Posted on

ඔබ දරුවන් සමඟ එකට ආහාර ගන්නවාද ? Are you taking meals with children ?

අද ජීවිතය කාර්යබහුල නිසා අපගේ දරුවන් ආහාර ගන්නා විට බහු කාර්යයන් කිරීම හෝ විවේකයක් ගැනීම පහසුය.

දරුවා අතට කෑම පිඟාන ලබාදී එම කාලයත් දුරකතන ඇමතුමකට යොමුවීම , සෝදන ඇඳුම් එකතු කිරීම, හෝ ඊළඟ වේලට කෑම සැකසීමට අවශ්‍ය දේ මුලුතැන්ගෙයට ගෙන ඒම වගේ කාර්‍යයන් ඔබ කරනවා වෙන්න පුළුවන් .

නමුත් ඔබේ දරුවා සමඟ ආහාර ගැනීම වටිනා ඉගෙනුම් අවස්ථාවක්.

ඔබේ දරුවා ආහාර ගැනීම දුර්වල නම්, ඔබ දරුවා සමඟ රැඳෙනවා වෙන්න පුළුවන් .

නමුත් කෑමට වැඩි කරදරයක් නැත්තම් දරුවා කෑම කන අතර ඔබ වෙනත් වැඩකට යොමුවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.

ආහාර යනු සමාජ අත්දැකීමක් වන අතර අපි ඉගෙනගන්නේ දකින දේවල් තුලින්.
අණ කිරීම් වලට කවුරුත් කැමති නෑ….

උදාහරණයක් ගන්නම් –
මේ මුරුංගා කන්න කීවාට දරුවා ඒක කන්න දන්නෙ නෑ වෙන්න පුළුවන් .

ළමයින්, විශේෂයෙන් ළදරුවන් සහ කුඩා දරුවන්, ඔබ ( දෙමාපියන් ) අලුත් ආහාරයක් හපන ආකාරය දෙස අවධානයෙන් බලා සිටී.
ඔවුන් නිතරම ඔබව ආදර්ශයට ගනී.

ඔබව අනුකරණය කරමින් ඔබ  ආහාරයට ගන්නා ආහාරය අනුභව කිරීමට පෙළඹේ.

ඔබ මුරුංගා අනුභව කරන විට දරුවාත් එය දෙස බලා කන්නට තියෙන ඉඩකඩ වැඩියි.
(අනිවාර්යයෙන්ම කනවා කියන්න බැහැ. නමුත් කන්න පුරුදු වෙන්න තියෙන ඉඩ වැඩී)

ඒ ගමන් මුරුංගා වල හැඩය ,පාට, අතට දැනෙන හැටි, ඇතුලෙ තියෙන බීජ ගැන ඒවා හැපෙන විදිය සහ මාංශල කොටස හැපෙන විදිය ….ආදි මේ දේවල් ගැනත් කතා කරන්න පුළුවන් .

රාත්‍රී ආහාරය පවුලේ හැමදෙනාටම වගේ එකට ගන්න පුළුවන් නිසා ඒ අවස්ථාව උදා කරගන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *