Posted on

නිවසේ දරුවන් රණ්ඩු වනවිට
Cope  with fighting children 

මේක ගොඩක් දෙනාට මුහුණ දෙන්න වෙන ගැටළුවක් .කොහොමද ඔයාල මේකට මුහුණ දෙන්නේ…

ලොකු බබාට ගහනවද ? එයාට බැණලා පොඩි බබා වඩාගෙන යනවද? එතකොට තත්වය තාවකාලිකව සමනය වුණත් ආයෙ ආයෙ ඒ විදියටම රණ්ඩු වෙනව නේද ?

දරුවො එහෙම තමයි . දෙමාපියන්ගේ
අවධානය ගන්න එක එයාලගෙ ප්‍රධානම අරමුණක්.

මේ අවස්ථාවට  සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා .අත්හදා බලන්න.

1 .සටනට මැදිහත් වෙන්න එපා.
පැත්තක් ගැනීම / බැණ වැදීම / ගුටි දීම කරන්න එපා.

2.දරුවා තුලින් දකින්නට අවශ්‍ය දේ ආදර්ශයෙන් පෙන්වන්න.

ගෙදර ස්වාමියා , අම්මා, නැන්දම්මා , මේ අය සමඟ ඔබත් නිතරම සිටින්නේ රණ්ඩු කරමින් නම් දරුවන් රණ්ඩු නොවේ යැයි බලාපොරොත්තු වන්න එපා.

3.අගය කරන්න එපා.
අන්න හරි දෙන්න ගුටියක් .හොඳ වැඩේ….. මේ වගේ දේවල් කියමින් එක දරුවෙක්ව වත් අගය කරන්න එපා.

4. දරුවන් කාර්‍යබහුල කරවන්න.
එකිනෙකා කැමති වෙනත් වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වන්න නිතරම අවස්ථාව සලසා දෙන්න.

5. කලහකාරී බව බිඳ දමන්න.

රණ්ඩු නිසා සිදුවෙන්න පුළුවන් අනතුරු ගැන හොඳ අවධානයෙන් ඉන්න.
ගැටුම් උත්සන්න වේ නම් එක්කෙනෙක් වත් ළඟට නොගෙන වෙන වෙනම එකිනෙකා කැමති සෙල්ලම් බඩුවක් ,පොතක් හෝ වෙනත් ක්‍රියාකාරකමක් මතක් කර දී ඒවාට යන ලෙසට අවධාරණය කරන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *