Posted on

Dr රොෂාන් පියරත්න
MBBS MD
විනාඩි 2ක කියවීමක්
(2019)

ලංකාවේ ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ඉතාම පහළ මට්ටමක පවතී.
තරුණ පරම්පරාවට ලිංගික ගැටලු වලට විසඳුම් ලබා ගැනීමේ ක්‍රමයක් නොමැතිවීම බොහෝ ගැටලු නිර්මාණය වීමට හේතුවක් බව පෙනී යයි.
රෝහල්වල බොහෝ විට අපට හමු වන්නේ ,
ඉතාම සුළු හා විසඳුම් ලබාදිය හැකි තත්වයන් වලින් පීඩාකාරී බවට පත්වීම නිසා  සිය දිවිනසා ගැනීමට පෙළඹෙන හා මානසික ආතිය වැනි තත්ත්ව වලින් ඉතාම අසතුටින් ජීවත්වන කාන්තාවන්ය.

ලිංගික අධ්‍යාපන මට්ටම රෝහල්වල සේවය කරන සේවක සේවිකාවන් ගේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අයගේ ද ඉතා අවම මට්ටමක පවතින බව බොහෝ විට පෙනී යන සත්‍යයකි.

කාන්තාවන්ගේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට උපදෙස් ලබා දීම කළ යුතු නිසා වෛද්‍ය අධ්‍යාපන අරමුණින් ලිපි ලිවීම සිදුකරන අතර මෙහි පවතින ලිංගික තත්ත්වයන් කිසිවිටෙකත් ලිංගිකත්වය උද්දීපනය කිරීමට අදහස් කර ලියන ඒවා නොවෙයි.

කාන්තාවන් සියයට තිහකට පමණ ලිංගාශ්‍රිතව ඇතිවන වේදනාවන් ඇත .
මෙය ඉතා සුළු වේදනාවක සිට ඉතා දරුණු වේදනාවක පරාසයක  පවතින අතර මේ සඳහා විවිධ හේතු පවතී.

වේදනාව ඇතිවීම සඳහා,

– සමාජ රෝග තත්ත්වයන්  අනෙකුත් බැක්ටීරියා වෛරස දිලීර ඇතිවන රෝග තත්ත්වයන්  බලපායි

– වැරදි ඉරියව්
ලිංගික කාරියේදි සිදුවන වැරදි ඉරියව් නිසා අසහනකාරී වේදනාකාරී  තත්ත්වයක් ඇතිවිය හැකිය.

– ආර්තවහරණය
නිසා ඇතිවන යෝනි මාර්ගයේ වියළි බව නිසා වේදනාවක් ඇති වේ.

– ලිංගික පිළිකා තත්ත්වයන් නිසා ද වේදනාවක් ඇති වේ.

– ස්නායු ආබාධ නිසා
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම වියහැකිය.

– භය, කුඩා කාලයේ දී සිදු වූ අතවර,
ස්ත්‍රී දූෂණ සහ  මානසික ප්‍රශ්න නිසා ඇති වන වේදනාවන් ද  සමාජයේ සුලබව පවතී.

– සබඳකම්වල ඇතිවන ගැටලු නිසා, තම ස්වාමියාගේ හෝ සහකරුවාගේ නොගැලපීම, අකමැති බව සහ ඔවුන්ගෙන් සිදුවන අතවර නිසා. 

– ලිංගික අවයව වල සිදුවන වෙනස්කම් නිසාද ලිංගික වේදනාවන් ඇතිවේ.

මෙහිදී එම අවයව ආශ්‍රිත ශල්‍යකර්ම ( operation )  නිසා, තුවාල නිසා ඇතිවන කැළැල්, උපතින් සිදුවන හානිවීම් හා විකෘතිතාවයන් නිසාද,
ලිංග ආශ්‍රිතව පවතින ගර්භාෂය , මුත්‍ර මාර්ගය , ගුද මාර්ගය හා බඩවැල් ආශ්‍රිතව ඇතිවන තත්වයන්ද
හන්දි මාංශපේශී කොන්දේ ඇතිවන වේදනාත්මක තත්වයන් නිසාද ලිංගික කාර්යය සහ ඒ ආශ්‍රිත වේදනාවන් ඇති වීම සිදුවිය හැකිය.

ලිංගික වේදනාවන් වර්ග තුනකි.

1)
Vulvodynia
යෝනි මාර්ගයේ ඇතිවන දිගට පවතින වේදනාව

2)
vaginismus වැජිනිස්මස්
ලිංගික කාර්යයේ දී යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර සහ ඇතුල් කිරීමේදී ඇතිවන වේදනාත්මක තත්වය

3)
ඩිස්පැරූනියා dysparunia
ලිංගික කාර්යය සිදුකරන අතරතුර සිදුවන වේදනාත්මක තත්වය.

මේ තත්වයන් වලට ,

-එන්ඩොමෙට්‍රියෝසිස්
-ආසාදන තත්වයන්
-ස්ත්‍රී දූෂණ, අතවර  තත්වයන් නිසා ඇතිවන මානසික බලපෑම
-ආර්තවහරණය  නිසා ඇතිවන යෝනි මාර්ගයේ  වියලි තත්වය බොහෝවිට බලපායි .

මෙවැනි ගැටළුවක් ඇත්නම් පළපුරුදු වෛද්‍යවරයෙකු/ VOG [ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ]හමුවී බෙහෙත් ගැනීම මගින් ඔබගේ වේදනාව ඉතා සරලව විසදාගත හැකියි.

පවුල් ජීවිතයේ සහ ලිංගික ජීවිතයේ සතුට පවත්වා ගැනීමට එය හේතුවක් වනු ඇත.

සියලුම තොරතුරු
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical text books
වැනි  ඉතා නිවැරදි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි, උපුටාගැනීම තහනම් .

3 Replies to “කාන්තා ලිංගාශ්‍රිත වේදනාව Genital pain in women”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *