නංගිලා හැමෝටම
විවාහ වෙන්න ඉන්න නංගිලාටත්…. දරුවන් බලාපොරොත්තු වන නංගිලාටත් …………
වර්තමානයේ මදසරුභාවය කියන එක ඉතාම ඉහල ප්‍රතිශතයකින් ඉහළ ගිහින් තියෙනවා.
ඒ වගේම ගර්භණී සංකූලතා බොහොමයක් ඉහල ගිහින් තියෙනවා.
පරම්පරාගත රෝග විදිහට දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ තත්ත්ව තියෙනවා නම් ,
විවාහයට පෙර සිටම මේවා ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
ගර්භනී සංකූලතා ඇති වෙන්න මේ බෝ නොවන රෝග ගොඩක් දුරට බලපාන්න ඉඩ තියෙනවා.
ඒ වගේමයි මදසරු භාවය කියන තත්වයත් .
ඔබේ මව වැඩිමල් සොයුරිය මේ තත්ව වලට මුහුණ නොදුන්නා කියා ඔබටත් එසේ වේ යැයි හෝ නොවේ යැයි කියා පූර්ව නිගමනවලට එළඹෙන්නට බැහැ.
වර්තමානයේ ගර්භනී සංකූලතා, මදසරුබාවය කියන දේවල් ඉතාම වැඩි වශයෙන් ඉහළ ගිහින් තියෙන බවට සායන දත්ත මඟින් වාර්තා වෙනවා .
පවුලේ ආරයට අමතරව වැරදි ආහාර පුරුදු , වැරදි ජීවන රටාව ආදී මේ සියල්ලම හේතු වෙන්නත් පුළුවන්.
විවාහයෙන් පසු දරුවන් ප්‍රමාද කිරීම හිතාමතාම කරනවා නම් ,
ඔබේ සෞඛ්‍ය තත්වය , හෝමෝන මට්ටම් ආදිය කලින්ම පරීක්ෂා කර බැලීම වැදගත්.
විවාහයෙන් පසුව ඔබ දරුවෙක් වසරක් හ්මෝ ඊට වැඩියෙන් හෝ පමා කර ගර්භණී වීමට බලාපොරොත්තු වෙනවා නම් මදසරුභාවය කියන තත්වයට නැවත ලක්වෙන්නට සිදුවුවහොත් නොසිතූ ලෙස ගැටළු බොහෝමයකට ඔබට මුහුණ දෙන්නට සිදුවෙනවා.
එවිට සෞඛ්‍ය තත්වයත් එක්කම වයස ගතවෙනවා කියන ගැටළුවත් එකතු වෙනවා.
ඉතින් පුංචි නඟිලාගෙන් ඉල්ලා සිටිනවා විවාහයට කලින් නැත්තම් විවාහ වූ වහාම මේ දේවල් ගැන හොද අවධානයක් යොමු කරන්න .වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගන්න.
මූලික පරික්ෂණ සඳහා තමන්ගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය හරහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලයෙන් ( MOH) නොමිලේම සිදුකරගන්න පුළුවන් .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි . උපුටාගැනීම තහනම් .