මව්කිරි සහ IQ
මොකද්ද මේ කියන්නේ කියලා කාටහරි හිතන්න පුළුවන් .
ලංකාවේ පළමු ළදරු රෝග විශේෂඥ වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය L P C සමන් කුමාර මහතා. ඔහුගේ සජීවී සාකච්ඡාවකදී කතා බහ කල කරුණු ඇසුරින් ලිපි පෙළක් ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා.
මව්කිරි සම්බන්ධයෙන් කල කතාබහේදී අවධාරණය කලේ මෑතකාලීන පර්‍යේශණ මඟින් මව්කිරි නිසා දරුවෙකුට සැලසෙන වාසි රැසක් සොයාගෙන ඇති බවයි.
අපි සාමාන්‍යයෙන් දන්නා සහ නොදන්නා කරුණු අතර ,
බෝ නොවන රෝග අවධානම එනම් දියවැඩියාව ,අධි රුධිර පීඩනය , කොලෙස්ටරෝල් ., පිළිකා ….. ආදියට ලක්වීම අඩුවීම,
බෝවෙන රෝග වලින් වැලකී සිටීමට විශේෂ ප්‍රතිශක්තියක් ලැබීම,
විතරක් ම නොවේ,
මුල් සය මස මව්කිරි පමණක්ම ආහාර ලෙස ගන්නා දරුවන්ගේ බුද්ධි වර්ධනය , IQ මට්ටම පවා ඉහළ බව මෑත කාලීන පර්‍යේශණ මඟින් සොයාගෙන ඇති බව පැහැදිලි කෙරුණා.
මව්කිරි නොදෙන දරුවෙකුට වඩා සම්පූර්ණ කාළයම මව්කිරි බොන දරුවෙකුගේ IQ අගය 10 කින් වැඩි බවත් එහිදී සඳහන් කෙරුණා.
ඊට හේතුව වන්නේ මව සමඟ ඇති සුවිශේෂී බැඳීම වෙනත් කිසිම ආකාරයකින් ගැනීමට නොහැකි වීමයි.
ඒ වගේම මෙම සම්බන්ධයේදී දරුවා කිරිබොන අතර බොහෝ දේ ඉගෙන ගන්නවා….
වෛද්‍යවරුන් නිර්දේශ කල විශේෂිත හේතු හැරුණුකොට මව්කිරි හැර වෙනත් කිසිවක් මුල් සය මස තුල ළදරුවෙකුට ලබාදීමට අවශ්‍ය නැත.
වෙනත් කිසිම දේකින් මව්කිරි වලින් ලැබෙන සියල්ල ඒ ආකාරයටම ලැබෙන්නේද නැහැ.
සමාජයේ මිත්‍යාමත දුරලා ලෝකයේ මව්කිරි දීම කියනදේ ඉතාම ඉහළින් ප්‍රවර්ධනය කරගෙන යන සමයක , ඔබේ සිඟිත්තාට මනා වර්ධනයක් වගේම මනා සංවර්ධනයක් ලබා දෙන්නට මුල් සය මස සම්පූර්ණ වන තුරු මව්කිරි පමණක්ම ලබාදෙන්න.
තවත් ලිපියක් ඉක්මනින් බලාපොරොත්තු වන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් ,
Facebook ,twitter ඔස්සේ ශෙයාර් කරන්න