Posted on

දරුවන් අතර පරතරය Age gap between two children

රොනිති සර්ධාතිලක
ළමා මනෝවිද්‍යාව සහ පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරෙන්

දරුවන් අතර වයස පරතරය අවුරුදු කීයක් විය යුතුදැයි යන්න තීරණය කල යුත්තේ කවුද ?

එය තීරණය කල යුත්තේ දෙමාපියන් වන ඔබමයි.
නමුත් එසේ තීරණය කිරීම සහ හැම විටම එලෙසම සිදුවේ යැයි විශ්වාස කරන්නටත් බැහැ.

සමහර වෛද්‍යමය හේතු මත ඔබේ වෛද්‍යවරයා විසින් මේ ගැන ඔබට උපදෙස් දෙන්නටත් ඉඩ තිබෙනවා .
ඊට අමතරව බලාපොරොත්තු නොවන ලෙස දරු පිළිසිඳගැනීමක් සිදුවෙන්නත් පුළුවන් .

කෙසේ නමුත් පරතරය අඩු එනම් වසර එක හමාරක් දෙකක් වගේ පරතරයක් ඇතුව දරුවන් දෙදෙනෙක් බලාගැනීමේදී ළමා මනෝවිද්‍යාවට අනුව ලොකු දරුවා කෙරේ දැක්විය යුතු අවධානය සහ චර්‍යා සම්බන්ධයෙන් මේ ලිපිය සැකසෙන්නේ.

දෙවෙනි දරුවෙක් පැමිණි පසු පලමුවැන්නා ( වැඩිමල් දරුවා) තුල පහත ලක්ෂණ දකින්නට පුළුවන් .

Jealousy ඊර්ෂ්‍යාව

tantrums නිමා නොවන ලෙස කෝපයෙන් සිටීම

whining අධික ශබ්දයෙන් කෑ ගැසීම හෝ හැඩීම(නොනවත්වා දිගු වේලාවක් )

violence අලුත් දරුවාට හෝ මවට හානි කිරීම හෝ හානි කිරීමට උත්සහ කිරීම.

refusal others except mom මව හැර අනිත් සියලුම දෙනා ප්‍රතික්ෂේප කිරීම.

sleep regression නින්ද ට බාධා වීම/ නින්ද අඩුවීම

toilet regression මළ මුත්‍රා පිටකිරීමේ පුරුද්ද වෙනස් වීම/ අඩු වීම

කල් වේලා ඇතුවම දරුවා සූදානම් කිරීමෙන් සහ කුඩා ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළු අවම කරගන්න හැකිවන අතර දෙදෙනා අතර බැඳීම වැඩි කිරීමටත් වැඩිමල් දරුවා වෙත වැඩි අවධානයක් යොමු කිරීමත් ඉතාම වැදගත් දෙයක්.

අලුත උපන් බිළිඳාට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. ඔහුට හෝ ඇයට මුල් දිනවල අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් ලෙස  මව්කිරි සහ නින්දයි.

නමුත් වැඩිමල් දරුවාට වෙනදාටත් වඩා අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක්.

අලුත උපන් බිළිඳා සුරතල් කරනු දැකීම වැඩිමල් දරුවාගේ කණගාටුවට සහ ඊරිසියාවට හේතු විය හැකි නිසාත් දින කිහිපයකින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නටත් ඇති ඉඩකඩ වැඩිය.

එමනිසා වැඩිමල් දරුවා සම්බන්ධයෙන් ගැටළු ඇති නොවීමට කලහැකි දේවල් බලමු.

අලුත් බිළිඳා ඉපදෙන්නට පෙර සිට කල හැකි දේවල්_________________

අලුත් බබෙක් එන එක ගැන වයස අනුව ( තේරුම්ගත හැකි නම්)සුදුසු ලෙස කියාදීම.

තමාට තනියම කල හැකි වැඩ කරගැනීමට ඉඩ ලබාදීම.

උදා . තනියමකෑමට හැකි දේවල් කෑම සඳහා ඉඩ සලසා දීම.
ඇඳුම් ඇති තැනින් (කූඩයකින් වගේ ගේන්නට කීම)

අලුත් බිළිඳා උපන් පසු__________

හැකි සෑම වෙලාවෙම මව වැඩිමල් දරුවා සමඟ සිටීම.කැවීම නිදිකරවීම වගේ දේවල් මව අතින් කිරීමට හැකි නම් ඉතාම හොඳයි .

කුඩා වගකීම් පැවරීම ( නැපි ගෙන එන්න/ පිහින රෙදි ඔතන රෙදි ගෙනවිත් දීමට)

දෙදෙනා වෙන් නොකිරීම _
වැඩිහිටියෙකුගේ පූර්ණ අවධානය යටතේ , වැඩිමල් දරුවාට අලුත් බිළිඳා අසළට එන්නට වගේම ළඟින් ඉන්නට අවස්ථාව ලබාදිය යුතුය.

අලුත් බිළිඳා ගැන ආදරය ඇතිවෙන ලෙස කතා කිරීම.
ඒ දෙස බලමින් වැඩිමල් දරුවාගේ කුඩා කල ගැන කියා දීම.

එක්ව ඡායාරූප ගැනීම.
වැඩිමල් දරුවාගේ හිත රිදෙන ලෙස  අලුත් බිළිඳාගේ ඡායාරූප තනිව නොගැනීම සහ තනිව ගැනීමට අවශ්‍ය නම් වැඩිමල් දරුවා නිදාගෙන සිටින විට ගැනීම .

අලුත් බිළිඳාට මෙන්ම වැඩිමල් දරුවාටත් කුඩා ත්‍යාග සූදානම් කර තැබීම.

වයස පරතරය අනුව චර්‍යාවන් වෙනස් විය හැකි නිසා මුලින්ම ඒ ගැන අධ්‍යයනය කිරීමත් ඊට සූදානම් වීමත් ගැටළු අවම කිරීමට හේතු වේ.
නමුත් සූදානම් වන ආකාරයට නොවී වෙනස්ම ගැටළු ඇතිවීමට හැකි බවත් සිහිතබාගෙන ඊට සූදානම් වීමත් ඉතාම වැදගත් .

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *