දරුවන්ට දඬුවම්
By RONITHI SARDHATHILAKE
CERTIFICATE IN EARLY CHILDHOOD DEVELOPMENT AND LANGUAGE DEVELOPMENT
මේක හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක්.
දරුවන්ට ශාරීරික දඬුවම් කිරීමෙන් හොඳ සමාජයක් බිහිවේ කියා බහුතර මත දරන එක අද හැමතැනම කතාකරන නමුත් එය සෑමවිටම නිවැරදියි ද යන්න ගැටලුවක් !
බොහෝ මව්වරුන් වයස අවුරුදු දෙකේ සිට දරුවන්ට ගුටියක් දෙකක් දෙන්නට පෙළඹිලා…..

දරුවන්ට දඬුවම් අවශ්‍ය ඇයි ?
“දරුවෙක් වරදක් කල විට” යන්න ඔබේ පිළිතුර වනු නොඅනුමානයි.
මේ කියන වයස් වල දරුවන් කරන වැරදි මොනවාද………?
#අම්මාට අවශ්‍ය ප්‍රමාණයට දරුවා කෑම නොගැනීම.
#නොනවත්වා හැඬීම හෝ කෑගැසීම
#එපා කියන දේම නැවත කිරීම.
#නිවසේ බඩු අදිමින් ඒවා ඇවිස්සීම
#එම දරුවාගේ බාල සොහොයුරු
සොහොයුරියන් සමඟ රණ්ඩු වීම
#පෙර පාසැලෙන් / පාසැලෙන් දෙන
වැඩ කිරීමට මැලිවීම
#අමතර පන්ති යෑමට සහ ඒවාගේ
වැඩ කිරීමට මැලිවීම.
#අම්මාට ගෙදර වැඩක් කරගැනීමට
නොහැකි සේ කරදර කිරීම
( වඩාගැනීමට හෝ ළඟට වෙලා
ඉන්න කියලා)
මීට වඩා ලොකු දරුවන් ඒ කියන්නේ පාසලේ දෙක තුන වසර වගේ දරුවන්ට වඩා මා සඳහන් කල කුඩාම වයසේ දරුවන් මව්වරුන්ගේ පහර කෑමට හෝ දෝෂාරෝපණයට ලක්වන හේතු කිහිපයක් තමයි ඒ.
මුල්ම අවධියේ මෙසේ ගුටියක් දෙන්නට පුරුදු වන මව්වරුන් එය සමාන්‍ය අංගයක් ලෙස දිගටම පවත්වාගෙන යනවා…
ඔය ඉහත සඳහන් කල කාරණා නිසා දරුවාට පහරක් දෙකක් දෙන මව්වරුන් පසුව ඒ ගැන සිතමින් හඬන දුක්වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති නේ………..

ඒ ගැන පසුතැවිල්ලක් ඔබට ඇති වෙනවා ඔබ නම් ඒ අවස්ථාව මඟ නොහරින්නේ ඇයි……….?
ඉහත සඳහන් කල හේතු වලදී පහරක් දීමට මුල් වූයේ කුමක්ද කියා සරළව හිතන්න.
ඒ ක්ෂණික කෝපය ම නොවේද………?
ඉදිරියේදී තවත් ලිපි…
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .
Facebook / twitter ඔස්සේ share කරන්න
important