Posted on

Ronithi sardhathilake , Certificate in Early childhood development and language development

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු කවුදැයි ඔබ දන්නවා ඇති.

ඔවුන්ගේ දෙමාපියන් සම්බන්ධයෙන් කතා කිරීමේදී අධික මානසික ආතතියකින් පෙළෙන දෙමාපියන් සුලබය.
සමහරු ,තමාගේ දරුවාගේ තත්වය නිසා නිතරම කණගාටුවෙන් කණස්සල්ලෙන් පෙළෙමින් කාලය ගත කරයි.

නමුත් ඔබ එවැනි මවක් හෝ පියෙකු නම් කල යුත්තේ එය නොවේ.

ඔබේ දරුවා පිළිබඳව අවධානය යොමු කිරීමත් ඔහුගේ / ඇයගේ අවශ්‍යතා හඳුනාගෙන ඉවසීමෙන් ඊට ප්‍රතිචාර දැක්වීමත් විශේෂ අවශ්‍යතා නොමැති දරුවෙක් නිවසේ සිටී නම් ඔහු/ ඇය සමඟත් ඉතාම ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබට හැකිවිය යුතු අතර ඊට මනා සංයමයක් තිබිය යුතුය .
(මේ ලියන තරම් එය පහසු නොවේ.)

බහු විධ ආබාධ සහිත සිසුවෙකුට ඒ සඳහා අවශ්‍ය සම්පත් හා අවස්ථාව ලබා දී ඉහළ මට්ටමකින් ඉගෙනීමට හා ළඟා කර ගැනීමට හැකි විය හැකිය. ඔබ බහුවිධ ආබාධිත කාණ්ඩයට අයත් දරුවෙකුගේ දෙමව්පියන් නම්, ඔබේ දරුවාගේ අධ්‍යාපන හා සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සැලැස්මක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ තක්සේරු කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වැදගත්ය.

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳව විශේෂ සටහනක් තැබීම වැදගත්ය. ඔබේ දරුවාගේ විශේෂ අධ්‍යාපන ගමන සඳහා ඔබේ දායකත්වය බොහෝසෙයින්ම බලපායි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් නිසා ඔබේ ජීවිතය දරුණු ලෙස ආතතියට පත්විය හැකිය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නොමැති දෙමව්පියන්ට වඩා ඔබේ කාලය හා ඉවසීම පිළිබඳව ඔබට වැඩි කැපවීමක් කිරීමට අවශ්‍ය වන අතර,
ඔබට මිතුරු මිතුරියන් හා විවේක කාල ක්‍රියාකාරකම් සඳහා ඇත්තේ අඩු කාලයකි.
ඒ කාලය තුල ඔබේ මානසික යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.එය විශාල ආතතියක් ඇති වන්නට නොදී ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍යම කරුණකි.

මේ කතාව ඔබ දන්නා සහ නිතරම අසනා එකක් වුවත් ඔබ ගැන සැලකිලිමත් වීම සහ ඔබේ අවශ්‍යතාවන්ට මුල් තැන දීම වැදගත් වේ.

ඒ සමඟම දරුවා ඉදිරියට ගෙන යෑම ඔබේ වගකීමයි.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *