
වැසිකිළි හුරු කිරීම Potty training
රොනිති සර්ධාතිලක
දරුවන්ට potty training කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් පූර්ව ළමාවිය සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව ඇසුරෙන් විස්තර කෙරේ.
බඩගෑම, වාඩිවීම, ඇවිදීමට පුරුදු වීම වාගේම potty training මළ ,මුත්‍රා පිටකිරීමට පුහුණු වීමද දරුවා ලබන විශේෂ කුසලතාවයකි.
බොහෝ දරුවන් වයස මාස 18 සිට අවුරුදු 3 දක්වා වැසිකිළි පුහුණුව ආරම්භ කිරීමට සූදානම් කරන විට ඊට පෙර දරුවකු ප්‍රගුණ කල යුතු කරුණු කීපයක් ඇති බව ඔබ දන්නවාද ?
01. දරුවාගේ උනන්දුව සහ
කැමැත්ත .
02.දරුවා ඇඟ තෙමා නොගෙන සිටින කාළය පැය දෙකක් හෝ ඊට වැඩි වීම
03 දරුවාට අවශ්‍යතාවය දැනීම නිසා කලබලයෙන් එහෙ මෙහෙ දැඟලීම ( දොර රෙදි පිටුපස , ගෘහ භාණ්ඩ පිටුපස සැඟවීමට උත්සහ කිරීම .)
04.දරුවා ස්වාධීනත්වය පෙන්වීම.
( මට එය කරන්න පුළුවන් .ඔයා එන්න එපා වගේ දේවල් පැවසීම)
05. දරුවාට යට ඇඳුම පහලට කිරීමට හැකිවීම ( සමහරවිට ඉහළට කිරීමටත්)
06. දරුවාට උපදෙස් අනුගමනය කල හැකිවීම.
(නාන කාමරය සොයා ගැනීම,යට ඇඳුම පහළට කිරීම, නිවැරදි තැන වාඩි වීම, ….)

07. දරුවාට නිශ්චලව කෙටි වේලාවක් සිටීමට හැකි විය යුතුය .
එනම් ඉවසීමෙන් එකතැනක වාඩිවී සිටීමට අවශ්‍ය වීමයි.( හිර කරගෙන බලෙන් අල්ලාගෙන නොසිට)
08. දරුවාට හොඳින් ඇවිදීමට හැකිවිය යුතුය .
මේ කරුණු සම්පූර්ණ වීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වන අතර මනෝවිද්‍යාත්මකව සහ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්කම සහිතව , විස්තර සහිත ලිපියක් පසුව බලාපොරොත්තු වන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .