කොරෝනාවෙන් මැරෙන් නැතුව ඉන්න හැටි.
ඔබට දියවැඩියාව( Diabetes ) ප්‍රෙෂර්- අධි රුධිර පීඩනය [ high blood pressure ] තියෙනවද ?
වෛද්‍ය රොෂාන් පියරත්න
MBBS MD
විනාඩි 2ක කියවීමක්
corona නිසා අසාධ්‍ය හෝ මරණයට පත්වෙන්නේ,
දියවැඩියාව, [Diabetes ]
හෘද රෝග තිබෙන අය, [Heart Diseases ]
ප්‍රෙශර් තිබෙන අය, High blood pressure ]
වකුගඩු, පෙනහලු රෝග [Chronic kidney or lung diseases ] සහ
වෙනත් දීර්ඝකාලීන අසනීප තියෙන අය.
ඉහත තත්ව වලින් පෙලුන අය කොරෝනා නිසා අසාධ්‍ය තත්වයට හෝ මරණයට පත් වීමේ අවධානම වැඩිබව වෙනත් රටවල රෝගීන්ගේ දත්ත අනුව සනාථ වී ඇත.
මෙහිදී දියවැඩියාව නිසා මරණයට පත්වීමේ සම්භාවිතාව 35% ක් වගේ ඉහළ අගයක තමයි තියෙන්නේ.
දියවැඩියාව තියෙන අයගෙන් තුනෙන් එකකට [1/3] විතර මෙම රෝගය හැදුනොත් මිය යන්න තියෙන ඉඩ වැඩී.
රෝග තත්ව එකට වඩා වැඩියෙන් තියෙනවා නම් බොහෝ විට මරණීය තත්වය වැඩි වීමේ හැකියාවක් පවතී .
ඔබට ඇත්තේ දියවැඩියාව පමණක් නම් මරණ ප්‍රතිශතය අඩුවන අතර ඔබට දියවැඩියාව සහ ප්‍රෙශර් ඇත්නම් ඔබේ මරණ ප්‍රතිශතය තවත් වැඩිවේ.
දියවැඩියාව , වකුගඩු ,හෘද රෝග ආදී රෝග දෙක තුනක් තිබේ නම් ඔබ මරණයට පත් වීම ඉතාම ඉහළ ප්‍රතිශතයකට පත්වෙනු ඇත.
ඒ නිසා ඔබට බොහෝ රෝගී තත්වයන් ඇත්නම් මේ දිනවල කලයුතු හොඳම දේ තමයි ගෙදර ඇතුලට වෙලා home isolation / ගෘහස්ථ නිරෝධායනයට නැත්නම් ගෙට ගෙවැදී කාමරයකට වී කිසිවෙකු මුණනොගැහෙන නොගැටෙන විදිහට සිටීම.
ඒ වගේම ඔබ කිසිම අසනීපයක් නැති නිරෝගී පුද්ගලයෙක් නම් ඔබ අවුරුදු 50 ට වඩා අඩු පුද්ගලයෙක් නම් ඔබ මෙම corona තත්ත්වය ආසාදනය වීමෙන් මරණයට පත්වීම නොගිණිය හැකි තරම් කුඩා අගයක් වන අතර බොහෝවිට නිකන්ම සනීප වීම සිදුවේ.
මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ.
නමුත් ඔබ ඉහත ආකාරයේ අවදානම් පුද්ගලයින්ට කොරෝනා බෝකර ඔවුන් මරාදැමීමට දායක විය හැක.
ඔබ දුම්පානය කරන්නෙක් නම් දැනටමත් ඔබ ඔබේ මරණ සහතිකය අතේ තියාගෙන තමයි ඉන්නේ.
ඒක නිසා දුම් පානය කරනවා නම් වහාම එය නතර කර ගෙදරට වෙලා ඉන්න .( Stay home )
එසේ නැතිනම් ඔබට corona ආසාදනය වීමෙන් මරණයට පත්වීම හෝ අසාධ්‍ය වීමේ සම්භාවිතාවය ඉතා ඉහළ තත්වයක පවතී.
ඔබ දියවැඩියා රෝගීයෙක් නම්
ඔබේ දියවැඩියා තත්වය නිවැරදිව පාලනය කරගත යුතුය.
මේ සඳහා දවස් ටිකේ ලේ වල සීනි මට්ටම fasting blood sugar , HbA1c වැනි පරීක්ෂණ කරගැනීම අවශ්‍යය.
ඒ පරීක්ෂණ වලට අනුව ඔබගේ දියවැඩියාව සීනි මට්ටම පාලනය කර ගැනීමට ඔබ දැනට ගන්නා ලබන ඖෂධ අඩු වැඩි කරගත යුතුය.
මේ සඳහා ඔබගේ වෛද්‍යවරයාට දුරකතනය මගින් ඇමතීම ප්‍රමාණවත් වන අතර වෛද්‍යවරයෙකු ගිහින් හමුවීම අවශ්‍ය අවශ්‍ය නැත.
එසේම මෙලෙස ඔබගේ සීනි මට්ටම යහපත් ලෙස පවත්වා ගැනීමෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය සාමාන්‍ය පරිදි වැඩ කිරීමට පටන් ගන්න නිසා ඔබට Corona සෑදුන ද ඔබ අසාධ්‍ය වීම සහ මරණයට පත්වීමේ සම්භාවිතාව අඩු කර ගැනීමට හැකියාවක් පවතී.
එසේම ඔබ රෝහල් ගතවුවහොත් දියවැඩියාව ඇති බව , ක්ලිනික්` පොත්, ඔබ ගන්නා බෙහෙත්, වෛද්‍ය වාර්තා ඇත්නම් ඒවා සියල්ල රැගෙන ඒවා වෛද්‍යවරුන්ව වහාම දැනුවත් කිරීම අත්‍යවශ්‍යවේ.
රෝගී වූ විට බොහෝවිට ඉන්සියුලින් මගින් දියවැඩියාව පාලනය කළ යුතුය.
මේ වෙලාවේදී
_ ඉන්සියුලින් වලට කැමති නෑ,
_ ගෙදර අය ඉන්සියුලින් වලට
කැමති නෑ ,
_ ඉන්ජෙක්ෂන් ගහන්න කැමති
නෑ
_ ඉන්සියුලින් වලට ඇබ්බැහි වෙයි,
_ මම බොන බෙහෙත් බොන්නම්
වගේ මෝඩ කතා කියන්න එපා.
ඔබේ ජීවිතය ඔබට වැදගත් බව ඔබ වටහාගත යුතුයි.
බෙහෙත් පෙති අසාධ්‍ය රෝගීන් සඳහා රෝහලේදී ලබාදීම සුදුසු නොවන අතර රෝහලේදී අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන්නේ ඉන්සියුලින් පමණක් බව කරුණාවෙන් සලකන්න.
ඔබගේ ළබැඳියන් ට වැඩිහිටියන්ට සහ දියවැඩියා, ප්‍රෙශර් රෝගීන් සිටී නම් මේ පණිවිඩය ලබාදෙන්න.
එසේම ඔවුන් ආරක්ෂා කරගැනීම ඔබගේ ද යුතුකමක් වගකීමක් වන නිසා අනවශ්‍ය ලෙස ඔවුන් හමුවීමට බලන්න යෑමට වැනි දේ කිරීම මේ කාලය තුළ නොකර සිටින්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි, උපුටාගැනීම තහනම් .
කොරෝනා වයිරසයෙන් ඔබේ ළබැඳියන් ආරක්ෂා කරගන්න පුළුවන් එක ක්‍රමයක් විදියට ,
Facebook twitter ඔස්සේ ලිපිය share කර මේ ගැන දැනුවත් කරන්න .