ගැස්ට්‍රයිටිස් හා කෑම
Reflux Disease
Dr Roshan Piyarathne
MBBS MD
(2019)

ගැස්ට්‍රයිටිස් /( Gastritis ) නම කියූ පමණින් අපේ සමාජයේ බොහෝ මිනිසුන් බොහෝ විස්තර දන්නා නමුත් ගැස්ට්‍රයිටිස් පිළිබඳ බොහෝ මිත්‍යා මත මිනිසුන් අතර පවතිනවා.
ගැස්ට්‍රයිටිස් යනු බොහෝ දෙනෙකුගේ සිතට වද දෙන රෝගී තත්වයකි.
වර්ග දෙකක් ඇති අතර, ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන්නේ ආමාශ බිත්තියේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක් හා ඒ සම්බන්ධව ඇති විය හැකි ආමාශ තුවාල හා සම්බන්ධ රෝගී තත්ත්වයන්ය.

reflux disease ලෙස හඳුන්වන්නේ
අමාශයේ පවතින අම්ල ගලනාලය දිගේ ඉහළට පැමිණීම නිසා ගලනාළයේ ඇතිවෙන වෙනස්කම් හා තුවාල තත්ත්වයන්ය.
ගැස්ට්‍රයිටිස් පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරියේදී දැක්වීමට බලාපොරොත්තු වන අතර අද මාතෘකාව වන්නේ ගැස්ට්‍රයිටිස් සහ ආහාර ගැටලුවයි.
එනම් මෙම තත්ත්වය අඩු කරන හා මෙම තත්ත්වය වැඩි කරන ආහාර පිළිබඳ හැඳින්වීම අද ලිපියේ මූලික අරමුණයි.
ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ගැටලුවක් නොවන ආහාර ද්‍රව්‍ය වන්නේ ,
-අඩු මේද , කිරි චීස්
-එලවළු
-ඇඹුල් අඩු පලතුරු
-කුකුල් මස් හා මාළු
-සෝයා
-තන්තු බහුල ආහාර

ගැස්ට්‍රයිටිස් වැඩිවිය හැකි ආහාර .
-දොඩම්, ෆැෂන් , අන්නාසි
-ගෝවා
-සත්ව පීකුදු
-අධික පිටි හා සීනි සහිත ආහාර
-Ketchup, සෝස්
නොගතයුතු ආහාර .
-අධික තෙල් සහිත
-අධික මිරිස්( spicy)
-grilled, fried Food
-කෝපි
-චොකලට්
-තක්කාලි, දෙහි
-කෝලා පාන වර්ග
-ඇල්කොහොල්

තමන්ගේ ගැස්ට්‍රයිටිස් වැඩිකරන වෙනත් ආහාර හදුනාගෙන ඒවා අවම කිරීම රෝගියා සතු කාර්‍යයකි .
ගැස්ට්‍රයිටිස් තත්ත්වය අඩුකර ගැනීමට ,
– ශරීරයේ බර අඩුකර ගන්න
– ඇදේ හිස පැත්ත ගඩොල්
කැට 2 තබා ඔසවාගන්න
– කුඩා ආහාර වේල් ගන්න
– නිදාගන්න පැය 2-3කට
කලින් කන්න
– හිර ඇදුම් ඉවත් කරන්න
– තන්තු බහුල ආහාර ගන්න
– ක්ශණික ආහාර, කඩ කෑම
නොගන්න
– මානසික ආතතිය පාලනය
කරන්න
– දුම් , අරක්කු පානය
නොකරන්න
සියලුම තොරතුරු
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical text books
වැනි ඉතා නිවැරදි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.
මෙය dostharapiy.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .