දරුවකුගේ සංවර්ධනය සඳහා පරිසරයේ බලපෑම _ රොනිති සර්ධාතිලක
දරුවකුගේ වර්ධනය සහ සංවර්ධනය කායික මානසික සමාජයීය හා සංජානනීය [ physical ,mental , social and cognitive ] ලෙස කොටස් හතරකට බෙදා අධ්‍යනය කරනවා .
ඒ වගේම දරුවෙකුගේ සංවර්ධනය කෙරේ ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආරය සහ පරිසරය යි.
එයින් පරිසරයෙන් ඇති කරන බලපෑම ආරම්භ වන්නේ දරුවා පිළිසිඳ ගත් කාලයේ සිට ම යි .
ගර්භණී කාලයේ දී ඔබේ චර්‍යාවන්, මානසික මට්ටම, ක්‍රියාකාරකම් ,අන්තර් පුද්ගල සම්බන්ධතා මේ සියල්ල කුසේ වැඩෙන දරුවාගේ සංවර්ධනය කෙරේ බලපානවා. විශේෂයෙන් ම මව සහ පියා අතර ඇති සම්බන්ධය එකිනෙකා කෙරෙහි කෙරේ ඇති ලෙන්ගතුකම කතාබස් කරන දේවල් මේ සියල්ල සෘජුවම බලපාන සාධක වේ

. ඉතින් ඔබේ දරුවා යහපත් දරුවෙක් කරන්න ,නිර්මාණාත්මක ,බුද්ධිමත් දරුවෙක් කරන්න යොදන අඩිතාලම ගැන හොඳින් අවබෝධ කරගන්න. කාන්තාවක් ලෙස ඔබ ගර්භණී සමය ගත කරන්න ඕන කොහොමද ඔබ සැමියෙක් නම් ඔබෙන් ඉටු වෙන්න ඕන යුතුකම් මොනවාද යන්න ගැන හොඳින් සැලකිලිමත් වන්න. දරුවා දරා සිටින කාන්තාව පමණක් නොවේ ඇය සමඟ සිටින කවුරුත් කුසේ වැඩෙන දරුවාගේ සංවර්ධනය කෙරේ බලපෑම් ඇති කරන බව සිහි තබා ගන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම්