Posted on

කරගැට කැඩීම
සන්ධි වලින් එන ශබ්ද

ඔබත් අත්වල ,කකුල්වල ,සන්ධිවල කරගැට කඩනවද?
එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න.

Dr රොෂාන් පියරත්න
MBBS MD
(විනාඩියක කියවීමක් )

සන්ධි සෑදී ඇත්තේ ඇටකටු  ,කාටිලේජ ,සන්ධි පටලය , සන්ධි තරලය, මාංශ පේශි  හා ටෙන්ඩන් එකතු වීමෙනි.

මෙම සන්ධිය  තුළ මේ සන්දියේ ඇති තරලයේ වායු ( ඔක්සිජන්  , නයිට්‍රජන් ,කාබන්ඩයොක්සයිඩ් )   ස්වභාවිකව ඇතිවේ.
මේවයින් වායු බුබුළු ඇතිවන අතර සන්ධිය එකවර නැමීම නිසා පොප් හඩින් කරගැට කැඩීයාම සිදුවේ .

මෙම තත්ත්වය හානිකර තත්ත්වයක් නොවේ .
මෙම වායු බුබුළු නිකන්ම දියවී යන නිසා කරගැට කැඩීම අවශ්‍ය නැත .

සන්ධි බොහොමයක මෙම තත්ත්වය සිදුවිය හැකිය.

අත්වල, කකුල්වල , ඇගිලිවල , බෙල්ලේ , කොන්දෙ  මෙම තත්ත්වය ඇති විය හැකිය.
බොහෝ විට මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර රෝගී තත්ත්වයක් නොවේ.

නමුත් එම සන්ධිය ඉදිමීම, රතුවීම, නමනවිට වේදනාවක් ඇති වීම වැනි තත්ත්වයන් ඇති වන්නේ නම් එය රෝගී තත්වයක පෙර නිමිත්තකි. බැවින් එවැනි තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වේ .

මීට අමතරව ඇතිල්ලෙන කර කර හඩ , සන්ධිය ගෙවී යාම නිසා සිදුවිය හැකිය .
සන්ධි වටා ඇති මාංශ පේශී , ටෙන්ඩන් ඇතිල්ලීම නිසා යම් යම් ශබ්ද ඇති විය හැකිය. ඇඟ මැලි කැඩීමේදී මෙය බොහෝ විට සිදුවේ.

ඊට අමතරව ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයේදී කාටිලේජ ගෙවීයාම, අස්ථි බිඳී කැඩී යාම, අස්ථි කැබලි කැඩී  සන්ධි  තුළ කැබලි පැවතීම සහ සන්ධි තුළ  කුඩා බිබිලි ඇතිවී තිබීම නිසා කර කර ශබ්දය  ඇතිවේ.

මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර මෙම තත්ත්වය රෝගී තත්වයකි.

බොහෝ අය කරගැට කැඩීම පුරුද්දට වගේ කරගෙන යන අතර මෙවැනි දීර්ඝකාලීන පුරුදු ඇති පුද්ගලයින්ගේ අතේ grip නැතහොත් අතේ  මිරිකා අල්ලා ගැනීමේ ශක්තිය අඩුවියහැකි බව පෙන්වා දී ඇති නමුත් කිසි විටෙක ආතරයිටිස් රෝගී තත්ත්වක් ඇති කිරීම කරන්නේ නැත.
එමෙන්ම  ආතරයිටිස් තිබෙන අයට වුවද සන්ධි වල කරගැට කැඩීම නිසා ආතරයිටිස් තත්ත්වය උත්සන්න වීමක් සිදුවන්නේ ද නැත.

කරගැට නොකැඩූ කෙනෙකු සොයා ගැනීම ඉතා අපහසු වේ.
නමුත් ඔවුන් කරගැට කැඩීම ගැන සත්‍ය නොදනී.
එබැවින් ඔබේ සියලු  මිතුරන්ට මෙම ලිපිය share  මගින් ඔවුන් එදිනෙදා සිදුකරන මෙම ක්‍රියාවලියේ සත්‍ය  වටහා ගැනීමට අවස්ථාව ලබා දෙන්න .

සියලුම තොරතුරු

Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical text books

වැනි  ඉතා නිවැරදි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *