අලුත උපන් බිළිඳාගේ නින්ද
By Ronithi Sardathilake
අලුත උපන් දරුවන් සාමාන්‍යයෙන් සෑම පැය 24 කටම පැය 16 ක් පමණ නිදා ගනී .
නමුත් සියලුම නවජසූතින් මෙසේ නොවන අතර ,
ඔවුන්ගේ නින්දේ රටාවන් බොහෝවිට වෙනස් විය හැකිය.
අලුත උපන් දරුවන් රාත්‍රියට නිදාගත යුතු බව දන්නේ නැහැ.
ඔවුන් සාමාන්‍යයෙන් දිවා රෑ දෙකේම කෙටි නින්දවල් කීපයක්ම ලබාගනී.
සෑම නින්දක්ම සාමාන්‍යයෙන් පැය
2 – 3 හෝ 4 ක් පවතී.
සමහර අලුත උපන් දරුවන් වරකට පැය හතරක් පමණ නිදා ගනී.
අලුත උපන් දරුවන් අවදි වූ විට, සාමාන්‍යයෙන් කිරිබීම සිදුකරයි. කිරි දීමෙන් පසු, දරුවා සාමාන්‍යයෙන් නිදන්නට කැමති වන අතර ශරීරයේ කිසියම් අපහසුතාවයක් , නිවැරදිව ගුඩුස් යවා නැත්තම් නැවත නින්දට යාම පමා වනු ඇත.
මේ වයසේ ක්‍රීඩා කාලයක් නැති නිසා නිදාගැනීමටම ළදරුවන් ප්‍රිය කරයි.
අලුත උපන් බිළිඳාගේ නින්දේ චක්‍ර
1. ක්‍රියාශීලී නින්ද Active Sleep
2. සන්සුන් නින්ද. Quite Sleep
ක්‍රියාශීලි නින්ද
අලුත උපන් ගොඩක් පහසුවෙන් ශ්බ්ද නඟයි, දඟලයි.
ක්‍රියාශීලී නින්දේදී දරුවා පහසුවෙන් අවදි කළ හැක
කුඩා ශබ්දයටත් අවදි වීමට ඉඩ ඇත.
නිහඬ, සන්සුන් ) නින්ද,
අලුත උපන් දරුවන් ගැඹුරු සහ එකම විදියේ හුස්ම ගනී.
සන්සුන් නින්දේදී ඔවුන් අවදි වීමට ඇති ඉඩකඩ අඩුය.
අලුත උපන් දරුවන් නිදා සිටින විට ඔවුන් නිදි චක්‍ර හරහා ගමන් කරයි .
සෑම අලුත උපන් බිළිඳෙක්ම
සක්‍රීය නින්ද සහ සන්සුන් නින්ද යන චක්‍ර පෙන්වන අතර මේ සඳහා සාමාන්‍යයෙන් මිනිත්තු 40 ක් පමණ ගතවේ.
සෑම චක්‍රයක් අවසානයේම අලුත උපන් දරුවන් ටික වේලාවක් අවදි වේ. ඔබේ අලුත උපන් දරුවා අවදි වූ විට, ඔහු කෙඳිරිගාමින්, කෙඳිරිගාමින් අඬන්නට ඉඩ තිබේ.
නින්දේ චක්‍රයක් අවසානයේ ඔබේ දරුවා අවදි වුවහොත්, ඊළඟ නින්දේ චක්‍රය සඳහා ඔබ දරුවාට උදව් කිරීමට අවශ්‍යයයි.
රාත්‍රීයට අලුත් බිළිඳුන් අවදිවීම සාමාන්‍ය දෙයක්.
පළමු මාස කීපය තුල අලුත් බිළිඳුන් රාත්‍රියේ අවදිවීම සහ කීපවතාවක්ම කිරි දෙන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්.
උපතින් මාස 1 ත් 3 ත් අතර හෝ තුන අවසන් වේගන යනවිට හෝ මාස 3 සම්පූර්ණ වෙත්ම රාත්‍රීයට වැඩි වෙලාවක් නිදන්නට පටන් ගනී.
නමුත් මාස හයක් වන තුරු, බොහෝ ළදරුවන් රාත්‍රීයට කිරිබීම අඩු නොකරයි.
ඒ වගේම ඔබේ දරුවා, නොමේරූ හෝ අඩු උපත් බර දරුවෙක් නම් දිවා රාත්‍රී දෙකේම ළදරුවාට කිරි දීම , ළදරුවාගේ නින්ද ආදී සියල්ල ගැන ළදරු රෝග විශේෂඥ වෛද්‍යවරයා හෝ පුහුණු හෙද නිළධාරිනියන් විශේෂ උපදෙස් ලබදෙන අතර ඒ අනුව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය දෙයකි.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .
ෆේස්බුක් / twitter ඔස්සේ share කරන්න