ශාරීරික අපයෝජන
ළමා අපයෝජන සම්බන්ධයෙන් ශාරීරික හිංසනය පිළිබඳව මූලික හැඳින්වීමක් කරා, පසුගිය ලිපියෙන්.
ශාරීරික හිංසනයට ඇතුළත් වන්නේ….
පහර දීම,
පයින් ගැසීම,
පුළුස්සා දැමීම,
හිසකෙස් ඇදීම,
හුස්ම හිර කිරීම,
විසි කිරීම,
සෙලවීම,
කස පහර දීම
දරුවෙකුට තුවාල කරන වෙනත් ක්‍රියාවක්.
රැකබලා ගන්නෙකු විසින් හෝ හිතාමතා කල දෙයක් නම් දරුවාට තුවාල වූ විට එය අපයෝජනයකි.
කෙසේ වෙතත් ද්වේශය වෙනුවට ,අවිහිංසාවාදී විකල්ප සෑම විටම තිබේ.
ශාරීරික හිංසනයන් නිසා………,
තැලීම්, බිබිලි, පිලිස්සුම්, කැපීම් සහ සීරීම්
අභ්‍යන්තර තුවාල, මොළයට හානි වීම
කැඩුණු අස්ථි, සන්ධි එහා මෙහා වීම
චිත්තවේගීය හා මානසික හානිය
ජීවිත කාලය පුරාම තුවාල වීම
මරණය ආදිය සිදු විය හැක.

දෙමව්පියන් හෝ රැකබලා ගන්නෙකු විසින් දරුවෙකුට ශාරීරික හිංසනයක් කර ඇති බව හඟවන සංඥා
දරුවාට සිදුවන හානිය පැහැදිලිව විස්තර නොකිරීම, හෝ තේරුමක් නැති ආකාරයකින් එය පැහැදිලි කිරීම.
දරුවාට ආක්‍රමණශීලී බවක් පෙන්වීම.
දරුවාගේ හැසිරීම ගැන ඕනෑවට වඩා කනස්සල්ලට පත්ව සිටීම.
දරුවා බොරුකාරයෙක් , කරදරකාරයෙක් , බලාගන්නට අපහසු අයෙක් බව හැඟවීම .
දරුවා සඳහා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද කිරීම හෝ වැළැක්වීම .
දරුවා විවිධ වෛද්‍යවරුන් හෝ රෝහල් වෙත ගෙන යන්නට උත්සහ දරනවා සේ පෙන්වීම.
පාසල, දිවා සුරැකුම් මධ්‍යස්ථානය වැනි තැනකට දරුවා යොමු කිරීමට උත්සහ කිරීම.
මෙවැනි පුද්ගලයින්ට ප්රචණ්ඩත්වය / අපයෝජනය පිළිබඳ ඉතිහාසයක් තියෙන්න පුළුවන් .
දරුවෙකු තුළ ශාරීරික හිංසනය පිළිබඳ සංඥා………..
භෞතික ගැටළු
තවම බඩගා නොයන දරුවෙකුට කිසියම් තුවාලයක්/ තුවාල කීපයක්.
දරුණු තුවාල
සුව වීමේ විවිධ අවස්ථා වල ඇති තුවාල.
ශරීරයේ විවිධ ස්ථාන වල එක් එක් ආකාරයට පැහැදිලි කල නොහැකි ආකාරයට තුවාල තිබීම.

චර්යාත්මක ගැටළු
සම වයසේ මිතුරන්, සුරතල් සතුන් සහ වෙනත් සතුන් කෙරෙහි ආක්‍රමණශීලී බවක් පෙන්වීම.
දෙමව්පියන්ට හෝ වෙනත් වැඩිහිටියන්ට බිය වන බවක් පෙන්වීම.
බිය, එපාවීමේ ගතිය, මානසික අවපීඩනය, කාංසාව
සීත කාලයක් හෝ නොවුණත් අත් දිග ඇඳුම් අඳින්නට කැමති වීම සහ ඒවාම ඉල්ලීම.
චිත්‍ර ආදිය අපහැදිලි හෝ ප්රචණ්ඩත්වය පෙන්නුම් කිරීම.
නපුරු සිහින, නින්ද නොයාම
නොමේරූ බවක් පෙන්වීම, චිත්තවේගීය හා හැසිරීම අතින්
ස්වයං විනාශකාරී හැසිරීම හෝ ආකල්ප පෙන්වීම.
ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ලිපියක් ඊළඟට.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .