ඉන්ෆ්ලුඑන්සා උණ
Influenza fever
සල්ලි කන උණ
(Dr Roshan Piyarathne
MBBS MD )
විනාඩි 2ක කියවීමක්
2019
සාරාංශය…….
සාමාන්‍යයෙන් , නිරෝගී මිනිසුන්ට වසංගත තත්ත්වයකදී හැර මේ
-රෝගය සඳහා ප්‍රතිකාර කිරීම,
-රෝග සඳහා පරීක්ෂණ කිරීම,
-රෝගය සඳහා එන්නත් කිරීම,
-රෝගය ඇති වේයැයි බියෙන් ප්‍රතිකාර කිරීම
කිසිසේත්ම අවශ්‍ය කාරණයක් නොවන අතර මෙයන් සිදුවන්නේ ආර්ථික හානියක් පමණයි .
ඉන්ෆ්ලුඑන්සා යනු වෛරසයකි.
මේ පරිසරයේ කුරුල්ලන් ආශ්‍රිතව පවතින වෛරසයක් වන අතර මෙහි වර්ග තුනක් පවතී .
Influenza A
Influenza B
Influenza C
මෙහිදී B හා C ඉතාම සුලු අසනීප තත්ත්වයන් වන අතර මාරාන්තික බවින් අඩුයි.
නමුත් සමහර A කාණ්ඩයේ virus නිසා ඇතිවන තත්ත්වයන් ඉතාම මාරාන්තික සහ ජීවිතය නැති කිරීමට සමත් වසංගත වේ.
ඉන්ෆ්ලුඑන්සා A වෛරස විශාල සංඛ්‍යාවකින් සමන්විත කාණ්ඩයකි.
බොහෝවිට මේවා සාමාන්‍ය උණ හෝ කැස්ස තත්ත්වයන් ඇති කරයි .
සමහරවිට කලාතුරකින් දරුණු වසංගත තත්වයන් ඇති විය හැකිය .
එසේ වූ වයිරස් වර්ග( Influenza A) වන්නේ
H1N1- swine flu 2009
H2N2- asian flu 1957
H5N1- bird flu 2004
(H1N2/H7N2/H9N2 ……
තවත් බොහෝ ඇත ) මේ අවුරුදු වල මිලියන ගනන් මිනිසුන් මියගොස් ඇත .
ඉන්ෆ්ලුඑන්සා රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත සෙම බිඳිති අපගේ ස්වසන මාර්ගයට ඇතුලු වීමෙනි .
එසේත් නැතහොත් එම සෙම බිඳිති ගෑවුනු තැන් ස්පර්ශ කිරීම හරහා එම ස්පර්ශයෙන් අපේ මුහුණ සහ මුඛ මාර්ගයෙන් ආශ්‍රිතව පැමිණිමයි .
ව්‍යාප්තිය වළක්වාගැනීමට
-මුඛවාඩම් mask පැළඳවීම
-කැස්සට / සෙම ඉවත් කරන විට නිවැරදි වීම
-අත් සේදීම කලයුතු ය.
————————————-=========–

රෝග ලක්ෂණ-
හදිසියේ ඇතිවන උණ (වෙව්ලමින්, සීතලක් )
කැස්ස සෙම ඇතිවීම
සොටු දියර ගැලීම
නහය බර ගතිය
කිවිසුම් යාම වැනි තත්වයන් ඇති විය හැක.
ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති විය හැකිය .
ඊට අමතරව ඇගේ අමාරුව දුර්වල ගතිය පණ නැති ගතිය සහ කැක්කුම බොහෝවිට ඇතිවේ.
මීට අමතරව ඇස් වල ඇතිවන දැවිල්ල සහ කඳුළු ඒම වැනි තත්වයන් ඇති වියහැකිය .
Test- පරීක්ෂණ
ඉන්ෆ්ලුඑන්සා තත්වය පරික්ෂා කිරීම සඳහා විවිධාකාර පරීක්ෂණ පවතී .
උගුරේ හෝ නාසයෙන් සෙම නියැදියක් ගෙන සිදුකරන පරික්ෂණය බහුලව දක්නට ලැබේ .
ර්‍එයින් 95% ක පමණ නිවැරදි සම්භාවිතාවයකින් ඉන්ෆ්ලුඑන්සා හදුනා ගැනීමට හැකිය .
එසේ ඉන්ෆ්ලුඑන්සා A හා B යන කාණ්ඩ දෙක අඳුනා ගැනීම පමණක් සිදුවේ .
නමුත් ඉන්ෆ්ලුවෙන්සා ඒ වසංගත උණක් ලෙස අපට වර්ග කළ නොහැකිය .
මක්නිසාද යත් ඉන්ෆ්ලුඑන්සා A ඉතාම දරුණු තත්ත්වයේ වයිරස් මෙන්ම ඉතාම අහින්සක වෛරස විශාල ගනනකින් යුත් සමූහයකි.
අප බියවන ඉන්ෆ්ලුඑන්සා A ( H1N1) තත්වය ඇතිවන්නේ ඉතාම කලාතුරකිනි .
පරීක්ෂණ අවශ්‍ය වන්නේ ඉතා අවදානම් පුද්ගලයින් සඳහා පමණි.
එසේ පරීක්ෂා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල වල කිසිදු වාසියක් නොමැති අතර ඉන් වන්නේ ඉතා විශාල ආර්ථික හානියක් සහ අමතරව බය ගැනීමකි .
ඉන්ෆ්ලුඑන්සා A positive බව සාමාන්‍ය රෝගීන් සඳහා කිසි තේරුමක් නැති දත්තයකි.
( පහත අවදානම් පුද්ගලයින් ගේ අසල්වැසියන් නම් පරීක්ෂා කර බැලුවාට කමක් නැත )
සාමාන්‍ය ශරීර සෞඛ්‍යයක් පවතින කිසිවකු ඉන්ප්ලුවෙන්සා සඳහා පරික්ෂා කිරීම අනුමත කළ නොහැකිය .

පරීක්ෂාව කිරීම සඳහා පවතින අධික අවදානමක් සහිත කණ්ඩායම් වන්නේ,
– ගර්භනී මාතාවන්
-අවුරුදු 65ට වඩා වැඩිපුද්ගලයින්
-අවුරුදු 2 ට වඩා අඩු කුඩා දරුවන්
-දියවැඩියාව, හෘදයාබාධ ,ඇදුම හතිය වැනි රෝග පවතින පුද්ගලයින්
-ඉතාම අඩු ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයින්
මේ ඇරුණුකොට වෙන කිසිම පුද්ගලයෙකු පරීක්ෂා කිරීම අවශ්‍ය නැත.
එසේ පරික්ෂා කිරීමෙන් ලැබෙන එකම ප්‍රතිඵලය නම් ප්‍රයිවට් ලැබ් වලට ආදායමක් ලබා දීම පමණි.
මෙම පරීක්ෂණය ඉතා මිල අධික පරීක්ෂණයක් බවද මතකයේ තබාගන්න.
ප්‍රතිකාර ================
ඉන්ෆ්ලුවෙන්සා සඳහා ප්‍රතිකාර පවතී .
ප්‍රතිකාර සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නෙ antivirus නැතහොත් virus සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධයකි.
Oseltamivir ලෙස හඳුන්වන මෙම ඖෂධය සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ වෙළඳ නාමයක් වන tamiflu ලෙසය .
මෙම ඖෂධ ලබාදීමට අවශ්‍ය වන්නේ,
වෛද්‍යවරුන් රෝහලට ඇතුළත් කළ රෝගීන් සඳහා ලබාදිය යුතු බව නිර්ණය කරන අවස්ථාවක්
එසේත් නැතහොත් ඉහත දක්වන ලද අවදානමක් සහිත රෝගීන් වන ගර්භනී, අවුරුදු 65ට වැඩි ,අවුරුදු දෙකට අඩු සහ වෙනත් දීර්ඝකාලීන අසනීපවලින් පෙළෙන පුද්ගලයින්ට පමණි.
ඒ පුද්ගලයින් හැරුණුකොට සාමාන්‍ය ශරීර සෞඛ්‍යයත් ඇති සාමාන්‍ය පුද්ගලයින්ට කිසිසේතම මෙම ඖෂධය ලබා දිය යුතු නැත.
එසේ ලබා දීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් ද නැත.
බොහෝ විට මෙම ඖෂධ ලබාදීමෙන් වන එකම ප්‍රතිඵලය ඔබට ඇතිවෙන උණ තත්වය හෝ අසනීප තත්වය එක දවසකින් අඩු වීම පමණි.
එනම් දවස් හතරක් පැවතිය යුතු උණ දවස් තුනකින්අඩු වී යාම වැනි තත්වයක් පමණක් ඖෂධ ලබා දීමෙන් බලාපොරොත්තුවිය හැකිය.
එසේ හෙයින් සාමාන්‍ය සෞඛ්‍යය පවතින පුද්ගලයකුට,
නිවසේ සිට බෙහෙත් ගැනීමට හැකි පුද්ගලයෙකුට මෙම ඖෂධ ලබාදීමට අවශ්‍ය නොවෙයි.
ඖෂධය ලබාදෙන්නේ නම් දවස් පහක් සඳහා රුපියල් දහදාහකට අධික මුදලක් ද වැය වෙන බව මතකයේ තබා ගන්න.
යම් හෙයකින් ඔබට ඖෂධය ලැබෙන්නේ නම් කිසිම හේතුවක් නොමැතිව එයින් අදහස් වන්නේ ඔබ නිසා එම ආයතන වලට මූල්‍ය ලාභයක් ලැබෙන බව පමණි.
Antibiotic / ප්‍රතිජීවක
මෙම තත්ත්වයේදී ප්‍රතිජීවක හෙවත් antibiotics ලබා දීම අවශ්‍ය නැත.
මක් නිසාද යත් මෙය වෛරස් ආසාදනයක් නිසා.
එම නිසා ප්‍රතිජීවක ඖෂධ ගැනීම බොහෝ විට හානිකර වන තත්වයට හේතු වේ.
ප්‍රතිජීවක ලබා දිය යුතු තත්ත්ව වන්නේ රෝහල් ගතකර අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ගන්නා රෝගීන් පමණි .
එය වෛද්‍යවරුන් විසින් තීරණය කළ යුතු බැවින් එවැනි රෝගීන් වහාම වෛද්‍යවරුන් කරා ගෙන යා යුතු අතර වෛද්‍යවරු කරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීම වටී.
prophylaxis නැතහොත් රෝගයට කලින් බෙහෙත් ලබාදීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ම නැත.
මීට අමතරව මතක තබාගත යුතු වන්නේ මෙය ,clinical diagnosis නැතහොත් වෛද්‍යවරයකු පරික්ෂා කර නිගමනයකට පත්කරන රෝගයක් බවයි .
මෙය පරීක්ෂණයක් කර නිගමනය කිරීමේ අවශ්‍යතාවක් නැත.

එන්නත් /vaccination ==—====–==
එන්නත් ඉතා ජනප්‍රිය මාතෘකාවක් වේ .
ඉන්ෆ්ලුඑන්සා සඳහා එන්නත් පවතින අතර එන්නත් වසරින් වසර අලුත් වේ.
වසරින් වසර අලුතෙන් එන්නත් කලයුතුය.
පරණ වසරවල ඖෂධ එන්නත් භාවිතා කිරීමෙන් කිසිඳු පලක් නැත.
මේ සඳහා එන්නත් භාවිතා කිරීමෙන් සිදුවන වාසිදායක තත්වය බොහෝ විට 2% කට වඩා අඩුයි.
එනම් එන්නත් කල අයට හැදෙන අවදානම හා එන්නත් නොකල අයට රෝගයේ අවදානමේ වෙනසක් නැති තරම්ය.
එහෙයින් එන්නතේ ද කිසිම වැදගත්කමක් නැත.
එබැවින් මෙම එන්නත් සාමාන්‍ය ශරීර සෞඛ්‍යයක් ඇති අයට ලබා දීමේ කිසිදු අවශ්‍යතාවයක් පර්යේෂණාත්මකව දක්වා නැත.
නමුත් ඉහත දැක් වූ අනතුරුදායක රෝගීන් කොටස එනම් ගර්භණී මාතාවන්,
අවු 65 ට වැඩි ,
අවු 2 ට අඩු එහෙම නැතහොත් දීර්ඝකාලීනව රෝගී තත්ත්වයෙන් පසුවන රෝගීන්
වැනි රෝගීන් සඳහා එන්නත් භාවිතා කිරීම සැහේ.
එවැනි රෝගීන් වහාම රෝහල් ගත කරන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .
ඉතාම වටිනා ලිපියක්.. දැනුවත් විය යුතුම කරුණක්..