Posted on

දරුවන් ලේබල් කිරීම

රොනිති සර්ධාතිලක
පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින්

දරුවන් ලේබල් කිරීම කියන්නේ මොකද්ද ?
ගොඩක් දුරට අපි කවුරුත් දන්න දෙයක්.

මේකෙ කොටස් දෙකක් තියෙනවා

ධනාත්මක ලෙස සහ සෘණාත්මක ලෙස [ positive labeling and negative labeling ]

අපේ පුතා දක්ෂයා… හැමදේම දන්නවා නේ…
Clever boy!
Cute girl….! මෙයා තමයි ලස්සනම බලන්නකො…

මේ සඳහන් කලේ positive labeling  සම්බන්ධයෙන් ඔයාලට පොඩි අදහසක් ගන්න.

මෝඩය ! ගොනා..! හැමදාම කරොත් ගොන් වැඩක්!
පිස්සුද ළමයො මොකද්ද ඔය කරන්නේ!

ඒ මම සඳහන් කලේ negative labeling සම්බන්ධයෙන්

කොහොමද දරුවෙකුගේ වර්ධනය සඳහා මේ labeling  කියන දේ බලපාන්නේ..

පූර්ව ළමාවිය කියන්නේ දරුවන් බොහෝ දේවල් ග්‍රහණය කරගන්නා අලුත් අත් හදාබැලීම් කරමින් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරමින් බොහෝ දේ උගනින සමයක්.

උපතේ සිට වයස අවු 8 ක් තෙක් තමයි පූර්ව ළමාවිය කියලා හඳුන්වන්නේ.
ඉතින් ඔබ දැනටමත් දන්නවා ඇති මේ කාලය සියලුම අංශ වලින් දරුවාගේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බව.

ඒ වගේම එයින් සිදුවන බලපෑම ජීවිත කාළයටම යම් යම් දේ එකතු කරදෙනවා..
පසු කාලීනව පෞර්ෂ ආබාධ වලට හේතු වන්නේ පූර්ව ළමාවියේ සිදුවන සංවර්ධන ගැටළු බව පර්‍යේශණ මඟින් පැහැදිලි කරනවා.

Positive labeling 

මෙයට ලක්වන දරුවෙක් කුඩා කලදී නම් අම්මාගෙන් තාත්තාගෙන් අත්තම්මා සීයා වගේ හැමෝගෙන්ම නිතරම හොඳයි හොඳයි කියන එක අහලා සතුටු වෙනවා.

පාසැල් ගිය පසු ටිකෙන් ටික ලොකු වෙනකොට තමයි ගැටළු එකිනෙක මතුවෙන්නේ.

මොකද කුඩා කලදී ගෙදරින් නෑදෑයන්ගෙන් ලැබුණු පිළිගැනීම සම වයස් මිතුරු මිතුරියන්ගෙන්  ටිකෙන් ටික නොලැබී යන්නට පටන් ගන්නවා.
ටිකක් වැඩිහිටි  වයසට එනකොට අනෙක් අය, එය සුළු ලෙස වත් නොතකා හරින කාරණයක් බවට පත් වෙනවා..
තමන් ඇතිකරගෙන හිටපු මාන්නය බිඳවැටෙන්නට පටන් ගන්නා නිසා මානසිකව ඇදවැටෙනවා.
මිතුරු මිතුරියන් පවා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්වත්  එපා වෙනවා.

එය පසු කාලීනව පෞර්ෂ දුර්වලතා ඇතිවෙන්න බලපාන ප්‍රධාන හේතුවක් වන බව පර්‍යේශණ මඟින් හඳුනාගෙන තියෙනවා.

ඊළඟ කාරණය තමයි 
Negative labeling 

කුඩා කල සිටම කරන කරන දේ ට බැණුම් ,දොස් අසමින් ඒවාට ලක්වෙන දරුවා සෘණාත්මක ලේබල් යටතට වැටෙනවා.
බොහෝ දුරට දෙමව්පියන්ගෙන් සමහරවිට පාසලේදීත් මෙසේ සෘණාත්මක ලෙස ලේබල් වැදීම එම දරුවා වැරදි දේම කිරීමට අනුබලදීමක් හෝ  පෙළඹවීමක් බවට පත් වෙනවා.

ඔහු දන්නවා ඔහු මොනව කලත් දොස් අස්න්නට නරක නාම අසන්නට වන බව.ඉතින් ටිකෙන් ටික ලොකු වුණත් වැරදි කිරීමට පසුබට වන්නේ නැහැ.
ඒ ඔහුට negative ලේබලය අනිවාර්යයෙන්ම වදින බව ඔහු දන්නා නිසා.

එය දීර්ගකාලීනව බැලූ විට අයහපත් ප්‍රථිපල ගෙනදෙන කාරණයක්.

මානසික ආබාධ , පෞර්ෂ ගැටළු වාගේම අනාගතයේ නීතිවිරෝධී ක්‍රියා සඳහා පෙළඹෙන්නේ බොහෝ දුරට කුඩා කල මෙසේ සෘණාත්මක ලේබල් වලට ලක්වූ දරුවන් බවත් පර්‍යේශණ මඟින් හඳුනාගෙන තියෙනවා .

බුද්ධිමත් දෙමාපියන් ලෙස දරුවන් ලේබල් නොකිරීමට අප අනිවාර්යයෙන්ම ක්‍රියාකල යුතුය.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .

2 Replies to “දරුවන් ලේබල් කිරීම Labeling children”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *