දරුවන්ට දඬුවම් 4 punishing children
Ronithi Sardhathilake
Certificate in Early childhood development and language development
පූර්ව ළමාවිය සංවර්ධන ගැටළු__________________
වෛද්‍ය විද්‍යාත්මක පසුබිම
දරුවන් ශාරීරිකව හෝ මානසිකව පීඩාවට පත් වන්නේ දෙමාපියන්ගේ මානසික ආතතිය නිසාම බව පැහැදිලි කරුණක්.
පෙර ලිපියෙන් මේ සම්බන්ධ මනෝවිද්‍යාත්මක පසුබිම කතාකල නිසා මේ ලිපියෙන් බලමු මෙහි වෛද්‍ය විද්‍යාත්මක පසුබිම .
පහර කෑම/ තදින් දෝෂාරෝපණයට ලක්වන විට ශරීරයෙන් ශ්‍රාවය වන්නේ ඇඩ්‍රිනලීන් , කෝටිසෝල් වැනි හෝර්මෝන යි.
මේවා දීර්ගකාලීනව ශ්‍රාවය වීමෙන් ශරීරයට නුසුදුසු බලපෑම් ඇතිකරන්න පුලුවන් .
එනම්.,
ඇඩ්‍රිනලීන් සහ කෝටිසෝල් නිසා ….
– රුධිර පීඩනය ඉහළ යාම
-හෘදයේ ක්‍රියාකාරීත්වය ඉහළ යෑම
(නාඩි වේගය වැඩි වීම)
-ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් ඇතිවීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල යාම
– ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම
– නිතරම විඩාව දැනීම
_සන්ධි වේදනා
-බඩගින්න/ නිතර කෑම ඉල්ලීම
-නින්දේ ගැටළු
_ඉරුවාරදය
වැනි තත්ව ඇතුළු තවත් බොහෝ තත්ව.
මේවා එක වරම ඉහලම අගයන්ට ( peak levels ) ට ළඟා නොවුණත්.. නිතර මෙම හෝර්මෝන ශ්‍රාවය වීමෙන් තරුණ වයසට පෙර ළමාවියේ දීම බෝ නොවන රෝග අවධානමක් ඇතිවීමටද ඉඩ ඇත.
එනම්_________________,
දියවැඩියාව
අධි රුධිර පීඩනය
ඉරුවාරදය
ආතරයිටිස්
ගැස්ට්‍රයිටිස්
හෘද කිරීටක රෝග, විශාදය ඇතුළු තවත් බොහෝ රෝග
ඒ වාගේම දරුවාට ඇති බලපෑම සේම මව / පියාට වන බලපෑමත් ඒ වගේමයි.
රෝගී තත්ව වලට අවධානම් දෙමාපියන් ඉක්මනින්ම ඉහත රෝග ඇතුළු බොහෝ රෝග වලට ගොදුරු වෙන්න පුලුවන් .
ඒත් දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද ඒ අය රණ්ඩු වෙන එක වලක්වන්නේ….ගුටියක් දීලාද …..ඒක පුරුද්දක් වුණොත් ,
ඔව් එහෙම වුණොත් මේ වගේ තත්ව වලට ගොදුරු වෙන්නත් පුලුවන් .
එසේනම්,
කොහොමද දරුවන් පාලනය කරගන්නේ…..එක වරම එන කේන්තියට අත උස්සනවා වෙනුවට මොනවද අම්මලා/තාත්තලා විදියට අපිට කරන්න පුලුවන් ……….
දරුවන් පූර්ව ළමාවියේ කරන වැරදි ලෙස ඔබ හඳුනාගන්නා දේවල් මම කලිනුත් සඳහන් කලා.
නැවත මතක් කරොත් ඒ පහත ඒවායි.
#.අම්මාට අවශ්‍ය ප්‍රමාණයට දරුවා කෑම නොගැනීම.
#.නොනවත්වා හැඬීම හෝ කෑගැසීම
#.එපා කියන දේම නැවත කිරීම.
#.නිවසේ බඩු අදිමින් ඒවා ඇවිස්සීම
#ඇඳුමක් අඳින්න එන්න කීවාම නෑසුණාසේ සිටීම
#.එම දරුවාගේ බාල සොහොයුරු
සොහොයුරියන් සමඟ රණ්ඩු වීම
#.පෙර පාසැලෙන් / පාසැලෙන් දෙන
වැඩ කිරීමට මැලිවීම
#.අමතර පන්ති යෑමට සහ ඒවාගේ
වැඩ කිරීමට මැලිවීම.
#.අම්මාට ගෙදර වැඩක් කරගැනීමට
නොහැකි සේ කරදර කිරීම
( වඩාගැනීමට හෝ ළඟට වෙලා
ඉන්න කියලා)
මීට අමතරව අවුරුදු 2 -5 අතර වාගේ දරුවන් ක්‍රමානුකූලව මළ ,මුත්‍රා පිටනොකරයි නම් වැසිකිළි / කොමඩ් භාවිතය නොකරයි කියා දරුවාට පහර දෙනවා නම් හෝ බණිනවා නම් හොඳින් සිහි තබා ගන්න එය ළමා අපචාරයක් බව.( ඒ ගැන පසුවට වෙනමම ලියන්නම්.)
ඉතින් ඔය මම ඉහතින් සඳහන් කරපු, ඔබ වැරදි වැඩ කියලා හංවඩු ගහපු දේවල් ගැන ආයෙත් හිතන්න.
එතකොට මේ වැරදි වලදි විතරයි ද ඔබේ අවධානය දරුවාට ලැබෙන්නේ….ගොඩක් දුරට එහෙමයි .
ඔන්න දරුවන්ට දෙන්න පුළුවන් සුන්දර දඬුවම් දෙකක් ගැනයි මේ කියන්න යන්නේ……….
1. Praise good behavior
හොඳ චර්‍යාවන් , හොඳ ක්‍රියාකාරකම් අගය කරන්න.
2. Reward good behavior
හොඳ චර්‍යාවන්ට ළකුණු / තෑගි ලබාදෙන්න.
දරුවෙක් සතුටින් යමක් කරන විට අම්මට/ බලාගන්න කෙනාට කරදරයක් නෑ…ඉතින් ඒ වෙලාවට දරුවාට වැඩිහිටියාගේ අවධානය ලැබෙන්නේ නැතිම තරම්.
නමුත් දරුවා වරදක් කරා,කෑගැසුවා වගේ ක්‍රියාවක් වැඩිහිටියන්ගේ අවධානයට හොඳින් ලක් වෙනවා..
එතකොට තමයි වැඩිහිටියන් ක්‍රියාත්මක වෙන්නට පෙළඹෙන්නේ .
නමුත් ඇයි ඔබට බැරි පොඩි වෙලාවක් අරන් දරුවාගේ හොඳ වැඩේ අගය කරන්න.
එවිට මොළයේ ස්නායු සෛල වලින් ශ්‍රාවය වන ,ඩොපමින් [ Dopamine ] නම් රසායන ද්‍රව්‍ය නිසා සතුටින් තියන්න ,ක්‍රියාශීලි වෙන්න ,උනන්දු වෙන්න අවශ්‍ය හෝර්මෝන ශ්‍රාවය වීමෙන් ඔවුන්ට ලැබෙන උත්තේජන නිසා ඔවුන් සතුටට පත් වෙනවා සේම නැවතත් හොඳ දේවල් කරන්නට නිතැතින්ම පෙළඹෙනවා…
ඉතින් අපි පුරුදු වෙමු හොඳ දේවල් අගයන්න . ඒවාට ලකුණු හෝ තෑගි දෙන්න [ rewards ]
මේ වගේ ක්‍රමයකින් පුළුවන් දරුවෙකුගේ යහපත් චර්‍යා උත්තේජනය කරන්නට වාගේම අයහපත් චර්‍යා යටපත් කරන්නටත්.
ඊළඟ ලිපියෙන් තවත් විස්තර ගේන්නම්………..
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .