ ප්‍රතිජීවක [ Antibiotics ] වේ…
ව්‍යාධිජනක බැක්ටීරියාවන්ගේ වර්ධනය නවතා දැමීම හෝ
විනාශ කිරීම ඇන්ටිබයෝටික් මඟින් සිදු කරයි.
මේවා අපේ සෛල මත ආකාර හතරක්ට ක්‍රියා කරමින් ව්‍යාධිජනක බැක්ටීරියා වනසයි.
ප්‍රතිජීවක භාවිතය අනෙකුත් ඖෂධ මෙන් නොවේ.
පිළිපැදිය යුතු කරුණු පිළිබඳව අනිවාර්යයෙන්ම වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමය.
ප්‍රතිජීවක භාවිතයේදී ……
ඔබ ප්‍රතිජීවක වලට අසාත්මිකතා හඳුනාගෙන තිබේ නම් වෛද්‍යවරයා සමඟ ඒ බව පවසන්න.
එසේ නැත්තම් අසාත්මිකතා ඇතිවේදැයි හොඳ අවධානයෙන් සිටින්න.
වෛද්‍යවරයා නිර්දේශ කරන මාත්‍රාව නිර්දේශ කරන සම්පූර්ණ කාලය තුලම නොකඩවා ලබා ගත යුතුය.
ඔබේ හිතුමතේට බෙහෙත් නතර කිරීම / මාරු කිරීම නොකල යුතුය .
සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව පමණක් ප්‍රතිජීවක භාවිතා කරන්න.
කෑමට පෙර / පසු හෝ වෙනත් පිළිපැදිය යුතු උපදෙස් නිසියාකාරව පිළිපදින්න.
රෝග ලක්ෂණ ඉවත් වී ගියත් ප්‍රතිජීවක ලබා ගත යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කල කාලයම ලබා ගන්න.
මතු ප්‍රයෝජන තකා ප්‍රතිජීවක නිවසේ ඉතිරිකර තබා ගන්න එපා….
ඉහත කරුණු පිලිපැදීම එතරම් අපහසු නොවේ.
හිතුමතේට ප්‍රතිජීවක නවතා දැමීම / මාරු කිරීම නොකල යුත්තේ ,
ප්‍රතිජීවක ප්‍රතිරෝධය [ Antibiotics resistance ] ගොඩනැඟෙන්නට පුළුවන් නිසා…
එනම්,
ප්‍රතිජීවක අනවශ්‍ය ඉතා සරල උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක භාවිතයෙන් හා නියම කළ ආකාරයට පටහැනිව ප්‍රතිජීවක භාවිතයෙන් ද මෙම තත්වය ගොඩනැගෙන්න පුළුවන්.
මෙහිදී බැක්ටීරියාවන් ක්‍රම ක්‍රමයෙන් මෙම ප්‍රතිජීවක වලින් විනාශ නොවන මට්ටමට පත්වෙනවා…
මෙයින් ඇතිවන භයානක ප්‍රශ්නය නම්, ඔබේ දරුවාට හෝ ඔබට සෑදෙන බරපතළ බැක්ටීරියා ආසාධනයකදී ප්‍රතිජීවක වලින් සුවයක් නොලැබීමයි.
ඉතින් ප්‍රතිජීවක / ඇන්ටිබයෝටික් අවභාවිතය අවම කිරීමත්,
අත්‍යාවශ්‍යම ආසාදනයකදී නිසි ලෙසට ලබාගැනීමටත් අපි පුරුදු වෙන්න ඕන.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .
Facebook twitter ඔස්සේ share කරන්න පුළුවන් .