ඇදුම හතිය සඳහා ඉන්හේලර් [ inhalers] භාවිතය
Dr. රොෂාන් පියරත්න MBBS MD
inhaler කියලා කියන්නේ ඇදුම හතිය රෝගීන් හට , ඖෂධ පෙණහලු කරා කෙලින්ම ලබා දීමට සකසා ඇති උපකරණයකි.
ප්‍රධාන වර්ග දෙකකි.
1 . Metered doses inhalers (MDI) හෙවත් ගෑස් ලෙස ලබාදෙන ඉන්හේලර්.
2 . Dry powder inhalers (DPI)
කරල් කඩා ගත් පසුව ඇතිවෙන කුඩු ආශ්වාස කිරීමෙන් ලබා ගැනීමට ඇති උපකරණ
මේවා පාවිච්චි කරන්නේ ඇදුම රෝගය පමණක් නොවේ.
කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුණු විට තාවකාලිකව පවා පාවිච්චි කිරීම සිදු කරයි.
මේවා සම්බන්ධ මිත්‍යා විශ්වාසය ඉන්හේලර් භාවිතාකිරීම ආරම්භයෙන් පසු ජීවිත කාලයටම ගැනීමට සිදුවී, ඇබ්බැහි වේ යන මතයයි.
මෙය ඉතාම වැරදි මතයකි.

රෝග වලදී බෙහෙත් ලබා දීමට ඇති ක්‍රම වන්නේ පෙති මගින් , syrup මගින්, ඉන්ජෙක්ශන් මගින් ආදී ක්‍රම වගේම ඉන්හේලර් කියන්නේත් බෙහෙත් ලබාදෙන එක ක්‍රමයක් පමණයි.
එසේ ඖෂධ ලබාදෙන ආකාරයක් කිසිවිටෙකත් ඇබ්බැහියක් වෙන්නේ නැහැ.
ඇබ්බැහි වනවා නම් වන්නේ පාවිච්චි කරන ඖෂධයට පමණයි.කුඩු හෝ වාශ්ප නිසා ඇබ්බැහි වේ යැයි සිතීම මිත්‍යාවකි.
මත් කුඩු සිගරට් වැනි ඒවාට මිනිසුන් ඇබ්බැහි වන්නේ ඒවායේ සංයුතිය හේතුවෙන්.
ඒ වගේම ඇබ්බැහි වන ඖෂධයක් ඇත්නම් එසේ වන්නේ ඖෂධයේ ඇති ගුණාංග නිසා මිසක් ඉන්හේලරයක් නිසා නොවේ .
ඇදුම / හතිය ඇතිවිට ඉන්හේලර් මඟින් පාවිච්චි කරන ඖෂධ සඳහා කිසිවිටෙක ඇබ්බැහි වීමක් සිදු නොවන අතර එසේ වන ඖෂධ වෛද්‍යවරු පාවිච්චි කරන්නේ ද නැහැ.
ඉන්හේලර් ශරීරයට හොඳ නැති බව ශරීරයට අගුණ බව සමහරු විශ්වාස කරයි.
සමහර කුඩා දරුවන්ට ඉන්හේලර් සුදුසු නැති බව විශ්වාස කරයි.
නමුත් ඇත්ත කතාව නම් බොහෝවිට ඉන්හේලර යනු දැනට පවතින ඇදුම හතිය සඳහා භාවිතා කළ හැකි හොඳම ප්‍රතිකාර ක්‍රමය වන අතර,
ඊට අමතරව සාම්ප්‍රදායිකව පාවිච්චි කරන බෙහෙත් පෙති ( Tablets ) භාවිතය වැනි ප්‍රතිකාර ක්‍රම තිබුනද ඒවා ගෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් හෝ රෝගය සුව වීමට උදව්වක් ඇතිවන බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර නැත.
ඒවා බොහෝ විට අතුරු ආබාධ වලින් බහුල වන ප්‍රතිකාර ක්‍රම වේ.
එවැනි ක්‍රමවල ඇති අයහපත්කම නිසා ඉන්හේලර් ක්‍රමය හඳුන්වා දී ඇත.
ඉන්හේලර් වලදී භාවිතා කරන්නේ ඉතාමත්ම අඩු ඖෂධ ප්‍රතිශතයකිනි. ඔබ කැස්ස ඇදුම් ආදිය සදහා ගිලින පෙති හෝ සිරප් පාවිච්චි කරන්නේ නම් එයින් ඔබගේ ශරීරයට ලැබෙන ඖෂධ ප්‍රමාණය ඉතා අධික වන අතර වැඩිපුරම වෙන්නේ සිදුවෙන අතුරු ආබාධ ප්‍රමාණය ඉතා ඉහළ යෑම පමණි.
උදාහරණයක් –
කුඹුරකට පොහොර හෝ තෙල් දැමීමට අවශ්‍ය නම් ඔබ කෙලින්ම spry එකක් මගින් හෝ යම්කිසි ක්‍රමයකින් කුඹුරු එම තෙල් දැමීම හෝ තෙල් ඉසීම කළ යුතුය. එසේ නැතහොත් කුඹුරු යායට ජලය සපයන ඇලකට අමුණ එම තෙල් පොහොර දැමීමෙන් පලක් නැත.
ඔබ බෙහෙත් පෙති භාවිත කිරීමෙන් සිදු කරන්නේ එවැනි දෙයකි .
පෙනහල්ලට ලබා දිය යුතු ඖෂධ ප්‍රමාණය මුඛ මාර්ගයෙන් ශරීරයේ රුධිරයට එකතු කර රුධිරය හරහා පෙනහැල්ල කරා වගේම එම ඖෂධ ශරීරයේ වෙනත් අවයව කරාද ගමන් කර ක්‍රියා කිරීම සිදුකරයි .
එවිට පෙනහලු මත පමණක් නොව අනිත් සියලුම ශරීරයේ අවයව මත ක්‍රියා කිරීම නිසා විවිධාකාර අතුරු ආබාධ ඇතිවේ
ඉන්හේලර් පාවිච්චි කරන්නේ නම් ඔබ මුලින්ම කුඹුරට තෙල් පොහොර දමනවා මෙන් පෙනහැල්ලට ම ඔබට අවශ්‍ය ඖෂධ ලබාදිය හැකිය. ඉතාම පහසු සහ වඩාත්ම ආරක්ෂාකාරී අතුරු ආබාධ වලින් තොරව ක්‍රමය එයයි.
එසේම කුඩා දරුවන්ට ඉන්හේලර් භාවිතය කිසිම අතුරු ආබාධයක් හෝ ගැටළුවක් නොමැත .

කුඩා දරුවන්ට දැනට වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කර ඇත්තේ ඉන්හේලර් භාවිතය පමණි.
පෙති වර්ග භාවිතයෙන් කුඩා දරුවන්ගේ ඇදුම/ හතිය පාලනය කිරීම කළ නොහැකිය.
එසේම ඒවා ගෙන් බොහෝ විට අතුරු ආබාධ ඇතිවන අතර යහපත් ප්‍රතිචාරයක් බොහෝවිට නොලැබේ.
ඔබ අධික ලෙස බිය යුතු නැත. ඉන්හේලර් යනු ඉතාම හොඳ ඖෂධ ක්‍රමවේදයක් වගේම අතුරු ආබාධ අඩු එකකි.
ගතයුතු කාලය, ප්‍රතිකාර කළ යුතු ආකාර වෛද්‍යවරුන් තීරණය කරනු ඇත.
එසේම එමඟින් අනාගත රෝගාබාධ සහ රෝහල් ගත වීමේ වාර ගාන බොහෝ ලෙස අඩු කිරීම සිදු කරයි.
ඒ පිළිබඳව ඔබගේ වයසක ආච්චිලා සීයලාගේ අදහස් පිළිනොගන්න මෙන් ඉල්ලන අතර එසේ කිරීමෙන් ඔබට හානියක් සිදුවෙයි. බොහෝ අය බය වී ඇත්තේ මේ මිත්‍යාවන්ටයි.
සමාජයේ තවත් දැකිය හැකි දෙයක් වන්නේ ඉන්හේලර් පාවිච්චි කරන අය ඉතාම අබල දුබල රෝගී පුද්ගලයන් බවට හංවඩු ගැසීමයි.
නමුත් එය එසේ නොවේ
ඉන්හේලර් පාවිච්චි කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ස්වසන අපහසුතා මඟහරවා ගැනීම සඳහා
වගේම ඇදුම රෝගීන් සඳහා . එනිසා වයසක පුද්ගලයෙක් හෝ කවුරුහරි ඉන්හේලර් පාවිච්චි කරන්නේ නම් ඔහු රෝගියකු වූ දරුණු අසනීප කාරයකු ලෙස නොසිතන්න.
එය සාමාන්‍ය තත්ත්වයකි .

කැස්සක් හැදුණු විට ඔබ ඉන්හේලර් ගත යුත්තේ උණට පැරසිටමෝල් ගන්නවා හා සමානවය.
මෙය ඉතාම සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් පමණි.
බොහෝ විට දරුවෙකුට ඉන්හේලර් පටන් ගන්නට වෛද්‍යවරයෙකු නිර්දේශ කරන විට මවුපියන් බොහෝ විට එකඟ නොවෙන්නෙ, දරුවා අසනීප කාරයෙකු ලෙස හංවඩු ගසයි කියන බියෙන් වෙන්න පුළුවන් .
මතක තබා ගන්න දරුවන්ට කැස්ස/ හතිය/ ඇදුම යන තත්ව වලදී බෙහෙත් ලබා දීමේ හොඳම ක්‍රමය වන්නේ ඉන්හේලර් බව.
ඔවුන්ට ඉතා ඉක්මනින් සුවය ලබා දෙන අතර, අතුරු ආබාධ අඩු ක්‍රමය වන්නේ ද ඉන්හේලර් පමණයි.
මේවා පිළිබඳ ඇති බොරු මිත්‍යා විශ්වාස පසෙකලා වෛද්‍යවරයෙක් ඉන්හේලර් නියම කලොත් එය නිවැරදිව පාවිච්චි කරන්න.
එමගින් ඔබට ලබාදෙන අනවශ්‍ය පෙති සහ සිරප් වර්ග වලින් ඔබගේ ජීවිතයට අතිශය හානිකර තත්වයන්ට පත්වීම වළක්වා ගත හැකිය.
මීළඟ ලිපියෙන් අපි ඉන්හේලර් පාවිච්චි කරන නිවැරදි ආකාරය ගැන කතා කරමු.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .