බෙරි බත සහ ළමා සංවර්ධනය
රොනිති සර්ධාතිලක
පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින්

කොහොමද මේ දෙක එකට ගැළපෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන් .
අපේ බබාට අවුරුදු දෙකක් වුණාට අතින් කන්නෙ නෑ… පිඟානට දීලා අහුලලා කන ටිකෙන් කොහෙද බඩ පිරෙන්නේ…
පැය ගාණක් බලන් ඉන්නත් බෑ.. ඊට වඩා ලේසියි බ්ලෙන්ඩර් කරලා කවන එක .
මේ කතාව මගේ මිතුරියන් මා සමඟත් පවසනවා..එවිට මාත් සිනාසී ප්‍රතිචාර දක්වනවා හැර එහි හොඳ නරක සහ එසේ නොකල යුතු ඇයි කියා පැහැදිලි කරන්නේ නැහැ.
ඔබ අතරත් එහෙම අය ඇති.
නමුත් වෙනස් වෙන්න ඕන ඇයි කියන කාරණාව ගැන මම අද කතා කරන්නම්.
ඉපදුණු ගමන් බිළිඳුන් දන්නේ අඬන්නට පමණයි .
කාළයත් සමඟ ක්‍රමයෙන් ලොකු වෙනකොට සිනාසෙන්නට පෙරළෙන්නට බඩ ගාන්නට හෝ දණ ගාණ්නට පටන් ගනී.
ඒ වගේම අත දිගුකර යමක් තදින් අල්ලා ගැනීමටත් ක්‍රමයෙන් ඇඟිලි වලින් පසුව ඇඟිලි තුඩු වලින් අල්ලා ගැනීමටත් හැකියාව ලබා ගනී.
ඔබ දන්නවා ඇති මේවා දරුවකුගේ සංවර්ධන අවධි වල සිදුවන වෙනස්කම් විදියට තමයි මේ එක එක ක්‍රියාකාරකම් ක්‍රමයෙන් කිරීමට දරුවා පෙළඹෙන්නේ.
දරුවන්ගේ වර්ධනය සහ සංවර්ධනය සඳහා මනාලෙස උපකාර කිරීමෙන් යහපත් පෞර්ෂයකින් හෙබි බුද්ධිමත් ,නිර්මාණශීලී ස්වාධීන දරුවෙක් බිහි කරන්න පුළුවන් .
නමුත් නිවසෙන්ම තමයි මේවා මොට කරන්නට දායක වෙන්නේ.
දරුවාට මාස 8-9 පමණ වන විට අතින් අල්ලා කෑමට හැකි දේවල් එකින් එක පුරුදු කිරීම සහ ඒ වනවිට බ්ලෙන්ඩ් කර කෑම ලබානොදීමටද මව්වරුන් පුරුදු විය යුතුය .
ඒ අතරේ තරමක කැබලි සහිත ආහාර හඳුන්වාදෙමින් කැවීමට පුළුවන් .
සියුම් චාලක ක්‍රියා වල සංවර්ධනය ( fine motor development ) සහ දළ චාලක ක්‍රියා වල සංවර්ධනය ( gross motor development ) සඳහා මේ අත හැසිරවීම ,ඇඟිලි හැසිරවීම දායක වෙනවා.
අම්මලාගේ පහසුවට කෑම බිම හැලෙන නිසා, පිරිසිදු කිරීම අපහසු නිසා, වැඩි වෙලාවක් මෙයට ගත වන නිසා වගේ කාරණා හේතුවෙන් බ්ලෙන්ඩ් කර කෑම කැවීමට ගොඩක් අය පුරුදු වෙලා.
ආහාර ජීරණය නිසි ලෙස සිදුවෙන්න ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය වගේම වර්ධනය සඳහා ක්‍රමයෙන් බෙරි බතේ සිට කැබලි හදුන්වාදීම වැදගත්.
වයසත් එක්ක ආහාර තුලින්ද
ටිකෙන් ටික විවිධ වර්ණ හැඩ දකින්න හැකි වන්නේ එවිටයි.
දැනටමත් ඔබ පහසුව වෙනුවෙන් දරුවාට අවුරුද්දෙන් පසුවත් බෙරි බත හෝ බ්ලෙන්ඩ් කර කෑම කවනවා නම් අද ඉඳන් පටන් ගන්න වෙනස් වෙන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම්