Posted on

By Ronithi Sardhathilake – Certificate in early childhood development and language development

වැඩිහිටියෙකු විසින්,
දරුවෙකු ලිංගික අරමුණු සඳහා භාවිතා කරන විට හෝ දරුවෙකු ලිංගික ක්‍රියාවන්ට සම්බන්ධ කරන විට ලිංගික අපයෝජනය සිදු වේ.

වයසින් වැඩිමල් දරුවෙකු වෙනත් කුඩා දරුවෙකු ලිංගික තෘප්තිය හෝ උද්දීපනය සඳහා භාවිතා කරන විට ද එයට ඇතුළත් වේ.

වැඩිහිටියන්ගෙන් 20.7% ක් කුඩා කාලයේ දී ලිංගික අතවරයට ලක් වූ බව වාර්තා වේ.

ළමයින්ට ලිංගික අතවර කිරීම ඇතුළත් වන්නේ:

.සම්බන්ධතා නොවන අපයෝජනය
.දරුවෙකු සමඟ ලිංගික ක්‍රියාවක් නැරඹීම
දරුවෙකුට ලිංගික අවයව පෙන්වීම
.නුසුදුසු ලිංගික කතා.
.මුඛ සංවාසය ඇතුළු සියළුම සංවාසයන්
.ළමයින් ලවා ලිංගික අවයව අත ගා ගැනීම
.ළමා ගණිකා වෘත්තිය සහ
.කාමුක දර්ශණ පෙන්වීම ,ඡායරූපගත කිරීම හෝ වීඩියෝ කිරීම

දෙමව්පියන් හෝ රැකබලා ගන්නෙකු විසින් ලිංගික අපයෝජනයක් කලා නම් බොහෝ විට එම පුද්ගලයාට ගැලපෙන ලිංගික සම්බන්ධතා නැතිවීම ඊට හේතුව විය හැක.

ඉතින් දරුවෙකු රැක බලාගන්නා ගැන හොඳ අවධානයකින් පසු විය යුතුය .

එවැනි වැඩිහිටියන් ,
හැසිරෙන්නේ වැඩිහිටියන් ලෙස ආදර්ශමත්ව නොවේ.

දරුවෙකු තුළ ලිංගික අපයෝජනයක් වූ විට හෝ දිගින් දිගටම එසේ ලක්වන විට පෙන්වන ලක්ෂණ

භෞතික ලක්ෂණ

වාඩි වී සිටීම , ඇවිදීම අපහසු වීම
බඩවැල් ආශ්‍රිත ගැටළු
ඉරුණු, පැල්ලම් සහිත, ලේ පැල්ලම් සහිත  යට ඇඳුම්
ලේ ගැලීම, තැලීම්, වේදනාව, ඉදිමීම, ලිංගික අවයව කැසීම
නිතර මුත්‍රා  ආසධන( UTI) හෝ දිලීර (fungal infections ) ආසාදන
ලිංගිකව සම්ප්‍රේෂණය වන ඕනෑම රෝගයක් හෝ ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ

චර්යාත්මක ලක්ෂණ

ඇඳුම් මාරු කිරීමට අකමැති වීම.
එපාවීම,  මානසික අවපීඩනය, කනස්සල්ල
ආහාර ගැනීමේ අක්‍රමිකතා,
ශරීරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම
ආක්‍රමණ, අපකීර්තිය, සම වයසේ මිතුරන් අතර දුර්වල සම්බන්ධතා
දුර්වල ස්වයං ප්‍රතිරූපය, දුර්වල ස්වයං රැකවරණය, විශ්වාසය නොමැතිකම
හදිසියේ පාසල් නොපැමිණීම, පාසල් කාර්ය සාධනය අඩුවීම සහ පාසල් ගමන අතහැරීමට උත්සහ කිරීම .
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, හුදකලාවීම නොසැලකිලිමත්කම, සියදිවි නසාගැනීමේ උත්සාහයන්
නින්දට බාධා, නින්දට ඇති බිය, බියකරු සිහින, ඇඳ තෙත් කිරීම (වයසින් වැඩෙද්දීත් )
ලිංගික හැසිරීමට ප්‍රසිද්ධියේ උත්සහ කිරීන, අධික ස්වයංවින්දනය
අසාමාන්‍ය ලෙස පුනරාවර්තන සන්සුන් හැසිරීම් (අත් සේදීම වැනි )
අසාමාන්‍ය ලිංගික හැසිරීම් හෝ වයසට වැඩියෙන් ලිංගිකත්වය පිළිබඳව දැන සිටීම.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Facebook / twitter ඔස්සේ share කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *