ඔබට මගහැරෙන ඔබේ පවුල
රොනිති සර්ධාතිලක _ පූර්ව ළමාවිය සංවර්ධනය සහ භාෂා සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින්
පවුලක දේවල් , සතුටින් ඉන්න කරන්න ඕන දේවල් අපි සාමාන්‍යයෙන් කතා කරනවා නමුත් ,
සහෝදර සහෝදරියන් අතර සිදුවන අපචාර පිළිබඳ පිළිබඳ දැනුවත්වීම ඉතාම අඩුයි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ ඉතාම අඩුවෙන් .
බොහෝ විට දෙමව්පියන් පවා ඒ විශ්වාස කරන්නේ නැහැ
නමුත් අම්මා තාත්තා හෝ වෙනත් වැඩිහිටි අය විසින් සිදුවන අපචාර වාගේම වැඩිමහල් සහෝදර සහෝදරියන් අතින් බාල සහෝදර සහෝදරියන් වෙත සිදුවන අතවර ද බොහොම ඉහළයි.
මේවට හේතු හොයන්නට අපිට අමාරුයි.
සමාජයේ ප්‍රාථමික ඒකකය වන පවුල ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වගේම යුතුකමක්.

වර්තමානයේ ඉන්න දරුවන් ඔවුන්ගේ ළමා කාලය ගත කරන්නේ කොහොමද ?
කා සමග ද ?
දෙමව්පියන්ට ඔවුන් සමඟ රැඳෙන්නට කොයිතරම් කාලයක් තිබෙනවාද ?
කාර්යබහුල රැකියාවන් ජීවිත ජීවිත මේ මේ සියල්ල සමඟ දරුවන් ඉන්නේ කොතනද ?
පවුලේ අය එකට එකතු වෙලා කෑම ගන්නවා ද ?
දරුවන්ගේ ප්‍රශ්න කතා කරනවා ද ?
සියලු දෙනාටම විවේකයෙන් විනෝදයෙන් ගත කරන්න කාලයක් තිබෙනවා ද ?
පවුලේ යනු කුමක්ද ?
පවුලේ ඇති සම්බන්ධතා මොනවාද යන්න ඔවුන්ට කියා දීලා තියෙනවද?
දරුවන්ගේ අවශ්‍යතා ඔවුන්ගේ හැඟීම් වලට ඔබ ඉඩ දෙනවාද ?
පවුලේ සාමාජිකයන් එක නිවසේ ජීවත් වෙනවාද ?
මම ඉහත කියපු ගැටලු කුමන මට්ටමේ පවුල්සංස්ථාව ඇති වෙනවා කියලා ඔබ හිතනවද ?
ඉතාමත් ඉහළ පන්තියේ පවුල්වල මෙවැනි ගැටළු වැඩියි. අනි අය අතරත් නැතුවාම නොවේ.

මානසික ආබාධ වලට ලක්වන දරුවන් බොහෝම වැඩියි
දරුවන් අනතුරුවලට ලක්වීම අනතුරුව post traumatic stress disorder තත්වයට ලක්වීම කාලයත් සමඟ
සමාජයට වෛර කිරීම ,සමාජයෙන් පලි ගැනීම ආදී බොහෝමයක් ගැටලු පැන නගින්නේ පවුල නම් වූ ප්‍රාථමික ඒකකය බිඳවැටෙමින් .
ඔබේ කාර්යබහුලත්වයට වගකිව යුත්තේ දරුවන් නොවේ.
සියලු සැප සම්පත් උසස් යැයි සම්මත පාසල් ,යාන වාහන කැමති කෑම බීම මේවා ලබා දුන් පලියට පළියට දරුවෙකු බුද්ධිමත් ,යහපත් දරුවෙකු වන්නේ නැහැ .
සුදුසු මඟ තෝරා ගන්න තරම් ඔබ බුද්ධිමත් වන්න.
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම්