Posted on

බෙහෙතක් ගැන 01

රොනිති සර්ධාතිලක ඖෂධවේදී

උපත්පාලන ක්‍රම කිහිපයක් ඇති අතර අද මා තොරතුරු ගෙන එන්නේ හදිසි උපත්පාලන පෙති සම්බන්ධයෙන් පමණයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු හදිසි උපත්පාලන පෙති පාවිච්චි කරන්න පුලුවන් බව දැනටමත් ඔබ දන්නවා ඇති.

ඒ වාගේම ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන උපත්පාලන ක්‍රමය අඩාල වූ විට ඊට කෙටි විසඳුමක් ලෙස හදිසි උපත්පාලන පෙති භාවිතා කරන්නත් පුලුවන් .

ඒ වාගේම විශේෂයෙන්ම සිහි තබා ගන්න,

ගැහැණු දරුවෙක් / කාන්තාවක් දූෂණයට ලක්වූ විට හදිසි ගැබ් ගැනීම වැලැක්වීමට මේ බෙහෙත් පාවිච්චි කල හැක.

මේවා හෝර්මෝන යොදාගනිමින් සකසන ලද ගිලින පෙති වේ..

ඉහතින් සඳහන් කල අවස්ථාවකින් පැය 72 ක් ඇතුලත ඖෂධ මාත්‍රාව පානය කලයුතුය.

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු හැකිතාක් ඉක්මනින් පෙති පානය කිරීම බෙහෙතෙන් ලැබෙන ප්‍රථිපලදායක බව ඉහළ නංවයි.

මේවායේ අතුරු ආබාධ

  • හිසරදය / කැරකිල්ල
  • ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා
  • අක්‍රමවත් යෝනී රුධිර වහනයන්
  • ඔක්කාරය \ වමනය
  • පියයුරු වල තද ගතිය.

ඉගත අතුරු ආබාධ ඇතිවීම සියලු දෙනාටම එකලෙස ඇතිවන්නේ නැහැ .

මෙම ඖෂධ නොගතයුතු අය

.පියයුරු පිළිකා වැළදී වසර 5 ක් ඇතුලත කාන්තාවන්
[History of breast cancer ]
.රෝග විනිශ්චය නොකල යෝනී රුධිර වහන ඇති කාන්තාවන්
[ undiagnosed vaginal bleeding ]
.ධමනි වල රෝග තත්ව ඇති කාන්තාවන්
[ severe arterial diseases ]

මේ ලිපිය සැකසුණේ හදිසි උපත්පාලන පෙති සම්බන්ධයෙන් පමණයි.

සාමාන්‍ය මාසිකව භාවිතා කරන උපත්පාලන පෙති පිළිබඳව ඊළග ලිපියෙන් හමුවෙමු.

තව අයට බලන්න ,පෝස්ට් එක ශෙයා කරන්න ,ගැටළු ඇත්නම් විමසන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *