Posted on

ඖෂධ ගැනීම ආරක්ෂිතව සිදුකිරීමට  ඔබ දැනගත යුතු දේ

ඔබ වෛද්‍යවරයාගේ කාර්යාලයෙන් පිටවීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කල යුතු පොදු කරුණු කීපයක් මේ…..

ඔබ කිසියම්  ඖෂධයකට අසාත්මිකතා පෙන්වයිනම් (  allergy ) හෝ කිසියම් ඖෂධයකට, ආහාරයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට අසාමාන්‍ය ප්‍රතිචාරයක් දක්වා තිබේ නම්
ඔබ දැනට වෙනත් ඖෂධ හෝ ඖෂධීය නිෂ්පාදන, විටමින් සහ ඛනිජ වැනි අතිරේක ආහාර ගන්නවා නම් .

ඇසට බෙහෙත් දානවා නම්,
මේ සියල්ල වෛද්‍යවරයා සමඟ පැවසිය යුතුය .

ඔබ ගැබ්ගෙන ඇත්නම්,
නැතහොත් ගැබ් ගැනීමට සැලසුම් කරනවා නම්,
ඔබ මව්කිරි දෙනවා නම්
ඔබ අඩු සෝඩියම් හෝ අඩු සීනි සහිත ආහාර වේලක් අනුගමනය කරන්නේ නම්
ඔබේ  ඖෂධ නියම කරනු ලබන හේතු හැර වෙනත් වෛද්‍ය ගැටලු ඇත්නම්

ඔබට ඖෂධ ගැනීමේ ගැටළු තිබේ නම්

මේවා පැහැදිලිව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතාම වැදගත් වේ.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *