විටමින් සී
vitamin C
රොනිති සර්ධාතිලක ඖෂධවේදී
Vitamin c tablets
විටමින් සී ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රධාන විටමින් වර්ගයක් .
මෙය ශරීරයට නිපදවිය නොහැකි අතර ,
ශරීරයේ පැවැත්ම සඳහා විශේෂිත ප්‍රතිලාභ රැසක් විටමින් C මඟින් ලබාදෙයි.
එය ජලයේ ද්‍රාව්‍ය විටමිනයක් වන අතර දොඩම්, නෙල්ලි, ස්ට්‍රෝබෙරි, බෙල් පෙපර් , මල්ගෝවා , තක්කාලි , සහ නිවිති ඇතුළු බොහෝ පලතුරු හා එළවළු වල දක්නට ලැබේ.
Broccoli with lime
විටමින් සී සඳහා නිර්දේශිත දෛනික පරිභෝජනය කාන්තාවන් සඳහා 75 mg සහ පිරිමින් සඳහා 90 mg වේ. (එය සාමාන්‍යයෙන් පොදුවේ 65mg සිට 90 mg දක්වා වේ.)
මේ ප්‍රමාණය ආහාර මඟින් සපුරාගැනීම අපහසු නැත.
විටමින් C වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ
විටමින් සී යනු ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයකි.[ Antioxidant.]
මේවා රුධිරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ නංවයි.
මෙය හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
විටමින් සී අඩංගු ආහාර මඟින් රුධිර පීඩනය අඩු කිරීමට දායකත්වයක් සපයයි.
නමුත් විටමින් C රුධිර පීඩනය අඩු කිරීමේ ඖෂධයක් නොවේ.

විටමින් සී , හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
මෙමඟින් “නරක” එල් . ඩී . එල් . [ Bad LDL cholesterol ] කොලෙස්ටරෝල් සහ රුධිර ට්‍රයිග්ලිසරයිඩ [ triglyceride ] ඇතුළු හෘද රෝග අවදානම් සාධක අඩු කළ හැකිය.
විටමින් සී බහුල ආහාර රුධිරයේ යූරික් අම්ල මට්ටම අඩු කිරීම සහ රක්තවාතය [ gout disease ] ඇතිවීමේ අවදානම අඩු කිරීම සමඟ සම්බන්ධ වී ඇත.
විටමින් සී මගින් මස් රහිත ප්‍රභවයන්ගේ ඇති යකඩ වැනි දුර්වල ලෙස අවශෝෂණය වන යකඩ අවශෝෂණය වැඩි දියුණු කළ හැකිය. එය යකඩ ඌණතාවයේ අවදානම ද අඩු කරයි.
විටමින් සී මඟින් ,සුදු රුධිරාණු වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කිරීමට සහ ඔබේ සමේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම නිසා තුවාල වේගයෙන් සුව කිරීමට උදව් කිරීමෙන් ප්‍රතිශක්තිය වැඩි කරයි.

අඩු විටමින් සී මට්ටම ඩිමෙන්ශියාව වැනි මතකය හා චින්තන ආබාධ ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති අතර ආහාර වලින් ලැබෙන විටමින් සී මඟින් මේවායින් ආරක්ෂාවීමේ හැකියාවක් ඇති වේ .
විටමින් අතිරේක ලබාගැනීම වෛද්‍ය නිර්දේශය අනුව සිදුකිරීම වඩාත්ම යෝග්‍ය වේ .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම්
ස්තූතියි
😍😍