Posted on

දරුවන් කොළපැහැ පරිසරයේ තබමු.

Ronithi Sardhathilake – certificate in early childhood development and language development

මොකද්ද මේ….. සරළවම කීවොත් නිවසින් පිටත ගස් කොළන් වලින් පිරුණු පරිසරයේ නිදහසේ සිටින්නට ඉඩ සලසා දීමයි.

එහි වටිනාකම් මොනවාද ?

කාර්‍යබහුල ජනාකීර්ණ ලෝකය තුල දරුවන් වටපිටාවේ ගස් කොළන් එක්ක රැඳෙන්න අවකාශය වගේම කාළය සීමිතයි නේද ?

නමුත් ඔබේ දරුවා ප්‍රීතිමත් නිරෝගී දරුවෙක් ලෙස දකින්න අවශ්‍ය නම් ඔබට මේ අවස්ථාව සලසා දෙන්නම වෙනවා..

මෙයින් ඇති වාසි

1. පරිසරයට ලැදි දරුවෙක්

බීජයක් මඟින් පැළයක් හටගන්න හැටි ඒවාට සාත්තු කරමින් ඒවා වැඩෙන හැටි බලන්නට අවස්ථාව ලබා දීම තුලින් පරිසරය හා ලැදි දරුවෙක් නිර්මාණය වෙනවා.

2. හැම අතින්ම දක්ෂ දරුවෙක්

පරිසරය කියන්නේ දරුවෙක්ට අලුත් අලුත් ඉගෙනුම් අතහදාබැලීම්  වලට ඉඩ ලැබෙන නිමක් නැති ප්‍රභවයක්.

3. යහලු යෙහෙළියන් නෑදෑයන් සමඟ එකට සිටින්නට අවස්ථාවක්

එමඟින් සමාජයට අනුගත වීම , සෙල්ලම් කිරීම සහ අලුත් දේ සොයායෑම ට හැකිවෙනවා.කණ්ඩායම් හැඟීම ඇතිවෙනවා.

4.  දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය

මානසික පීඩනය කේන්තිය තරහ අමතක කර සතුටින් ඉන්න හොඳ පෙළඹවීමක් හරිත වර්ණ පරිසරය .
මේ තුලින් ජීවිත කාළය තුල ඇතිවෙන්න පුළුවන් මානසික රෝග  55% ඇතිවීම පාලනය කරන්න පුළුවන් .

5  . පරිසරයට බැඳුණු පරිසරයට ආදරය කරන දරුවන්

පරිසරය එක්ක රැදෙන දරුවන් පරිසරයට ආදරේ කරන වාගේම සාමාන්‍ය දැනුම අතින් ඉහළ මට්ටමක සිටින දරුවන් වෙනවා.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් , facebook , twitter ඔස්සේ share කරන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *