Posted on

අධික තරබාරු බවින් දුක්වෙන කාන්තාව

Dr. රොෂාන් පියරත්න MBBS MD

කාන්තාවක් ස්ථුල බවට පත්වීම යනු කාන්තාවට ඉතාමත් දුක්ඛිත තත්වයක් වන අතර එය ජීවිතයේ  සතුටු විනාශ කිරීමට හේතුවන කාරණයක් විය හැකිය.
මෙය අද ගොඩක් අයට තියෙන දරුණු ප්‍රශ්නයක් .

බොහෝ විට මෙයට ප්‍රතිකාර කිරීමේදී එකිනෙකාගේ අදහස්, උපදෙස් මත ක්‍රියා කරන අතර එහිදී හොඳ සහ නරක දෙකම ඇති වීම සිදුවේ.
විශේෂයෙන්ම වෘත්තීයවේදීන් නොවන අයගේ ආහාර පාලන සැලසුම් ( diet plans) අද සුලබව සමාජ ජාලා තුල හුවමාරු වෙනවා..

නමුත් මෙයට  ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් පළමුව ඒ සඳහා සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබා ගත යුතුය .

පලමුව ඩයටීශියන් හෝ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්  ලගට යාම නොකළ යුතුය .
එමගින් ඔබේ ස්ථුලභාවයට හේතුව  මග හැරීම සිදුවේ .
බොහෝ ස්ථුලභාවයට ප්‍රතිකාර කලහැකි හේතු පවතී .

සුදුසුකම් ඇති  වෛද්‍යවරයෙක්  ලවා පරීක්ෂා කිරීම කලයුතුය.
කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු  වන්නේ නම් මැනවි.
( සාමාන්‍යයෙන් ඔබ දක්වන විස්තර අනුව එය හුදෙක් ස්ථුලභාවය පමණක් වූ කාරණයක් නොවන බව පෙනී යයි.)
එම නිසා ඔබට පවතින රෝගී තත්වය සොයා බැලීම සිදු කළ යුතුය.

මහත්වීම සඳහා යම්කිසි රෝගී තත්වයක් හෝ වෙනත් කාරණයක් බලපා තිබිය හැකිය.
එය පැහැදිලිව සොයා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු අතර ඉන්පසුව ඒ සඳහා විසදුමක් ලබාදීම සිදුකරනු ලබයි.
එම තත්ත්වය  අධ්‍යයනය කිරීමෙන් පසුව ඔබ හට පෝෂණ වෛද්‍යවරයෙක් ළඟට යාමට හැකිය.

නමුත් එයට ප්‍රථම ව , ඇති රෝගී තත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යවේ. නැත හොත් එම තත්වය දිගට වර්ධනය වීමත් ඔබට නිසි ප්‍රතිකාර නො ලැබී යාමත්  ව්‍යායාම කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් නොමැති  වීමත් සිදුවිය හැකිය .

තවද මෙවැනි ස්ථුලභාවයෙන් පෙළෙන බොහෝ අයගේ හුස්ම ගැනීම නිරෝගී නොවන බවද,
රාත්‍රියට අධික ලෙස ගොරවන කෙනෙක් වීමේ සම්භාවිතාවද ඉතා ඉහළ බවද පෙනී යයි .

ස්ථුල කාන්තාවන්ට ව්‍යායාම කිරීම සහ ශරීරයේ බර අඩුකර ගැනීමට උත්සාහ දැරීම ඉතාම අපහසු කටයුත්තකි.

අප  වටා පවතින පරිසරය ඒ සඳහා සහයෝගයක් නොදැක්වීමත් බොහෝවිට යහළුවන් දෙමවුපියන් සහෝදරයන් පමණක් නොව බොහෝ අසල්වැසියන් පවා ඔවුන් විහිලුවට ලක් කිරීම  නිසා ඒ සඳහා බොහෝ චිත්ත ධෛර්යයක් ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි .

ඉතා බර අධික කාන්තාවකට දිවීම පැනීම සහ බොහෝ ව්‍යායාම කිරීම අපහසු වන අතර එසේ කිරීම ඉතා හානිදායක වියහැකිය .
එමගින්  ඔබගේ  දණහිස් සන්ධි ආතරයිටිස් තත්ත්වයට පත් වීම වේගවත් විය හැකිය.
එමනිසා ඔබට ගැලපෙන්නේ වේගයෙන් ඇවිදීමය.
වඩාත්ම සුදුසුම ව්‍යායාමය වන්නේ ඉණ වටක් ගිලී ජලය තුල ඇවිදීමේ ව්‍යායාම වන නමුත් එසේ කිරීමට  ලංකාව වැනි රටක අපහසු වන අතර එසේ කිරීමට පිහිනුම් තටාක ,වැව් හෝ ඇලක් වත් පාවිච්චි කළ යුතු වේ.

බොහෝ ස්ථුල කාන්තාවන්ට හෘදයාබාධ , අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග ඇතිවීමට  හැකියාව වැඩි බැවින් ඔබ බොහෝ ව්‍යායාම කිරීම සඳහා යොමු වීමට ප්‍රථම ඔබගේ ශරීර සෞඛ්‍යය සහ හෘදයේ තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටීම සුබදායී වේ.

Dr Roshan Piyarathne
#drroshanmd

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .

One Reply to “කාන්තාවන්ගේ අධික තරබාරුව obesity in women”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *