Posted on

දරුවන් කෑම ප්‍රතික්ෂේප කිරීම වලක්වමු
Stop food refusal of children

රොනිති සර්ධාතිලක

ඔබේ දරුවා පෝෂණය කිරීම දවසේ වඩාත් ආතති සහගත කාලය විය හැකියි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකේ සිට අවුරුදු 5 තෙක් දරුවන්ද කෑම ප්‍රතික්ෂේප කරනවා නම්  පහත දැක්වෙන උපාය මාර්ග යොදා බලන්න.
ඒවා කුඩා පියවරයන්ගෙන් ක්‍රියාත්මක කිරීම ගැන සිතා බලන්න. සහ දිගටම උත්සාහ කරන්න සාර්ථක වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.

1 දරුවන් සමඟ ආහාර ගන්න.

ආහාරයේ අවශ්‍යතාවය / වැදගත්කම ක්‍රියාවෙන් පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාව මෙයයි.

2 මේසයේ හෝ නිශ්චිත ස්ථානයක සිට ආහාර ගන්න.

එය දවසේ විශේෂ අවස්ථාවක් බව හඟවන්න. රූපවාහිනී ක්‍රියා විරහිත කරන්න.

3 නිතරම ක්ෂණික හෝ කෙටි කෑම දීමෙන් වලකින්න.

පැය භාගෙන් බාගෙට මුරුක්කු ටොෆි චොකලට් කඩල පැණි බීම වගේ දේවල් පුළුවන් තරම් දීමෙන් වලකින්න .
සාමාන්‍යයෙන් පැය දෙක තුනකට වරක් පෝෂ්‍යදායක කෑම දෙන්න.
එවිට  ක්‍රමයෙන් පරිවෘත්තිය සහ කුසගින්න චක්‍රයක් (metabolism and hunger cycle ) ලෙස සැකසෙනු ඇත.

4 කෑමට බල කරන්න එපා.තරවටු කරන්න බැණ වදින්න එපා.

කට බලෙන් ඇරල කෑම කටට දාන්න උත්සහ කරන්න එපා ඒකෙන් කෑම එපාවී කෑම සම්බන්ධයෙන් සෘණාත්මක හැඟීම් පහල වී කෑම සම්පූර්ණයෙන්ම  වර්ජනය කිරීමට පෙළඹෙන්න පුළුවන් .

5 රුචි අරුචිකම් විමසන්න

ෆ්‍රිජ් එක ඇරලා දරුවාගෙන් අහන්න, අද මොනවද මෙතන තියෙන ඒවගෙන් කන්න කැමති කියලා…
පොළට යන්න කලින් දරුවාගෙන් අහන්න ගේන්න ඕන එළවළු මොනවද කියලා…

6 කැමතිම එක දෙයක් හෝ එක වේලකට සාදන්න.

දරුවා කැමති නිසාම එය පිළියෙළ කල බව කියන්න.ඔහුට / ඇයට නිවසේ වැදගත්කමක් ලබාදී ඇති බව එයින් හඟවන්න.
ඒත් එක්ක තියෙන අනිත් කෑමත් හුරු කරන්න උත්සහ ගන්න.

7 ගෙදර හැමෝම එකම ආහාර වේලක් ගන්න.

එක්කෙනෙක් පාන් සහ බටර් තව කෙනෙක් ඇට වර්ගයක් තවත් කෙනෙක් බත් .මේ විදියට කරන්න එපා එවිට දරුවා කල්පනා කරනවා ඇයි ඒ කියලා එවිට දරුවාත් තියෙන ආහාර ඇර වෙනත්ම දෙයක් ඉල්ලන්නට පුළුවන් .

8 ගෙවත්තේ කෑමට ගත හැකි පළා ,එළවළු හැකි ලෙස වවන්න.

දරුවන් සහභාගි කරගන්න.
වගා කටයුතු අතර ඒවායේ වටිනාකම කියාදෙන්න.
දරුවන් එක්ක ඵල  නෙලන්න.
ගෙදර හැදුණු නිසා එහි වටිනාකම වැඩි බව කියා දෙන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .

(ෆේස්බුක් / twitter හාරහා ශෙයාර් කරන්න පුළුවන් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *