විසබීජහරණ කුටි භාවිතයට සුදුසුද???
පිළිතුර නැත
මේ දවස් වල වැඩි හරියක් අහන ප්‍රශ්නයක්
විසබීජහරණ කුටි භාවිතය බොහෝ කාලයක් තිස්සේ විවිධාකාර ස්ථානවල සහ පර්යේෂණ ආයතන වල භාවිතා කරන
එක ක්‍රමවේදයක්.
එය සුදුසුවන සහ නුසුදුසු වන අවස්ථා තිබෙනවා.
මේ සඳහා භාවිතා කරන තාක්ෂණය ඉතා ඉහල තාක්ෂණයක්. නමුත් corona වසංගතය සඳහා මෑතකාලීනව නිෂ්පාදනය වෙන විෂබීජහරණ කුටි වලින් අපිට අවශ්‍ය කාර්යය හරියට සිදු වෙනවා ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.
බොහෝවිට මේ විෂබීජ හරණය සඳහා අපි භාවිතා කරන්නේ ( alcohol)
ඇල්කොහොල් වලින් .
අපි සාමාන්‍යයෙන් මෙම alcohol වලින් අත් සේදීම තත්පර විස්සක්වත් සිදුකල යුතුයි.
නමුත් මෙම කුටිවල ඉතා සුළු කාලයක් තුළ ගමන් කිරීම තුළින් මේ කියන විසබීජහරණය හොදින් කළ නොහැකිය.
එම විශබීජහරණ කුටිවලට ඇතුල්වීමේදී ඇති පොලිතින්වල ගෑවීම කොරෝනා පැතිර වීමට හේතුවක් විය හැකිය.
ඒ වගේම corona රෝගිය ක් විෂබීජහරණය කුටියක් භාවිතා කිරීමෙන් පසුව එය භාවිතා කරන අනෙක් අයට කොරොනා බෝ වීමේ අවදානමක් නැතිබව තහවුරු කර නැත.
මෙසේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ස්වසන පද්ධතියට ඇතුළුවීම ඇස් වලට යෑම සහ සම මත පතිත වීම නිසා ඇතිවන විවිධාකාර වූ තත්වයන් කැස්ස ඇස් රතුවීම සහ සමේලප ඇතිවීම වැනි තත්ත්වයන් කොරෝනා රෝග ලක්ෂණ ලෙස වැරදි අර්ථකතනයක් ඉදිරිපත් කළ හැකිය.
මේ සඳහා භාවිතා කළ හැකි වෙනත් රසායන ද්‍රව්‍යවල ඇති අතුරු ආබාධ සහ පිළිකා කාරක ගුණාංග ගැන අපි වැඩි දුර අධ්‍යයනය කර නැත.
දැන් දැන් විෂබීජ නාශන කුටි ව්‍යාපාරයක් කරගෙන ඇති බව පෙනීයයි .
මේ ඇත්තටම ජනතාවගේ සිත සතුටු කිරීමට ඇති නිෂ්පාදනයක් මිස ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ .
වර්තමානයේ අපිට ලක්ෂයකට ලක්ෂ එකහමාරකට විතර මෙවැනි කුටියක් මිලදී ගැනීමේ හැකියාව ඇති බව විවිධාකාර දැන්වීම්වලින් දැනුම්දෙනවා.
මෙවැනි කුටි බැංකුවල supermarket සහ කාර්යාලවලට අලෙවි කිරීම සමහර ව්‍යාපාරිකයන්ගේ උත්සහයයි..
එමගින් කොරෝනා අවදානම ඉහළ යෑම සිදුවේ .
සරල උත්තරය මේ කුටි මිලදී ගන්න එපා.
අත් සේදීම, නෑම, ගෙදරට වෙලා සිටීම stay home , සමාජ දුරස්ථභාවය social distancing , මාස්ක් පැලදීම මගින් කොරෝනා පැරදවීමට පුලුවන් .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි, උපුටාගැනීම තහනම් . Facebook twitter ඔස්සේ share කරන්න.