ඖෂධ සම්බන්ධ දැනුවත් වීම
රොනිති සර්ධාතිලක ඖෂධවේදී
01 තයිරොක්සීන්
Thyroxine Sodium = T4 ( Levothyroxin)
#තයිරොක්සින්
මන්ද තයිරොයිඩතාවය හෙවත් #ගලගණ්ඩය නම් තත්වය අද සුලබව දක්නට ලැබෙන රෝගී තත්වයක්.
මෙයට ප්‍රතිකාර වශයෙන් ප්‍රධානම ඖෂධය ලෙස #තයිරොක්සින් යොදාගනී.
මෙය වෛද්‍යවරයෙක් නිර්දේශ කර ලබාගත යුතු ඖෂධයකි.
ඔබට ලබාදෙන ඖෂධ මාත්‍රාව ( dose) දිනකට වරක් ලබාගැනීමටයි වෛද්‍යවරුන් විසින් නියම කරන්නේ…….
තයිරොක්සින් කියන්නේ හෝර්මෝනයක්.
මෙය උදෑසන හිස් බඩ බොන ලෙසට ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් උපදෙස් ලැබී ඇති.
ඒ මොකද කියන එක ගොඩක් දෙනාට ගැටලුවක් .
ඖෂධය මනා ලෙස අවශෝෂණය වීමට අවශ්‍ය වන්නේ.. හිස් ආමාශයයි. (Empty stomach )
ඒ නිසා හිස් බඩට එනම් උදෑසන eඅවදි වූ සැණින් මෙම බෙහෙත් පෙති පානය කිරීමට උපදෙස් ලබා දෙනවා..
ඉන් පසු පැය භාගයකට හෝ පැයකට පසු අවශ්‍ය ආහාර පාන වර්ග ගැනීමට හැකියි.
නමුත් පැය හතරක් පමණ යනතුරු
[ Ca ]කැල්සියම් , අයන් [Fe] සහ
[ Antacids] ප්‍රති අම්ලකර ඖෂධ හෝ ආහාර ගැනීම සුදුසු නොවේ.
එවැනි ඖෂධ හෝ ආහාර මඟින් තයිරොක්සින් ඖෂධයේ අවශෝෂණයට බලපෑම් ඇතිවෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මෙම බෙහෙත අඩු මාත්‍රාවක සිට ක්‍රමයෙන් වෛද්‍යවරුන් විසින් වැඩි කරමින් මාත්‍රාව වෙනස් කිරීමට ලක් කරන අතර ඔබට සිතු සිතු සේ ගැනීම හෝ නතරකිරීම කලහැකි දෙයක් නොවේ.
ඒ වාගේම ඔබ රජයේ රෝහලක සායනයෙන් මෙම බෙහෙත ලබාගන්නේ නම් අඳුරු පැහැති වීදුරු බෝතලයක් ගෙන එන ලෙසට ඔබට උපදෙස් ලැබී ඇති.
නමුත් බොහෝමයක් දෙනා කරන වැරැද්දක් තමයි මෙම කුඩා බෝතලය අමතක කර පැමිණ,බෙහෙත් පෙති කවර වලට දමා ඉල්ලීම.
එය ඉතාම වැරදි දෙයක්.
මෙම ඖෂධය අඳුරු පැහැති බෝතල වල තබාගත යුත්තේ…හිරු එළිය නිසා බෙහෙත විනාශවීමට ඉඩ ඇති නිසා..මෙවිට නියම ප්‍රතිකාරාත්මක ගුණය ලැබෙන්නේ නැහැ.
අද බොහෝ අය සුලභව භාවිතා කරන තයිරොක්සින් ඖෂධය භාවිතා කිරිමේදී රෝගීන් දැනගත යුතු කරුණු කිහිපයක් පමණයි ගෙන ආවේ………
ගැටළු ඇත්නම් විමසන්න.
මේ වගේම තවත් ඖෂධයක තොරතුරු සමඟින් ඉදිරි ලිපියකින් හමුවෙමු.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි . උපුටාගැනීම තහනම් .
