Posted on


දරුවන්ට  දඬුවම්

පූර්ව ළමාවිය සංවර්ධන ගැටළු

By Ronithi Sardhathilake
Certificate in Early childhood development and language development

පෙර ලිපියේ සඳහන් කලානෙ,දෙමව්පියන්ගේ ක්ෂණික කෝපය නිසා දරුවන් පීඩාවට පත්වෙන්න පුලුවන් ආකාරය.

ඇත්තටම ඔබේ කේන්තිය අහිංසක දරුවා පිටින් යැවීම සාධාරණ දෙයක් ද?

ඔවුන්ගේ ජීවිතයද නිදහස් ස්වාධීන ජීවිතයක් විය යුතුයි .

කුඩා කල සිටම නිදහසේ හැදෙන දරුවන් නිර්මාණශීලී දරුවන් වනවා සේම ඔවුන් ජීවිතයේ අභියෝග ඉලක්ක ඉතාම පැහැදිලිව ජයගනු ලබනවා.
යම්කිසි රාමු වලට කොටුවූ දරුවන් යන්ත්‍ර සූත්‍ර මෙන් ක්‍රියාකරන තමාට කියා කිසිවක් ස්වාධීනව කරගත නොහැකි පිරිසක් බවට පත්වෙනවා..

දරුවෙකු කුසෙන් බිහිකල නිසාම ඔහු අපි කියන විදියටම හැදෙන්න ඕනෑ..කියා නියමයක් නැහැ .
එහෙත් අවාසනාවකට ගොඩක් දෙමාපියන් සිතන්නේ ඒ ආකාරයටයි .

තමාට ලඟා වෙන්නට බැරිවුණු, ඉලක්ක ජයග්‍රහණ දරුවා තුලින් බලාපොරොත්තු වීමයි.

තමන්ට ඇතිවන කේන්තිය ,මානසික ආතතිය දරුවා මතින් යැවීමට පහරක් දීම දෛනික අංගයක් කරගත් මව්වරුන් බොහෝමයි.

රැකියාව ,ගෙදර වැඩ, සමඟ දරුවන්ගේ වැඩ .. ඔක්කොම වාගේ නිවසක  මවමතට පැටවී තිබීම මෙයට ප්‍රධානම හේතුවයි.

අහිංසක ළපටියන්ට, අම්මාගේ සහ තාත්තාගේ මානසික මට්ටම අවබෝධ කරගැනීමට පුලුවන් කමක් නෑ..නමුත් දෙමාපියන් සිතන්නේ ඔවුන්ගේ මානසික මට්ටම දරුවන් වටහා ගන්නා බවයි.

එසේ සිතා තමා කියන දේ එකපාරින්ම දරුවන් අවබෝධ කරගනීයැයි බලාපොරොත්තු වෙනවා..
ඉතින් එසේ නොවුණු කල දරුවන්ට බැණ වදින්නට හෝ පහර දීමට පෙළඹෙනවා.

දරුවන්ගේ වැරදි හමුවේ…. ලබාදෙන්න ඕන අවසාන දඬුවම පළමුවෙන්ම ලබාදීම ඔවුන් මුරණ්ඩු දරුවන් වන්නට අනිවාර්යයෙන්ම මඟපාදනවා…..ඒ වගේම මෙවැනි දරුවන්, දිනයක දෙමව්පියන්ට හොරෙන් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමටත් මඟ පාදා ගන්නවා…..

වරක් දෙවරක් තුන් වරක් ගුටි කෑමට ලක්වූ දරුවෙක් අම්මාගේ හෝ තාත්තාගේ ගුටිය” විහිළුවකට ගන්නවා සේම ඔවුන්ට දරන්න හැකි [ tolerable ] සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්නවා…

ඒ නිසා දරුවන් තමාට ගුටියක් නේ ලැබෙන්නේ…කියන අදහසින් නැවත නැවතත් දෙමව්පියන් විශේෂයෙන්ම අම්මා කේන්ති ගැන්වීමට උත්සහ දරනවා…………….

මේ ගැන අත්දැකීම් තියෙන මව්වරුන් මා සමඟ කතා කරා..ඔවුන් එය සත්‍යයක්ම බව පැවසුවා…

ඉතින් මේ ක්‍රමයෙන් යහපත් දරුවෙකු බිහිවෙනවා විනා දෙමව්පියන්ටත් හොරෙන් තමාගේ අවශ්‍යතා සපුරා ගන්නා සමාජයට වෛර කරන පුද්ගලයෙකු නම් බිහිවෙන්න පුලුවන් .

ඉතින් පුංචිම පැටව් මේ තත්වයෙන් මුඳවාගෙන නිදහස් සරළ දරුවන් ලෙස අනාගතයට යැවීම බුද්ධිමත් දෙමව්පියන් වන අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්.

කලින් ලිපියක  සඳහන් කල පොඩ්ඩන්ගේ වැරදි ලෙස වැඩිහිටියන් විසින් නම් කරන ලද වැරදි වලට දඬුවම් අවශ්‍යමද………..?

එසේ නම් ඒ දඬුවම් මොනවාද…..?
එම දඬුවම් තෝරාගැනීම, ඒවාගේ මනෝවිද්‍යාත්මක පසුබිම සහ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ඊළඟ ලිපි වලින් බලමු.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි . උපුටාගැනීම තහනම් .

One Reply to “දරුවන්ට දඬුවම් punishing children ( 2 )”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *