දරුවන්ට දඬුවම්
( පූර්ව ළමාවිය සංවර්ධන ගැටළු )
දරුවන්ට දඬුවම්
මනෝවිද්‍යාත්මකපසුබිම…..
Psychological Effects on punishing children
Ronithi Sardhathilake
Certificate in Early childhood development and language development
කාර්‍යබහුල ජීවන රටාව එක්ක නිතරම ඔබ ඔබේ දරුවා සමඟින් නිතරම ගැටෙනවාද………?
බොහෝඅයගේ පිළිතුර ඔව් යන්නයි.
රැකියාවේ මානසික පීඩනය දරුවන්ගේ ලෙඩ රෝග පාසැල් සහ වෙනත් වියදම් මේ හැමදේම එක්ක අද මව්වරුන් ලොකු මානසික ආතතියකින් පෙළෙනවා…..
ඉතින් මේ දේවල් නිසා නිවසේ ඉන්න කුඩා දරුවා පීඩාවට ලක්වන එක සුලබ කරුණක්..!
නමුත් ඔබ එක මොහොතක් ,කල්පනා කරාද මේ පොඩ්ඩාගේ කුඩා මනසට මේවා දරාගන්නට නොහැකි බව,
ළමා කාලය ළමා ලෝකය හරිම සුන්දරයි….ඒක කවුරුත් කතාවට කියන දෙයක් .
දැන් ඉන්න දරුවො අමුතු නෑ..ඔවුන්ට අමුතු ලෝකයක් මවන්නේ දෙමාපියන් .
ඉස්සර දරුවොත් දඟයි.. කෙලිලොල්, අලුත් දේ සොයායන්න ආසයි……..
එහෙත් ඒ කාලේ අම්මලා අද ඉන්න අම්මලා තරම් මානසික පීඩනයකින් ජීවත් වුණේ නැහැ .මේ තරම් තරඟකාරීත්වයක් තිබුණෙත් නෑ… ඉතින් ඒ දරුවන් නිදහසේ වැඩුණා……..
ඒත් දැන් අම්මලාට වැඩ වැඩී … විවේකය අඩුයි. එහෙමනේ ඉතින් කියන්නේ…. ඒ නිසා ඇතිවන හදිසි කෝපයට දරුවාට පහර දෙන්නට බැණවදින්නට අම්මා පෙළඹෙන්නේ ඉබේමයි.

මේ ආකාරයට දිගින් දිගටම පහරකෑම් වලට දෝෂාරෝපණ වලට ලක් වන දරුවෙකු තුල නිතරම ශ්‍රාවය වන්නේ ඇඩ්‍රිනලීන් [ Adrenaline ] කෝර්ටිසොල් [Cortisol ] වැනි හෝර්මෝන .
මෙම හෝර්මෝන පහරදීම පලායාම
( Fight or flight response )
දුක ( worry ) තරහ ( anger ) වැනි අවස්ථා සමඟ සම්බන්ධ වී පවතී…..
දිගින් දිගටම සිඟිත්තන් මෙසේ පීඩාවට ලක් වීමෙන් සිදුවන මනෝවිද්‍යාත්මක බලපෑම්………
Psychological effects on punishment to a toddler
➡️ increased aggression ප්‍රචණ්ඩකාරී බව වැඩි වීම
➡️ Antisocial behaviour සමාජ විරෝධී චර්‍යාවන්ට හුරුවීම
පසුකාලීනව……………
➡️ Stress and long term depression මානසික ආතතිය නිසා විශාදයට පත් වීම
➡️ suicidal risk සියදිවි හානි කරගැනීමට අවධානම
ඇතුළු කාරණා රැසකට මඟ පාදන්න පුලුවන් .
දරුවන්ට දඬුවම් දෙන්න කලින් වරක් දෙවරක් නොවේ කීපවතාවක්ම කල්පනා කර බලන්න.
දඬුවම් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ඊළඟ ලිපියෙන්.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .
Facebook / twitter ඔස්සේ share කරන්න