Posted on

විනාඩි දෙකක කියවීමක්

වෛද්‍ය රොෂාන් පියරත්න MBBS, MD

මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ලෝකය පුරාම පැතිරිලා යන corona virus එක.
මේක හින්ද හැදෙන ලෙඩේ ලංකාවට එන්නේ නෑ කියලා විශ්වාස කරන්න බෑ
පිටරට මිනිස්සු ඕනතරම් මෙහෙ එනවා.
 ඒත් මේ වයිරස් එක ලංකාවට එන එක නවත්තන්න අපි අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි හරියට දන්නෑ .

ඒ වුණාට අපි දැනගෙන ඉන්න එපැයි මේක පැතිරෙන්නේ කොහොමද කියලා.
මේකත් පැතිරෙන්නේ, අර ඉන්ෆ්ලුවෙන්සාව හෙම්බිරිස්සාව වගේ කැස්ස සෙම සොටු වලින් තමයි.

පැතිරෙන එක වළක්වා ගන්නම් කරන්න ඕනි ,
මුඛ වාඩම් (Masks ), Tissue පාවිච්චි කිරීම,
නිතර අත් සේදීම ,
රෝගීන් අසලට නො යාම වගේ දේවල් කරන්න පුළුවන්.

ඒ උනාට ප්‍රශ්නේ තියෙන්නේ අපිට
👇👇👇👇👇
බස් එකේ කෝච්චියේ වැඩට යන කට්ටිය රස්සාවට යන කට්ටිය නොගිහිං ඉන්නද ?

කඩේට පොළට මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නැතුව ඉන්නද ? මළගෙවල්වල,  දානේ ගෙවල්වල, වෙඩින් වල, උත්සවවල ,කොටහළු පාටි, සංගීත පාටි ,මෙකී නොකී එක එක ජාතියේ පාටි වලට නොගිහින් ඉන්න ද ?

ඒ විතරක් නෙමෙයි ළඟ එන බීච් පාටි වැලන්ටයින් පාටි.. මේවට නොගිහින් ඉන්න පුළුවන් වෙයිද ?
කොහොමද එහෙම වෙන්නෙ මැරුණත් ඒවට යන අය ඉන්නවනෙ.
ස්විමිං පූල්,  පාසලේ නිවාසාන්තර තරඟ ,  මොන්ටසෝරියේ ගමන්,  ටියුෂන් ක්ලාස්  වගේ නොගිහින් ඉන්න පුළුවන් වෙයිද ?

ගෙදර ඉඳන් ෆේස්බුක් එකේ ඔහේ පෝන් එකේ කොට කොට ඉන්න සෙට් එකටනම් මේකෙන් ලොකු ප්‍රශ්නයක් එන එකක් නෑ.

හැබැයි ඔබේ
හැබැයි ඔබේ ෆෝන් එකේ පිරිසුදුකම බලන්න වෙයි .
පෝන් එක හරහා ඉන්ෆ්ලුවෙන්සා වගේම corona යන්න පුළුවන් .

මාළු මාකට් මස් කන්ඩ යනකොට දෙපාරක් හිතුවට වරදක් නෑ.

කැස්ස, හෙම්බිරිස්සාව, උණ හොටු එන එක,  පීනසේ මේ වගේ ඒව තමයි රෝග ලක්ෂණ

ඒ වගේ ලක්ෂණ තියෙන ලෙඩ්ඩු ලඟට නොයා ඉන්න එක හොඳයි. හැබැයි ලෙඩ්ඩුන්ට නොසලකා හරින්න එපා .
රෝහලට එනකොට හත්මුතු පරම්පරාවේ ඔක්කොම එන්න ඕනෙද ?

ඉස්පිරිතාලේ ඉන්න ලෙඩෙක් ගෙන් එයා බලන්ඩ එන කෙනෙකුට බෝ යන්නත් පුලුවන්.

ඒ වගේම බලන්න එන සාමාන්‍ය මිනිහෙකුට corona හැදිලා තිබුනොත් එයාගේ මුළු ඉස්පිරිතාලෙටම බෝ වෙන්නත් පුළුවන්.

ඒක නිසා එන ඉස්පිරිතාලෙ ගමන් අඩු කරනවා නම් හොඳයි. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න කිරි සප්පයෝ එහෙම උස්සන් එන්න එපා.
  ඒ කිරි සප්පයන්ට  ලෙඩා ගැන තේරෙන්නේ නෑනේ ඒක හින්දා ඒ අය ගෙදර තියලා එන්න.

ඕනෙම නං එන එක් කෙනෙකුට වයිබර් කෝල් එකක් එහෙම නැත්නම් වට්ස්ඇප් ඕනෙම වීඩියෝ කෝල් එකක් දීලා ලෙඩාගෙ විස්තර බලන්න .
යාළුකමේ ලොකු වෙනසක් වෙන එකක් නම් නෑ.

හැම ඇඟේ අමාරුවටම  කැස්සට Antibiotics (  ඇමොක්සිලීන් එහෙම ) බොන අයට නම් හොඳටම කෙල වෙන්න චාන්ස් එකක් තියෙනවා .

ඒක නිසා පරිස්සම් වෙලා ඉන්න වෙනවා.

ඇදුම, හතිය, දියවැඩියාව ,වකුගඩු අසනීප, පිළිකා , අක්මාවේ අසනීප,  හෘදය වස්තුවේ අසනීප තියෙන සහ වෙනත් දීර්ඝකාලීන අසනීප තියෙන ලෙඩ්ඩුන්ට නං මේකෙන්  සුදු කොඩි පේන්න පුළුවන් .

ඒ වගේම තමයි අවුරුදු 5 ට අඩු ළමයින් ට 65 ට වැඩි වැඩිහිටි කට්ටියට මේ ලෙඩේ හැදුනොත් ජීවිත අවදානමක් එන්න තියෙන චාන්ස් එක හොඳටම වැඩියි .ඒ විතරක් නෙවේ ගර්භණී අම්මලා ගොඩක් පරිස්සම් වෙන්න ඕන .
ඒක හින්දා ඒ අය ගෙදර ඉන්නවනම් බොහොම හොඳයි.රැකියාවට යන ගර්භණී අම්මලා ගොඩක් පරිස්සම් වෙන්න ඕන .!!!
  ඒ වගේමයි ඒ වගේ කට්ටිය ගෙදර ඉන්නව නම් ගෙදර අනික් අයත් පරිස්සම් වෙන්න ඕන. මොකද තමන් පිට ඉදන් corona virus එක ගෙදර ගෙනල්ලා ඒ මිනිස්සුන්ට බෝ කරන්න අවස්ථාවක් තියෙන නිසා.

ගෙවල් වල ඉන්න  කිරි සප්පයෝ බලන්න  යන්න එපා.
එහෙම යන්න ,එන්න  අහනවනං එන්ඩ දෙන්නත් එපා .
පොඩි එවුන් බලන්ඩ ආවොත් කාට හරි පොඩි එකාව උන්ට පෙන්නන්න ඕනෙත් නෑ corona හැදීලා සුදු කොඩි යට හූල්ල හූල්ල ඉන්නවාට වඩා මෝඩ නෑදෑයෙක් තරහ වෙන එක නම් ලොකු දෙයක්.

ඉස්පිරිතාලයේ වැඩ කරන අයට නම් දෙයියන්ගෙම පිහිටයි.
නර්ස්ලා  දොස්තරලා සහ අනික් කාර්‍යමණ්ඩල  වගේම සුළු සේවකයෝ හැමෝම තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නවා නම් හොඳයි.

වැඩට ගිහින් ගෙදර ගියාම නාන්නෙ වත් නැතුව පිරිසිදු වෙන්නැතුව ගෙදර අය එක්ක කතා කරන්න , ගෙදර පොඩි ළමයි හුරතල් කරන්න එපා.

පිරිසිදු වෙලා ඉවරවෙලා ගෙදර ළමයි එක්ක කතා කරල ගෙදර කට්ටියත් එක්ක ආදරේ පානවා නම් හොඳයි.
එහෙම කරනවා කියලා වටේපිටේ අසල්වැසියෝ අරවා මේවා කියනවා නම් හොදටම අඳුරගන්න පුළුවන් ඒ ඉන්නේ ඔයාගේ පවුල හොඳම හතුරෝ.

තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගන්න වෙයි මොකද ලංකාව තාම වසංගතයට සූදානම් වෙලා නැති හින්ද ……….

සෞඛ්‍ය අංශය වත් රාජ්‍ය අංශයේ වත් ඒ සඳහා තාම ලොකු වැඩ පිළිවෙළක් පාවිච්චි කරන්නේ නෑ .
ඒ නිසා තමන්ගේ ආරක්ෂාව  තමන්ට හැදෙන්න එක අවම කරගැනීම සහ තමන් ගේ පවුලේ කට්ටිය ආරක්ෂාව තමන් අතේ තියෙන්නේ .
ඒක හින්දා හැමෝම ඒ විදිහට වැඩ කළොත් ගොඩක් අයට හැදෙන එක අඩු කරගෙන මෙය වසංගතයක් නොවන තත්වයකට පාලනය කරගන්න පුලුවන් වෙයි.

මේකට ප්‍රතිකාරයක් නෑ .
කරන්න තියෙන්නෙ උණ (fever) කැස්ස ( cough ) සඳහා ප්‍රතිකාර කිරීම පමණයි.

  හොඳම දේ තමයි හොඳට කාල හොඳට වතුර බීලා ඉන්න.
  

මේ දේවල් හොඳට මතක තියාගන්න.

ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියොත්  ඕනතරම්  antivirals / antibiotics එකී මෙකී නොකී හැම බෙහෙතක්ම දෙයි .
ප්‍රයිවට් හොස්පිට්ල් වලට නම් කල්ල මරේ කාලයක් වෙයි.
  
   තවම තහවුරු කරල නෑනෙ ප්‍රතිකාරයක්.
     ඒ නිසා වළක්වා ගැනීම හොඳයි ලෙඩේ හැදිලා මැරෙනවා දුක් වෙනවට වඩා.

මේ නිසා තමන්ගේ අතට තම තමාගේ ආරක්ෂාව විතරයි කියලා මතකෙ තියාගෙන,
තමන්ගේ පවුලේ ආරක්ෂාව ගැන නැවත නැවත හිතල යන එන හැමතැනම අවශ්‍යමනම් විතරක් යන එක තමයි හොඳ !

තව දෙයක් ,

ඔබට අවශ්‍යම නම්,
කොරෝනා වෛරසය express online parcel  මගින් ද චීනය සිට ආනයනය කර ගෙන්වාගත හැක.
ඒ ගැන හිතලා මේ ටිකේ චීනෙන් බඩු ගෙන්නන එක ගැනත් ආයෙත් හිතන්න .
                            //////////

රෝගය පැතිරීම වැලැක්වීම වැදගත් නිසා, හැකිතාක් මේ ගැන සත්‍ය තොරතුරු පමණක් ශෙයා කරන්න .

හොඳට මතක තියාගන්න , කැස්ස උණ තියෙනවා නම් රජයේ රෝහලකට යන්න .

වෛද්‍ය රොෂාන් පියරත්න MBBS, MD
ජේෂ්ඨ ලේඛකාධිකාරී
මහාචාර්ය වෛද්‍ය ඒකකය
ශික්ෂණ රෝහල , රාගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *