ඖෂධ භාවිතය සඳහා කෙටි උපදෙස් කිහිපයක්
රොනිති සර්ධාතිලක ඖෂධවේදී
ඖෂධ අවභාවිතය මෙන්ම, වෘත්තීයවේදීන් නොවන අයගේ උපදෙස් ගැනීම නිසා වර්තමානයේ බොහෝ ගැටළු පැනනැඟී තිබෙනවා .
ඖෂධයක් ගැනීමට පෙර, සෑම විටම පැකට් ලේබලය සහ පැකට්ටුව තුළ ඇති පත්‍රිකාව කියවන්න.
මෙය ,
ඖෂධ ගත යුතු ආකාරය
ඖෂධ නොගත යුත්තේ කවුරුන්ද අතුරු ආබාධ මොනවාද
යන්න පිළිබඳ උපදෙස් අඩංගු වෙන පත්‍රිකාවකි.
මතක තබා ගන්න, දරුවන්ට වැඩිහිටියන්ට වඩා වෙනස් මාත්‍රාවක් අවශ්‍ය වන අතර ඔවුන්ගේ වයස අනුවද බර අනුවද වෙනස් මාත්‍රාවන් අවශ්‍ය වේ.
එකම ගෙදර නිවුන් දරුවන්ට පවා එකම රෝගයට ලබාදෙන ඖෂධ වෙනස් විය හැකියි.
එබැවින් සෑම විටම නිවැරදි මාත්‍රාව සඳහා ලේබලය පරීක්ෂා කරන්න.

සියලුම ඖෂධ දරුවන්ට ගත නොහැකි ලෙස තබන්න .
කෘමීන්ට ළඟා විය නොහැකි ලෙස ගබඩා කරන්න .
අධික හිරු එළිය වගේම තද සීතල ඇති තැන්වල බෙහෙත් තබන්න එපා.
ඒවා ගබඩා කල යුතු උෂ්ණත්වය ගැනද පත්‍රිකාවේ සටහන් කර ඇත.
බෙහෙතක් බීමෙන් පසු කැසීම , පළු දැමීම , වාගේ දේවල් පෙන්නුම් කරනවා නම් ළඟම ඇති රෝහලක් වෙත හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .